සේපාල් ද හයිජැකර්…

Share post:

ඔය සේපාල් කියන මිනිහගේ ප්‍රකාශ හෝ යූබටේ තියන ඒවා ගැන මෙලෝ රහක් මට නැති උනාට මෙහෙම එකක් මෙතන තියනවා.

එකක් තමයි මිනිහත් කතා කරන්නේ සෑහෙන ලොකු ෆෑන් බේස් එකකට කියන එක. එහෙම ෆෑන් බේස් එකක් හැදෙන්න හෝ හදාගන්න මිහිහට හැකිවෙලා තියනවා. ඒ කියන්නේ මිනිහ කියන දේවල් මට රහක් නැති උනාට ඒවා අහන සෙට් එකක් ඉන්නවා කියන එක. ඒ ශ්‍රාවක ප්‍රජාව ලංකාවේ හැටියට සෑහෙන පිරිසක් කියන එක. අන්තිමට එයාල චන්දදායකයෝ වෙනවා. සාම්පල් එකක් හැටියට ඒ තීරුව නොසලකා ඉන්න බැහැ.

අනික තමයි වැදගත් කාරණේ. පහුගිය අවුරුද්දේ අගභාගයේ ඔය ”අරගලය” යම් යම් ජයග්‍රහණ වෙත ගමන්කරන කාලේ මට මතකයි කට්ටිය කිව්වා දැන් ඔය මොනවා කිව්වත් චන්දයක් කිට්ටු වෙනකොට මාවනැල්ල දිහා බුදුපිළිමෙකට ගලක් ගැහුවොත් ඔය සියලු දේ ආපහු හරවන්න ගතවෙන්නේ පොඩි වෙලාවයි කියන එක.

දැන් සේපාල් කාරය බුදු පිළිමෙට නෙවෙයි කෙළින්ම මුදුන්මල් කඩටම වාචික ගල ගහල තියෙන්නේ. ඒක ප්‍රභාකරන් ගහපු භෞතික බෝම්බෙටත් වඩා ප්‍රතිරාව නංවනවා සමහර තැන්වල.

ඒ නිසා මට මේකේ පොඩි කුමන්ත්‍රණ ගතියක් පේනවා. ව්‍යාජ ගතියක් පේනවා. තිරපිටපතක් පේනවා.
මොකද දැන් ආයෙත් බෞද්ධ ජීවන ලෝකය වනසන්න ආපු ”සතුරෙක්” ඉන්නවා. අනිකෙක් ඉන්නවා. දැන් ඉතාම පහසුයි මේ සතුරාගෙන් අපිව බේරගන්න සංවිධානය වෙන්න. ජාතියේ ගැළවුම්කරුවා වෙන්න. බර දේවල් සියල්ල යට ගිහිල්ල ලබු කබල් උඩට මතුවෙන්න.

සාගින්න, බේත් හේත් නැති එක, ජීවන අරගලය, ඉන්ධන ප්‍රශ්න, ප්‍රවාහන ප්‍රශ්න, රැකියා නැතිවීම, අප්පට සිරි වෙන බදු අයකිරීම, උසස් අධ්‍යාපනයේ අර්බුද, සංක්‍රමණ ගැටළු මේ සියල්ල යට ගිහිල්ල ව්‍යාජ ආගමික ප්‍රශ්න මේ එක්ක උඩට එන්න නියමිතයි. ඒකයි මේක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබද නිර්මිතයක් නොවන්නේ.

මේ වෙලාවේ ලංකාවේ එකම – දැවෙන ප්‍රශ්නේ දළදා මාලිගාව නෙවෙයි. හැබැයි ප්‍රතිගාමී බලවේගවලට අවශ්‍ය ව්‍යාජ දෘෂ්ටිවාදයක් අධිනිශ්චය කරන එක. ඒ කරලා ඇත්ත ගැටළු බයිපාස් කරන එක. වෙන වචනයකින් කිව්වොත් ඇත්ත ප්‍රශ්න හයිජැක් කරන එක.

ඇත්තටම ගුවන් යානයක් පැහැරගෙන වෙනත් ගමනාන්තයක් කරා අරන් යන්න හදපු ශ්‍රී ලාංකිකයා තමයි සේපාල ඒකනායක. ඒ කියන්නේ පළමු හයිජැකර් (hijacker) සේපාල. මෙයා සේපාල්. මෙයා කරන්නේ ලංකාවම හයිජැක් කරන්න හදන එක.

දළදාව ඔය තියන තැනක තිබ්බාවේ. ඕවට අහුවෙන්න එපා. 7 Days in Entabbe (2018) චිත්‍රපටියේ වගේ අපි වැඩේ අපේ අතට ගම්මු.

Image@7 Days in Entabbe

මහේෂ් හපුගොඩ

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...