දසුන්ගේ පිතිහරඹය පන්දු යැවීම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

Share post:

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 16 තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව හැකිවූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට ලබාදුන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය.

පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව පන්දුවාර 8.2කදී ලකුණු 80ක් රැස්කළේය.

මෙන්ඩිස් ලකුණු 52කටත්, පැතුම් නිස්සංක ලකුණු 33කටත් දැවීගිය පසු භානුක රාජපක්ෂ ලකුණු 02කට සහ ධනංජය සිල්වා ලකුණු 03කට දැවීගිය අතර චරිත් අසලංක ලකුණු 37ක් ( 6 පහර 4ක් අයත් ) රැස්කළේ පන්දු 19 කින් වීම විශේෂයකි.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් ට ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට ක සමත් විය.

මලික් ගේ පන්දු ඕවර 4 දී ලකුණු 48ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. කෙසේ නමුත් මලික් කඩුලු 3ක් දවා ගත්තේය.

දසුන් ශානක පන්දු 22කදී 6 පහර 6ක් සමඟ නොදැවී ලකුණු 56ක් ලබාගත්තේය.

මේ අතර ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි.

ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළේය.

ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 05 ලකුණු 57ක් වනවිට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ මහත් වූ නමුත් අක්ෂා පටේල් සහ සූර්යකුමාර් යාදෙව් 06 වන කඩුල්ල සඳහා ලකුණු 91ක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම කඩාවැටුණු ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ගේ උද්යෝගයට රුකුලක් විය.

අක්ෂා පටේල් පන්දු 20කදී සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය.

මේ අතර වනිදු හසරංගට එරෙහිව T20 ජාත්‍යන්තර තරගයකදී එක් ඕවරයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් කරමින් අක්ෂා සහ සූර්යකුමාර් හසරංගගේ තෙවැනි ඕවරයේදී ලකුණු 26ක් ලබාගැනීම විශේෂයකි.

ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය එළිපත්තට රැගෙන ආ අක්ෂාර් පතෙල් තරගයේ 19 වැනි පන්දුවාරයේ තුන්වෙනි පන්දුවේදී දැවී ගියේ ලකුණු 65 ක් ලබා සිටියදීය.

සූර්යකුමාර් යාදෙව් ව ලකුණු 51කට දවාගැනීමට දිල්ෂාන් මධුශංක සමත් විය.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු හතරකට කඩුලු දෙකක්, කසුන් රාජිත ලකුණු 22 කට කඩුලු දෙකක් සහ ඩිල්ෂාන් මධුශංක ලකුණු 45ක ට කඩුලු දෙකක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව

පැතුම් නිස්සංක – ඇ.ත්‍රිපාති ප.අක්සර් 33

කුසල් මෙන්ඩිස් – ක.මු. කළා. ප.චාහල් 52

භානුක රාජපක්ෂ – ප.මලික් 2

චරිත් අසලංක – ඇ.ගිල් ප.මලික් 37

ධනංජය ද සිල්වා – ඇ.හූඩා ප.අක්සර් 3

දසුන් ශානක – නොදැවී 56

වනිඳු හසරංග – ප.මලික් 0

චාමික කරුණාරත්න – නොදැවී 11

අතිරේක 12

එකතුව ඕවර 20 කදී කඩුලු 6 කට 206

ඉන්දියාව

ඉෂාන් කිෂන් – ප.රාජිත 2

ශුබ්මන් ගිල් – ඇ.තීක්ෂණ ප.රාජිත 5

රාහුල් ත්‍රිපාති – ඇ.මෙන්ඩිස් ප.මධුෂංක 5

සූර්යකුමාර් යාදව් – ඇ.හසරංග ප.මධුෂංක 51

හර්දීක් පණ්ඩ්‍යා – ඇ.මෙන්ඩිස් ප.චාමික 12

දීපක් හූඩා – ඇ.ධනංජය ප.හසරංග 9

අක්සර් පටේල් – ඇ.චාමික ප.ශානක 65

ශිවම් මාවි – ඇ.තීක්ෂණ ප.ශානක 26

උම්රාන් මලික් – නොදැවී 1

අතිරේක 14

එකතුව ඕවර 20 කදී කඩුලු 8 කට 190

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...