Avatar – 2 චිත්‍රපටය ලෝක බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

Share post:

ඇමෙරිකානු ජාතික අද්විතීය සිනමාකරු ජේම්ස් කැමරන් ( James Cameron ) විසින් නිර්මාණය කරන ලද Avatar ~ 2 : The Way of Water – 2022 චිත්‍රපටය මේවනවිට ලෝකයේ බොකස් ඔෆීස් වාර්තා අලුත් කරමින් ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයාගේ ඉමහත් ආකර්ෂණය හා ප්‍රසාදය මධ්‍යයේ තවදුරටත් අති- සාර්ථකව තිරගත වන්නේ ය. පසුගිය දෙසැම්බර් 16 වෙනි දින සිට ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරන මෙම චිත්‍රපටය සති දෙකක් පමණ කාලයක් තුළ ලද බොක්ස් ඔෆිස් වාර්තාව ඩොලර් මිලියන 1.410 ක් වන බව වාර්තා වේ. ( චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 250 කි . ) . මෙම චිත්‍රපටය ලොවපුරා බෙදාහරින ලද Twentieth Century Fox සමාගමේ ප්‍රකාශකයකු පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජනවාරි මාසය තුළ ඔවුන්ගේ ආසන්න ඉලක්කය ඩොලර් මිලියන 2000 ක් බවයි.

ලොව විශාලතම සිනමා සංකීර්ණය වන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රෙඩ් නගරයේ පිහිටි Kinepolis Madrid ය.එහි ප්‍රේක්ෂක ධාරිතාව 9.200 කි. එහිදී සති දෙකක් ඇතුලත මෙම චිත්‍රපටය නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂයකට අධික බව වාර්තා වේ.

Avatar ~ 2 : The Way of Water චිත්‍රපටය වඩාත් වැදගත් වන්නේ ලෝක නව සිනමා තාක්ෂණය ( World New Film Technology ) පැත්තෙන් ය. මෙම ෂානරයේ චිත්‍රපට ලෝක සිනමාව යවත්කාලීන කරනු පිණිස නිරන්තරයෙන්ම අවැසි වන අතර එමගින් ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය ද යවත්කාලීන වන්නේ ය. එය ලෝක සිනමාව මාධ්‍යයේ අනාගත ස්ථිරසාර පැවැත්ම වෙනුවෙන් ද එහි ප්‍රබල ධාරාවන් දෙක වන කලාත්මක හා වාණිජ චිත්‍රපටවල සාධනීය පැවැත්ම වෙනුවෙන් ද අතිශයින්ම වැදගත් වන්නේ ය.

එපමණක්ද නොව ලෝක පරිසර සංගම් හා පරිසරවේදීන් ඉතා ඉහළින්ම මෙම චිත්‍රපටය අගය කර ඇත්තේ ය.මෙමගින් පරිසරය නොඑසේනම් සොබාදහමේ පැවැත්ම මිනිසාගේ ස්ථිරසාර යහපැවැත්ම වෙනුවෙන් කොතරම්දුරට අවශ්‍ය ද යන්න ඉතා සූක්ෂම ආකාරයෙන් ප්‍රේක්ෂක හදවතේ තැම්පත් කිරීමට මෙහි අධ්‍යක්ෂකවරයා වෙසෙසින්ම සභත් වී ඇත්තේ ය.. ඊට මෙම චිත්‍රපටයේ තල්මසා සමගින් කෙරෙන මානුෂීය මිත්‍රත්වය කදිම නිදසුනක් වන්නේ ය.

මෙමගින් ගම්‍ය වන සත්‍ය කුමක්ද ? එනම් ඒ සිනමා මාධ්‍යය ලෝක සන්දර්භය තුළ කොතරම් ප්‍රබලද යන්න නොවේද ? කෙටියෙන් කිවහොත් එය ලෝක ජනතාව කොතරම් දුරට ඇඳ-බැඳ තබාගැනීමට සමත් ද ? මට මෙම සටහන තුළින් ශ්‍රී ලාංකේය සිනමාවේ ලැගසිටින ඇත්තන්ට ඒත්තු ගැන්වීමට අවශ්‍ය වූ විශේෂ කාරණාව වන්නේ ද මෙයයි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...