Avatar – 2 චිත්‍රපටය ලෝක බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

Share post:

ඇමෙරිකානු ජාතික අද්විතීය සිනමාකරු ජේම්ස් කැමරන් ( James Cameron ) විසින් නිර්මාණය කරන ලද Avatar ~ 2 : The Way of Water – 2022 චිත්‍රපටය මේවනවිට ලෝකයේ බොකස් ඔෆීස් වාර්තා අලුත් කරමින් ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයාගේ ඉමහත් ආකර්ෂණය හා ප්‍රසාදය මධ්‍යයේ තවදුරටත් අති- සාර්ථකව තිරගත වන්නේ ය. පසුගිය දෙසැම්බර් 16 වෙනි දින සිට ලෝක ප්‍රදර්ශනය ආරම්භ කරන මෙම චිත්‍රපටය සති දෙකක් පමණ කාලයක් තුළ ලද බොක්ස් ඔෆිස් වාර්තාව ඩොලර් මිලියන 1.410 ක් වන බව වාර්තා වේ. ( චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඩොලර් මිලියන 250 කි . ) . මෙම චිත්‍රපටය ලොවපුරා බෙදාහරින ලද Twentieth Century Fox සමාගමේ ප්‍රකාශකයකු පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ජනවාරි මාසය තුළ ඔවුන්ගේ ආසන්න ඉලක්කය ඩොලර් මිලියන 2000 ක් බවයි.

ලොව විශාලතම සිනමා සංකීර්ණය වන්නේ ස්පාඤ්ඤයේ මැඩ්රෙඩ් නගරයේ පිහිටි Kinepolis Madrid ය.එහි ප්‍රේක්ෂක ධාරිතාව 9.200 කි. එහිදී සති දෙකක් ඇතුලත මෙම චිත්‍රපටය නරඹා ඇති ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂයකට අධික බව වාර්තා වේ.

Avatar ~ 2 : The Way of Water චිත්‍රපටය වඩාත් වැදගත් වන්නේ ලෝක නව සිනමා තාක්ෂණය ( World New Film Technology ) පැත්තෙන් ය. මෙම ෂානරයේ චිත්‍රපට ලෝක සිනමාව යවත්කාලීන කරනු පිණිස නිරන්තරයෙන්ම අවැසි වන අතර එමගින් ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය ද යවත්කාලීන වන්නේ ය. එය ලෝක සිනමාව මාධ්‍යයේ අනාගත ස්ථිරසාර පැවැත්ම වෙනුවෙන් ද එහි ප්‍රබල ධාරාවන් දෙක වන කලාත්මක හා වාණිජ චිත්‍රපටවල සාධනීය පැවැත්ම වෙනුවෙන් ද අතිශයින්ම වැදගත් වන්නේ ය.

එපමණක්ද නොව ලෝක පරිසර සංගම් හා පරිසරවේදීන් ඉතා ඉහළින්ම මෙම චිත්‍රපටය අගය කර ඇත්තේ ය.මෙමගින් පරිසරය නොඑසේනම් සොබාදහමේ පැවැත්ම මිනිසාගේ ස්ථිරසාර යහපැවැත්ම වෙනුවෙන් කොතරම්දුරට අවශ්‍ය ද යන්න ඉතා සූක්ෂම ආකාරයෙන් ප්‍රේක්ෂක හදවතේ තැම්පත් කිරීමට මෙහි අධ්‍යක්ෂකවරයා වෙසෙසින්ම සභත් වී ඇත්තේ ය.. ඊට මෙම චිත්‍රපටයේ තල්මසා සමගින් කෙරෙන මානුෂීය මිත්‍රත්වය කදිම නිදසුනක් වන්නේ ය.

මෙමගින් ගම්‍ය වන සත්‍ය කුමක්ද ? එනම් ඒ සිනමා මාධ්‍යය ලෝක සන්දර්භය තුළ කොතරම් ප්‍රබලද යන්න නොවේද ? කෙටියෙන් කිවහොත් එය ලෝක ජනතාව කොතරම් දුරට ඇඳ-බැඳ තබාගැනීමට සමත් ද ? මට මෙම සටහන තුළින් ශ්‍රී ලාංකේය සිනමාවේ ලැගසිටින ඇත්තන්ට ඒත්තු ගැන්වීමට අවශ්‍ය වූ විශේෂ කාරණාව වන්නේ ද මෙයයි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...