නුඹට මට හමුවීද, අප සෙවූ සුබ අලුත් අවුරුද්ද?

Share post:

ඉතින් ප්‍රිය හිතවත,

ගෙවෙන සහ ගෙවීගිය
බොහෝ අවුරුදු අතර සැරිසරා
මා මෙන්ම ඔබත් දැන්
වෙහෙසින්ද?

හිත රිදෙන, හිස බමන,
අතීතෙක බර දරන
විඩාබර මතක උරහිස් දෑල,
පිරිමදින ඉසිඹුවක් නොලැබීද?

ඍතුවෙන් ඍතුවට
වසන්තය මගහැරෙන,
සන්තාප කාරණා ගොඩ ගැහෙන,
මෙ’නුවරම එකම සැණකෙළියක් ය.
නින්නාද දෙන සිහින ගිනිවැදී,
නින්ද මැද ඇහැරේය…

ගෙවීගිය පැරණි අවුරුදු අතර,
ගිම්හාන සුසුමකින්
හදේ ඉසියුම් ඉසව් පෑරීම
ඉතින් දැන් නුඹට, මට මෙන් හුරුද?
සන්තානයම දවන සන්තාප වේදනා
සංසාරයක් දුරට නෑසේද?

ඉතින් ප්‍රිය හිතවත,
මා මෙන්ම නුඹත් දැන්
වෙහෙසින්ද?

මෙතෙක් ආගිය මගක
කොහේ හෝ නොදන්නා කෙළවරක
නුඹට මට හමුවීද,
අප සෙවූ සුබ අලුත් අවුරුද්ද?

සෞම්‍ය සඳරුවන් ලියනගේ (fb)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...