පාපන්දු ක්‍රීඩකයකු ලබන ඉතිහාසයේ වැඩිම වැටුප රොනාල්ඩෝට

Share post:

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසර සඳහා සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවී තිබේ.

ඒ අනුව ඔහු වසර 2025 තෙක් එම ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ඔහුගේ ගිවිසුම් ගත වැටුප මෙතෙක් පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයකුට හිමිවූ වැඩිම වැටුප ලැබූ ලෙස වාර්තා අතරට එක්වෙයි.

මෙම නව ගිවිසුම අනුව රොනල්ඩෝට යුරෝ මිලියන 200ක වාර්ෂික වැටුපක් හිමිවේ. එය ඇමරිකන් ඩොලර් මිලියන 214.04ක් වන අතර
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 775කට අධික වේ.

37 හැවිරිදි රොනාල්ඩෝ පවසන්නේ යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේදී තමන් අදහස් කළ සෑම ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකිවුණු බවත් ආසියාවේදී තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මෙය සුදුසු මොහොත යැයි හැඟෙන බවයි.

රෝනාල්ඩෝ මීට පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සඳහා එක්ව සිටි අතර පසුගිය කාල වකවානුව තුළ එම ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරිය දැඩි ලෙස විවේචනය කළේය.

වරක් ඔහු එහි කළමනාකරු සම්බන්ධයෙන් තමාට කිසිදු ගෞරවයක් නොමැති බව අවධාරණය කළේය.

“ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන්ට කණ්ඩායම ගැන හෝ වෘත්තීය ක්‍රීඩාව ගැන සැලකිල්ලක් නෑ,.. ඔවුන් අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්, ඊළඟ අවුරුදු දෙක තුනේ දී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”

යනුවෙන් රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් රෝනාල්ඩෝ පවසා තිබිණි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 346 කදී ගෝල 145ක් රැස්කර ඇත. එමෙන්ම ඔහු පසුගිය දෙසැම්බර් මස අවසන් වුණු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග 5ක් ක්‍රීඩා කරමින් එක් ගෝලයක් වාර්තා කළේය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...