පාපන්දු ක්‍රීඩකයකු ලබන ඉතිහාසයේ වැඩිම වැටුප රොනාල්ඩෝට

Share post:

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසර සඳහා සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් ගතවී තිබේ.

ඒ අනුව ඔහු වසර 2025 තෙක් එම ක්‍රීඩා සමාජය නියෝජනය කරන අතර ඔහුගේ ගිවිසුම් ගත වැටුප මෙතෙක් පාපන්දු ඉතිහාසයේ ක්‍රීඩකයකුට හිමිවූ වැඩිම වැටුප ලැබූ ලෙස වාර්තා අතරට එක්වෙයි.

මෙම නව ගිවිසුම අනුව රොනල්ඩෝට යුරෝ මිලියන 200ක වාර්ෂික වැටුපක් හිමිවේ. එය ඇමරිකන් ඩොලර් මිලියන 214.04ක් වන අතර
ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 775කට අධික වේ.

37 හැවිරිදි රොනාල්ඩෝ පවසන්නේ යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේදී තමන් අදහස් කළ සෑම ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකිවුණු බවත් ආසියාවේදී තමන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට මෙය සුදුසු මොහොත යැයි හැඟෙන බවයි.

රෝනාල්ඩෝ මීට පෙර මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය සඳහා එක්ව සිටි අතර පසුගිය කාල වකවානුව තුළ එම ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරිය දැඩි ලෙස විවේචනය කළේය.

වරක් ඔහු එහි කළමනාකරු සම්බන්ධයෙන් තමාට කිසිදු ගෞරවයක් නොමැති බව අවධාරණය කළේය.

“ක්‍රීඩා සමාජයේ අයිතිකරුවන්ට කණ්ඩායම ගැන හෝ වෘත්තීය ක්‍රීඩාව ගැන සැලකිල්ලක් නෑ,.. ඔවුන් අලෙවි කරන කණ්ඩායමක්. ඔවුන් මුදල් උපයන්නේ අලෙවි කිරීමෙන්, ඊළඟ අවුරුදු දෙක තුනේ දී ඔවුන්ට ලකුණු සටහනේ ඉහළින් ඉන්න අපහසු වෙයි”

යනුවෙන් රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් රෝනාල්ඩෝ පවසා තිබිණි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් තරග 346 කදී ගෝල 145ක් රැස්කර ඇත. එමෙන්ම ඔහු පසුගිය දෙසැම්බර් මස අවසන් වුණු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග 5ක් ක්‍රීඩා කරමින් එක් ගෝලයක් වාර්තා කළේය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...