රිදී රැයක්

Share post:

ලැබුණෝතින් පොඩි ඉඩක්
තාරකා අතරෙහි අපටත්
සඳ වටා අසුන් ගන්නට
සිනමා අහස් විමනෙ හි
සංගීත වෘන්දයකි එක් පසෙක
රැඟුම් වේදිකාවකි අනෙක් පස

මේ දැන් තව්තිසාවෙහි දොර ඇරන්
එතැනට පැමිණියාක් මෙනි ඔවුන්
වෙහෙසකර බවක් නොපෙනේ දිවියෙහි
දා බිදක් වත් නැත නළල් තලයෙහි
නිති සිනා මුහුණින් පසුවෙති
පෙර සැමි, බිරින්දෑවරුන් පවා හමුවෙති

“නාළිකා ප්‍රබන්ධයකි ඔය”
ඇතුළතින් ඔබේ හඬ නැග එයි

කොන් වනු බැරි නිසා තාරකා අබරෙහි
ආරාධනාවන් ලැබුන දා පටන්
ඔන්ලයින් ඇඳුම් තෝරන්න ඇති
සැලුන් කිහිපයකටත් යන්න ඇති
කාමරේ නැටුම් හුරු වෙන්න ඇති
කැඩපතින් පපුව නරඹන්න ඇති
පෙළක් විට ණය තුරුස් ගන්න ඇති

තිරය මත නව වසර උදාවෙහි
ඒ අයත් අපි වගෙම වෙන්න ඇති

චින්තක සමන්

(පිංතූරය තරංග ලක්නාත්)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...