රිදී රැයක්

Share post:

ලැබුණෝතින් පොඩි ඉඩක්
තාරකා අතරෙහි අපටත්
සඳ වටා අසුන් ගන්නට
සිනමා අහස් විමනෙ හි
සංගීත වෘන්දයකි එක් පසෙක
රැඟුම් වේදිකාවකි අනෙක් පස

මේ දැන් තව්තිසාවෙහි දොර ඇරන්
එතැනට පැමිණියාක් මෙනි ඔවුන්
වෙහෙසකර බවක් නොපෙනේ දිවියෙහි
දා බිදක් වත් නැත නළල් තලයෙහි
නිති සිනා මුහුණින් පසුවෙති
පෙර සැමි, බිරින්දෑවරුන් පවා හමුවෙති

“නාළිකා ප්‍රබන්ධයකි ඔය”
ඇතුළතින් ඔබේ හඬ නැග එයි

කොන් වනු බැරි නිසා තාරකා අබරෙහි
ආරාධනාවන් ලැබුන දා පටන්
ඔන්ලයින් ඇඳුම් තෝරන්න ඇති
සැලුන් කිහිපයකටත් යන්න ඇති
කාමරේ නැටුම් හුරු වෙන්න ඇති
කැඩපතින් පපුව නරඹන්න ඇති
පෙළක් විට ණය තුරුස් ගන්න ඇති

තිරය මත නව වසර උදාවෙහි
ඒ අයත් අපි වගෙම වෙන්න ඇති

චින්තක සමන්

(පිංතූරය තරංග ලක්නාත්)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...