සුකීට තවත් වසර 07ක සිර දඬුවමක්

Share post:

මියන්මාරයේ හිටපු අගමැතිනිය අවුන් සාන් සුකීට එරට හමුදා අධිකරණය තවත් වසර 7 ක සිර දඬුවමක් නියම කර ඇත.

විවිධ අපරාධ 19 කට අවුන් සාන් සුකී වරදකාරිය බව තීරණය කරමින් එරට හමුදා අධිකරණය සම්පූර්ණ වසර 33 ක සිර දඬුවමක් ඇයට ලබා දී තිබේ.

මාස 18 ක කාලයක් අපරාධ චෝදනා 19 ක් සම්බන්ධයෙන් එරට හමුදා අධිකරණයේ නඩු විභාගය පැවැත්විණි.

මීට පෙර අපරාධ චෝදනා 14ක් සඳහා සුකී වරදකාරිය කරමින් හමුදා අධිකරණය වරින් වර වසර 26 ක සිර දඬුවමක් ලබා දීමට කටයුතු කළේය.

නඩු විභාගය ජනතාවට සහ මාධ්‍ය වෙත විවෘත නොවූ අතර නීතිඥයන්ට නඩු විභාගය පිළිබඳ අදහස් දැක්වීමද හමුදා අධිකරණය තහනම් කරන ලදි.

1990 දශකයේ දී ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ ප්‍රචාරණ ව්‍යාපාරය නිසා අවුන්සාන් සුකී ලෝක ප්‍රසිද්ධියට පත් වූවාය.

ඒ නිසාම ඇයට 1991 දී නොබෙල් සාම ත්‍යාගය ද පිරිනැමිණි.

ඇය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයෙන් (NLD) 2015 දී, මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවාය.

කෙසේ වෙතත්, 2021 පෙබරවාරි කුමන්ත්‍රණයේදී හමුදාව ඇයව නෙරපා දමා නිවාස අඩස්සියේ තැබූ අතර 2022 අප්‍රේල් මාසයේදී, 76 හැවිරිදි සුකීට රහස් නඩු විභාගයකදී දූෂණ චෝදනා මත වසර පහක සිර දඬුවමක් නියම විය.

එතැන් සිට වරින් වර විවිධ චෝදනා සඳහා ඇයට සිර දඬුවම් පැමිණවූ අතර අවසන් චෝදනා 7 සඳහා ඇයට මෙලෙස වසර 7 ක සිර දඬුවමක් පමුණුවන ලදී.

කෙසේවෙතත් එල්ල වූ අපරාධ චෝදනා සියල්ලටම තමන් නිවැරදිකාරිය බව අවුන් සාන් සුකී පවසා ඇත.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...