මාර්තු මාසේ සිට රියදුරන්ට ‘ලකුණු’ ක්‍රමයක්!

Share post:

වාහන රියදුරු බලපත්‍රයට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ලබන වසරේ (2023) මාර්තු මස 31 වැනි දිනට පෙර ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ අද (30) පැවසීය.

ඒ අනුව රියදුරෙකුට අකුසලතා ලකුණු 24 ක් එකතු වූ විට ඔහුගේ රියදුරු බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවත්
එලෙස අවලංගු කිරිමෙන් පසුව වසරක කාලයක් යනතුරු අදාල රියදුරාට බලපත්‍රයට අයදුම්කළ නොහැකි බව කොමසාරිස්වරයා පවසා පෙන්වාදෙයි.

එලෙස රියදුරු බලපත්‍රයක් අවලංගු වූ පසු වසරකින් පසුව යළි නව රියදුරු බලපත්‍රයක් ලබා ගන්නා ආකාරයට අයදුම්පතක් යොමු කළ යුතුය.

මේ අතර වාහන අංක තහඩුවේ මෙතෙක් පැවති පළාත් හැඟවීමේ ඉංග්‍රීසි අක්ෂර ලබන ජනවාරි මස 1 වෙනිදා සිට ඉවත් කරන බවත් ඒ අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවද කොමසාරිස්වරයා පවසා තිබේ.

අද (30) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...