තවත් විශිෂ්ඨයෙකුගේ නික්ම යාම ‘පේලේ’

Share post:

බ්‍රසීල පාපන්දු ලෝලීන්ට ඔහු දෙවියෙක්.. පාපන්දු ක්‍රීඩාවට අති දක්ශයෙක්.. ලෝකයට ඔහු සැබෑ සරල මිනිසෙක්.
මෙතෙක් පහල වූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා විදිහට පේලේ හැඳින්වුවොත් විරුද්ධ වෙන පිරිස ඉතාම අඩුයි.
එඩ්සන් අරන්ට්ස් ඩො නැසිමෙන්තෝ යන නම කීවොත් මූනෙන් මූන බලන හැමෝම “පේලේ ” කීවොත් ආ ඒ පේලේද අසාවි.
පේලේ කියන නමේ තේරුම පුදුමය.. අනුහස. ( Miracle) වගේ තේරුමක් දෙන්නෙ හීබෲ භාශාවෙන්.

යන්තමට අවුරුදු පහලව පහුවෙද්දි බ්‍රසීල පාපන්දු කණ්ඩායමට එකතු වෙන පේලේ 1958, 1962, 1970 යන අවුරුදු තුනේම ලෝක කුසලානය බ්‍රසීලයට දිනා දෙන්න සමත් වෙච්ච විශිෂ්ඨයෙක්.
එක් වරක් නෙවේ තුන්වරක් ලෝක ශූරතාවය කියන්නෙ අපූරු හීනයක්.
ඒ දස්කම කරන්න හැකිවූ එකම පාපන්දු ක්‍රීඩකයා පේලේ.
පාපන්දු පිටියේ ගෝල 1283 කට හිමිකම් කියන මේ කුඩා ක්‍රීඩකයා ලෝක කුසලාන තරඟ 14 කදී ගෝල 12 ක් වාර්ථා කරන්න සමත් වූවෙක්.
“පේලේට කලින් අංක 10 කියන්නෙ සාමාන්‍ය අංකයක් විතරයි…. පේලේ පාපන්දු ක්‍රීඩාව කලාවක්.. මැජික් එකක් බවට පත් කරා..” මෙහෙම කියන්නෙ බ්‍රසීලයේ නෙයිමා.
සුභ ගමන්… ස්තුතියි ඉතිරි කල ගිය මතක වලට.
Edson Arantes do Nascimento…. හෙවත් පේලේ. 1940 -2022.

Malcolm Sang

(බ්‍රසීලියානු හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වී ඇති අතර පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ බව යි පේලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝහල ප්‍රකාශ කරයි.

මිය යන විට පේලේ 82 වැනි වියේ පසු වූ අතර 1958, 1962, සහ 1970 යන වර්ෂවල පැවති ලෝක කුසලාන ජයග්‍රහණ කරන අවස්ථාවල දී බ්‍රසීල පා පන්දු කණ්ඩායම නියෝජනය කර තිබේ.

2000 වර්ෂයේ දී ඔහු සියවසේ ක්‍රීඩකයා ලෙස ද නම් කෙරුණේය.

හිටපු ආජන්ටිනා සුපිරි පා පන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හා සම තැනක පේලේව ද තබා ඇත.)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...