ලංකා ගොවි සංසද ව්‍යාපාරයේ අරමුණ අහරින් ස්වයංපෝෂිත රටක්

Share post:

කවුඩුල්ල ප්‍රගතිශීලී ගොවි සංවිධානයේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස

ආහාර සුරක්ෂිතතාව පාරිසරික කෘෂිකර්මාන්තය ප්‍රමුඛ ධරණීය කෘෂි සංස්කෘතියක් සඳහා ලංකාවේ ප්‍රධාන කෘෂිකර්මාන්තය, ආංශික කෘෂිකර්මාන්තය හා වෘත්තීයවේදීන් නියෝජනය වන පරිදි ලංකා ගොවි සංසද ව්‍යාපාරය දෙසැම්බර් 27 වැනිදා අනුරාධපුරයේ දී ආරම්භ කළ බව කවුඩුල්ල ප්‍රගතිශීලී ගොවි සංවිධානයේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස මහතා thetime ප්‍රවෘත්ති අංශයට කීවේය.

වී ගොවීන්, හේන් ගොවීන්, අතුරු බෝග වගා කරුවන්, එළවළු ගොවීන්, ධීවරයන්, මී කඩන්නන් ගව පාලකයින්, එළු කුකුළු ගොවිපළ කරුවන් ඇතුළු ක්ෂේත්‍රවලින් 60% මෙම ගොවි සංසද ව්‍යාපාරය නියෝජනය කරන අතර සෞඛ්‍ය, ගුරු හා පරිපාලන වැනි ක්ෂේත්‍රවල වෘත්තීයවේදීහු ඉතිරි 40% නියෝජනය කරති.

ගොවියා බලගැන්වීම සඳහා බහුජන ව්‍යාපාරයක් ලෙස පළාත් අටක් නියෝජනය කරන පරිදි මෙම ගොවි සංසද ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර නවීන කෘෂි කර්මාන්තය ගැන ගොවියාට අවශ්‍ය දැනුම ලබා දීම මෙන්ම ලංකාව අහරින් ස්වයං පෝෂිත රටක් බවට පත් කිරීම මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ අරමුණ වන බව කවුඩුල්ලේ ජයතිස්ස මහතා කියයි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...