ලංකා ගොවි සංසද ව්‍යාපාරයේ අරමුණ අහරින් ස්වයංපෝෂිත රටක්

Share post:

කවුඩුල්ල ප්‍රගතිශීලී ගොවි සංවිධානයේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස

ආහාර සුරක්ෂිතතාව පාරිසරික කෘෂිකර්මාන්තය ප්‍රමුඛ ධරණීය කෘෂි සංස්කෘතියක් සඳහා ලංකාවේ ප්‍රධාන කෘෂිකර්මාන්තය, ආංශික කෘෂිකර්මාන්තය හා වෘත්තීයවේදීන් නියෝජනය වන පරිදි ලංකා ගොවි සංසද ව්‍යාපාරය දෙසැම්බර් 27 වැනිදා අනුරාධපුරයේ දී ආරම්භ කළ බව කවුඩුල්ල ප්‍රගතිශීලී ගොවි සංවිධානයේ සභාපති කවුඩුල්ලේ ජයතිස්ස මහතා thetime ප්‍රවෘත්ති අංශයට කීවේය.

වී ගොවීන්, හේන් ගොවීන්, අතුරු බෝග වගා කරුවන්, එළවළු ගොවීන්, ධීවරයන්, මී කඩන්නන් ගව පාලකයින්, එළු කුකුළු ගොවිපළ කරුවන් ඇතුළු ක්ෂේත්‍රවලින් 60% මෙම ගොවි සංසද ව්‍යාපාරය නියෝජනය කරන අතර සෞඛ්‍ය, ගුරු හා පරිපාලන වැනි ක්ෂේත්‍රවල වෘත්තීයවේදීහු ඉතිරි 40% නියෝජනය කරති.

ගොවියා බලගැන්වීම සඳහා බහුජන ව්‍යාපාරයක් ලෙස පළාත් අටක් නියෝජනය කරන පරිදි මෙම ගොවි සංසද ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර නවීන කෘෂි කර්මාන්තය ගැන ගොවියාට අවශ්‍ය දැනුම ලබා දීම මෙන්ම ලංකාව අහරින් ස්වයං පෝෂිත රටක් බවට පත් කිරීම මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛ අරමුණ වන බව කවුඩුල්ලේ ජයතිස්ස මහතා කියයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...