වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සම්මානය ෂේන් වෝන් නමින් නම් කරයි

Share post:

ඕස්ට්‍රේලියාවේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන් නමින් නම්කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

2022 එනම් මෙම වසරේ මාර්තු 04 වනදා තායිලන්තයේ සංචාරක නිකේතනයක සිටිය ජිවිතයට සමුදුන් ෂේන් වෝන්ට ගෞරවයක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ෂේන් වෝන් ටෙස්ට් තරඟ 145 කට ක්‍රීඩා කරමින් ටෙස්ට් කඩුළු 708ක් ලබාගෙන ඇත.

ෂේන් වෝන් ඕස්ට්‍රේලියානු වසරේ ටෙස්ට් ක්‍රිකට් සම්මානය 2006 වසරේ දී හිමි කරගෙන තිබේ.

ෂේන් වෝන් මියයන විට ඔහුගේ වයස අවුරුදු 52කි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...