රාජ්‍ය මුදල් වංචා කළ යමීන් වසර 11ක් සිපිරි ගෙදරට

Share post:

මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් නියම කර තිබේ.

රජයට අයත් දූපතක් බදු දීමට මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් යමීන් වරදකරු බව අධිකරණය තීන්දු කළ අතර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වසර හතක සිරදඬුවමක් සහ අල්ලසක් ලබා ගැනීම සඳහා වසර හතරක සිර දඬුවමක් නියම කළේය.

සිරදඬුවමට අමතරව හිටපු ජනාධිපතිවරයාට ඩොලර් මිලියන 5ක දඩයක් ගෙවන ලෙසද නියම කෙරිණි.

යමීන් වරදකරු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර වසර 2019 දී වෙනත් නඩුවකදී, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහු වරදකරු වී වසර පහක සිර දඬුවමකටද යටත්විය.

එහෙත් වසර දෙකකට පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය අදාල තීන්දුව වෙනස් කරමින් , මූලික නඩු විභාගයේ සාක්ෂි පරස්පරතා අඩංගු බවත්, යමීන් පුද්ගලික වාසි තකා ඩොලර් මිලියනයක රාජ්‍ය මුදල් විශුද්ධිකරණය කර ඇති බවට ස්ථිරවම ඔප්පු නොකළ බවට තීරණය කර තිබිණි.

කෙසේවෙතත් යමීන්ගේ නිල කාලය තුළ ඔහුට දූෂණ චෝදනා, මාධ්‍යවලට මුවා වී දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීම වැනි චෝදනා රැසක් එල්ල විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...