රාජ්‍ය මුදල් වංචා කළ යමීන් වසර 11ක් සිපිරි ගෙදරට

Share post:

මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් නියම කර තිබේ.

රජයට අයත් දූපතක් බදු දීමට මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් යමීන් වරදකරු බව අධිකරණය තීන්දු කළ අතර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වසර හතක සිරදඬුවමක් සහ අල්ලසක් ලබා ගැනීම සඳහා වසර හතරක සිර දඬුවමක් නියම කළේය.

සිරදඬුවමට අමතරව හිටපු ජනාධිපතිවරයාට ඩොලර් මිලියන 5ක දඩයක් ගෙවන ලෙසද නියම කෙරිණි.

යමීන් වරදකරු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර වසර 2019 දී වෙනත් නඩුවකදී, මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහු වරදකරු වී වසර පහක සිර දඬුවමකටද යටත්විය.

එහෙත් වසර දෙකකට පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය අදාල තීන්දුව වෙනස් කරමින් , මූලික නඩු විභාගයේ සාක්ෂි පරස්පරතා අඩංගු බවත්, යමීන් පුද්ගලික වාසි තකා ඩොලර් මිලියනයක රාජ්‍ය මුදල් විශුද්ධිකරණය කර ඇති බවට ස්ථිරවම ඔප්පු නොකළ බවට තීරණය කර තිබිණි.

කෙසේවෙතත් යමීන්ගේ නිල කාලය තුළ ඔහුට දූෂණ චෝදනා, මාධ්‍යවලට මුවා වී දේශපාලන විරුද්ධවාදීන්ට හිංසා කිරීම වැනි චෝදනා රැසක් එල්ල විය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...