2000 කට අධික පිරිසකට අසුන් ගත හැකි මොකත්තම් කඳු මුදුනේ ගලේ පල්ලිය

Share post:

2022 නත්තල් දා උදෑසන අප ගත කළේ ඊජිප්තුවේ කයිරෝ පුරවර මොකත්තම් කඳු මුදුනේ පිහිටි ගලේ පල්ලියේ ය.
ශාන්ත සයිමන්තුමන් වෙනුවෙන් නිර්මිත ගලේ පල්ලියේ ප්‍රධාන දායකයන් වන්නේ අසළැති කසල පුර වාසීන් ය. සැබ්ලීන් ජනවර්ගයට අයත් ඔව්හු කයිරෝවට සංක්‍රමණය වූවේ 1940 ගණන්වලදී ය. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව කයිරෝවේ කසල එක්රැස් කිරීම ය. ඒ නිසා ම ඔවුන් වෙසෙන පෙදස නම් ලදුයේ කසල පුරය නමිනි.

මේ කසල පුර වාසීහූ සිය ශ්‍රම දායකත්වයෙන්, මොකත්තම් කන්දේ ගල්ගුහාවක් තුළ අපූරු පල්ලියක් නිර්මාණය කළහ. එය තුළ පැවැත්වෙන දේව මෙහෙයට වරකට 2000 කට අධික පිරිසකට අසුන් ගත හැකි ය.

ඊජිප්තුවේ පමණක් නොව, මුළු මහත් මැද පෙරදිග කලාපයේ ම විශාල ම ගුහා පල්ලිය ලෙස සැලකෙන්නේ මේ ගලේ පල්ලිය යි.
හැබැයි නත්තල් දවසේ ගලේ පල්ලියේ දෛනික පූජා කාර්යයන්ට අමතරව විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ නැත.

ඊජිප්තුවේ බහුතර කතෝලිකයන් වූ කොප්ට්ස් ජාතිකයන්, ආගමික කාර්යයන් සඳහා පදනම් කරගන්නේ ජුලියස් සීසර් නිර්මාණය කැලැන්ඩරය හෙවත් ජුලියන් කැලැන්ඩරය යි. දැන් අප භාවිත කරන ග්‍රෙගරියන් කැලැන්ඩරය ඔවුන් පිළිගන්නේ නැත.
කොප්ට්ස් ජාතිකයන් පිළිගන්නා කැලැන්ඩරයේ නත්තල යෙදී ඇත්තේ, අපේ කැලැන්ඩරයේ දින අනුව ජනවාරි 07 වැනි දා ය!
ඒ නිසා ගලේ පල්ලියේ නත්තල් දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නේ ජනවාරි 07 වැනි දා ය..!!

සමන් අතාවුදහෙට්ටි

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...