2000 කට අධික පිරිසකට අසුන් ගත හැකි මොකත්තම් කඳු මුදුනේ ගලේ පල්ලිය

Share post:

2022 නත්තල් දා උදෑසන අප ගත කළේ ඊජිප්තුවේ කයිරෝ පුරවර මොකත්තම් කඳු මුදුනේ පිහිටි ගලේ පල්ලියේ ය.
ශාන්ත සයිමන්තුමන් වෙනුවෙන් නිර්මිත ගලේ පල්ලියේ ප්‍රධාන දායකයන් වන්නේ අසළැති කසල පුර වාසීන් ය. සැබ්ලීන් ජනවර්ගයට අයත් ඔව්හු කයිරෝවට සංක්‍රමණය වූවේ 1940 ගණන්වලදී ය. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව කයිරෝවේ කසල එක්රැස් කිරීම ය. ඒ නිසා ම ඔවුන් වෙසෙන පෙදස නම් ලදුයේ කසල පුරය නමිනි.

මේ කසල පුර වාසීහූ සිය ශ්‍රම දායකත්වයෙන්, මොකත්තම් කන්දේ ගල්ගුහාවක් තුළ අපූරු පල්ලියක් නිර්මාණය කළහ. එය තුළ පැවැත්වෙන දේව මෙහෙයට වරකට 2000 කට අධික පිරිසකට අසුන් ගත හැකි ය.

ඊජිප්තුවේ පමණක් නොව, මුළු මහත් මැද පෙරදිග කලාපයේ ම විශාල ම ගුහා පල්ලිය ලෙස සැලකෙන්නේ මේ ගලේ පල්ලිය යි.
හැබැයි නත්තල් දවසේ ගලේ පල්ලියේ දෛනික පූජා කාර්යයන්ට අමතරව විශේෂ දේව මෙහෙයක් පැවැත්වුණේ නැත.

ඊජිප්තුවේ බහුතර කතෝලිකයන් වූ කොප්ට්ස් ජාතිකයන්, ආගමික කාර්යයන් සඳහා පදනම් කරගන්නේ ජුලියස් සීසර් නිර්මාණය කැලැන්ඩරය හෙවත් ජුලියන් කැලැන්ඩරය යි. දැන් අප භාවිත කරන ග්‍රෙගරියන් කැලැන්ඩරය ඔවුන් පිළිගන්නේ නැත.
කොප්ට්ස් ජාතිකයන් පිළිගන්නා කැලැන්ඩරයේ නත්තල යෙදී ඇත්තේ, අපේ කැලැන්ඩරයේ දින අනුව ජනවාරි 07 වැනි දා ය!
ඒ නිසා ගලේ පල්ලියේ නත්තල් දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නේ ජනවාරි 07 වැනි දා ය..!!

සමන් අතාවුදහෙට්ටි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...