මාධ්‍යවේදී කුමනන්ට යළිත් කැඳවීමක් : ආවෙ නැත්නම් බලෙන් ගෙන්නන්න අපිට බෑ – පොලිසිය

Share post:

මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට කරන දැනුම්දීම් අනුව ඔහු නොපැමිණියහොත්, ඊට අදාළ ව කිසිදු පියවරක් ගත නොහැකි බවත්, විමර්ශනය අවසන් කළ බව පොලිස්පතිවරයාට දැනුම් දෙන බවත් thetime.lk කළ විමසීමකට පිළිතුරු දෙමින් මුලතිව් දිස්ත්‍රික් 01 – සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ පැවසීය.

29 උදේ 10ට

කේ. කුමනන් යනු අවස්ථා ගණනාවකදී ආරක්ෂක අංශ මගින් ප්‍රශ්න කිරීම් සඳහා කැඳවන ලද සක්‍රීය මාධ්‍යවේදියෙකි. පසුගියදා යළිත් ඔහුට දැනුම් දී තිබුණේ ලබන 29දා පෙරවරු 10ට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මුලතිව් සහකාර පොලිස් අධිකාරි කාර්‍යාලයට පැමිණෙන ලෙසයි. ‘විමර්ශනයක් සඳහා’ යනුවෙන් පමණක් සඳහන් වූ එම දැනුම්දීමේ විමර්ශනය කුමක්ද යනුවෙන් සඳහන් කර නැත. ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී ද පොලිසිය පාර්ශ්වයෙන් අදාළ විමර්ශනය පිළිබඳ නිශ්චිතව පවසා නැත.

පොලිස්පති දැනුම්දීමක්

මේ පිළිබඳව අප කළ විමසීමේදී මුලතිව් සහකාර පොලිස් අධිකාරිවරයා පැවසුවේ මාස ගණනාවකට ඉහතදී අදාළ මාධ්‍යවේදියා රාජකාරි ආවරණයකදී මුහුණ දුන් සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දී ඇති බවයි.

‘සාමාන්‍යයෙන් කියන්නෙ නෑ’

අදාළ දැනුම් දීමේ නිශ්චිත හේතුව සඳහන් නොකළේ කුමක් නිසා දැයි විමසීමේදී ඔහු පැවසුවේ සාමාන්‍යයෙන් එසේ දීර්ඝ ව දැනුම් දීම් නොකරන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු විමර්ශනය සම්බන්ධයෙන් කරුණු පැවසූ බව එම කොමිෂන් සභාවේ යාපනය කාර්‍යාලයේ ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

ජුනි 27 පැමිණිල්ලක්

මෙම සිදුවීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල යොමුකර ඇත්තේ පසුගිය ජුනි 27 දින ය. ඒ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මුත්තුසාමි මුකුන්දකජන් විසිනි.

‘මුලතිව් දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීම’ යන ශීර්ෂය යටතේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ අදාළ මාධ්‍යවේදියාට මුලතිව් නාවික හමුදා කඳවුර අසල දී ආරක්ෂක අංශ මගින් අනියමින් තර්ජනය කර ඇති බවයි. එවකට අගමැතිවරයා විසින් මෙය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙතත්, පොලිස්පතිවරයා වෙතත් යොමු කර ඇත.

‘මාත් ගියා’

මේ සම්බන්ධයෙන් thetime.lk වෙත අදහස් දක්වමින් අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මුත්තුසාමි මුකුන්දකජන් පැවසුවේ මීට අදාළ ව තමන් ද පසුගියදා සහකාර පොලිස් අධිකාරි කාර්‍යාලයට ප්‍රකාශයක් ලබාදුන් බවයි.

සිදුවීම කුමක්ද ?

ඡායාරූපය – www.jdslanka.org

මුලතිව්හි ගෝඨාභය නාවික කඳවුර පුළුල් කිරීම සඳහා ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ලබාගැනීමට ආරක්ෂක අංශ කටයුතු කිරීමට එරෙහිව පසුගිය ජුනි 07දා එම කඳවුර ඉදිරිපිට පැවති විරෝධතාවකදී මෙය සිදු වී තිබේ. එහිදී අදාළ විරෝධතාව ආවරණය කරමින් සිටි මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට නාවික හමුදා සාමාජිකයන් සහ පොලිස් නිලධාරීන් දිගින්-දිගටම බාධා කර තිබිණි. අදාළ පැමිණිල්ල යොමුකර තිබුණේ එහි සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මෙහිදී මාධ්‍යවේදියාගේ රාජකාරි හැඳුනුම්පත බලහත්කාරයෙන් ලබාගැනීමට ද ආරක්ෂක අංශ උත්සාහ කර තිබිණි.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...