පිට පිට තෙවැනි වරටත් LPL ශූරතාව යාපනයට

Share post:

පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් විය.

ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමට තීරණය කළේය.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 4ක් සහ එක් හයේ පහරකින් සමන්විත විය.

රවී බොපාරා නොදැවී ලකුණු 47ක් ලබා ගත් අතර චරිත් අසලංක පන්දු 23 ලකුණු 31 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 164 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.

ජැෆ්නා පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 43 කදී ලකුණු 50 ක් ලබා ගත් අතර සධීර සමරවික්‍රම ලකුණු 44ක් ලබා ගත්තේ පන්දු 27 කට මුහුණ දෙමිනි.

රමනුල්ලා ගුර්බාස් පන්දු 18කදී ලකුණු 36ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම හයේ පහර 2ක් සහ හතරේ පහර 4කින් සමන්විත විය.

තරගය ඉතා තියුණු සටනකින් අනතුරුව ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හැකිවූ අතර ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් පිලට රුපියල් ලක්ෂ 360ක මුදල් ත්‍යාගයක් පිරිනැමූ අතර, අනුශූරයන් වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බු ස්ටාර්ස් පිලට රුපියල් ලක්ෂ 180ක මුදල් ත්‍යාග පිරිනැමිණි.

කළම්බු ස්ටාර්ස් කඩුලු 5කට ලකුණු 163යි (20)

චරිත් අසලංක 31, දිනේෂ් චන්දිමාල් 49, රවි බොපාරා නොදැවී 47, ඇන්ජලෝ මැතිව්ස් 12, මොහොමඩ් නබී 15 (බිනුර ප්‍රනාන්දු 48/1, තිසර පෙරේරා 16/1, දුනිත් වෙල්ලාලගේ 18/1, මහීෂ් තීක්ෂණ 34/1)

ජැෆ්නා කිංග්ස් කඩුලු 8කට ලකුණු 164යි (19.2)

රහ්මනුල්ලා ගුරුබාස් 36, අවිශ්ක ප්‍රනාන්දු 50, සධීර සමරවික්‍රම 44, ෂොයිබ් මලික් 10, තිසර පෙරේරා 6, බිනුර ප්‍රනාන්දු නොදැවී 4 (කසුන් රාජිත 27/1, මොහොමඩ් නබී 42/1, බෙනී හොවෙල් 17/2, සුරංග ලක්මාල් 23/3)

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...