පිට පිට තෙවැනි වරටත් LPL ශූරතාව යාපනයට

Share post:

පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් විය.

ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව කළම්බු ස්ටාර්ස් කණ්ඩායමට ලබාදීමට තීරණය කළේය.

ඒ අනුව කලම්බු ස්ටාර්ස් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 163ක් රැස් කළේය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 4ක් සහ එක් හයේ පහරකින් සමන්විත විය.

රවී බොපාරා නොදැවී ලකුණු 47ක් ලබා ගත් අතර චරිත් අසලංක පන්දු 23 ලකුණු 31 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 164 ක ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 8ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.

ජැෆ්නා පිල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 43 කදී ලකුණු 50 ක් ලබා ගත් අතර සධීර සමරවික්‍රම ලකුණු 44ක් ලබා ගත්තේ පන්දු 27 කට මුහුණ දෙමිනි.

රමනුල්ලා ගුර්බාස් පන්දු 18කදී ලකුණු 36ක් ලබාගත් අතර ඔහුගේ ඉනිම හයේ පහර 2ක් සහ හතරේ පහර 4කින් සමන්විත විය.

තරගය ඉතා තියුණු සටනකින් අනතුරුව ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හැකිවූ අතර ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් පිලට රුපියල් ලක්ෂ 360ක මුදල් ත්‍යාගයක් පිරිනැමූ අතර, අනුශූරයන් වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බු ස්ටාර්ස් පිලට රුපියල් ලක්ෂ 180ක මුදල් ත්‍යාග පිරිනැමිණි.

කළම්බු ස්ටාර්ස් කඩුලු 5කට ලකුණු 163යි (20)

චරිත් අසලංක 31, දිනේෂ් චන්දිමාල් 49, රවි බොපාරා නොදැවී 47, ඇන්ජලෝ මැතිව්ස් 12, මොහොමඩ් නබී 15 (බිනුර ප්‍රනාන්දු 48/1, තිසර පෙරේරා 16/1, දුනිත් වෙල්ලාලගේ 18/1, මහීෂ් තීක්ෂණ 34/1)

ජැෆ්නා කිංග්ස් කඩුලු 8කට ලකුණු 164යි (19.2)

රහ්මනුල්ලා ගුරුබාස් 36, අවිශ්ක ප්‍රනාන්දු 50, සධීර සමරවික්‍රම 44, ෂොයිබ් මලික් 10, තිසර පෙරේරා 6, බිනුර ප්‍රනාන්දු නොදැවී 4 (කසුන් රාජිත 27/1, මොහොමඩ් නබී 42/1, බෙනී හොවෙල් 17/2, සුරංග ලක්මාල් 23/3)

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...