පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට

Share post:

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.

තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේදී දඬුවම් පහරකින් රැස් කිරීමට ලියෝනල් මෙසී සමත් විය. දෙවැනි ගෝලය 36 වැනි විනාඩියේදී ඩි මාරියා විසින් වාර්තා කළේය. තරගයේ පළමු අර්ධය නිමා වනවිට ආජන්ටිනාව ගෝල 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

නමුත් තරගයේ 79 වැනි මිනිත්තුවේදී හා 81 වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් වාර්තාකිරීමට සුපිරි ක්‍රීඩක Kylian Mbappé සමත්වීමත් සමඟ තරගය නැවත වරක් කණපිට පෙරලුනේය.

මේ අනුව තරගයේදී නියමිත කාලය තුල ගෝල දෙක බැගින් කණ්ඩායම් දෙකම රැස්කිරීම හේතුවෙන් ජය පරාජය තීරණය කිරීමට අමතර විනාඩි 30ක කාලයක් ලබාදුන් අතර එහිදීද දෙපිලම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් මෙවර ලෝක කුසලානයේ අවසන් තීරණය ගනු ලැබුවේ දඬුවම් පහර මගිනි.

ප්‍රංශයට එරෙහිව දඬුවම් පහර 4ක් සාර්ථක කරගැනීමට ආජන්ටිනාව සමත්වූ අතර ප්‍රංශයට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර දෙකක් පමණි.

ඒ අනුව ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමින් 2022 පාපන්දු ලෝක කුසලානයේ ශූරයින් වීමට සුපිරි ආජන්ටිනා කණ්ඩායම සමත් විය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...