“අරගලකරුවන් ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ගියා, රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා”

Share post:

මේ දෙසැම්බර් මාසයේ ඉදිරි දිනක එළි දකින අනුරසිරි හෙට්ටිගේ ගේ අලුත් කෙටිකතා සංග්‍රහයක්..

‘විමුක්තිපාල ගැස්සිල නැවතුණා. පාර මැද්දෙ මග හරස් කරගෙන හිටියෙ කඩුවක් අතින් ගත්තු යෝධයෙක්. ඒ එක්කම මෙන් බොලේ හස්තිරාජයෙකුත් ඉන්නව. තුවක්කු අතින් ගත්තු, කැමා ගහපු මිනිස්සු, සත්තු, මල්, ගස් වැල්, කොළ, ගස් කඳන්, සමනල්ලු, නයි, සිංහයො, කොටි, නරි, බල්ලො, මකරු, දිව්‍යාංගනාවො, යක්කු, දෙවියො, පන්සල්, චයිත්ති, බෝ පැළ, ආදී කී නොකී හැම පාටකමටම අයිති රෑප පාරවල් හතර අතේම. බලන බලනඅත වෛර්ණයි. රටට මොකක් වෙලාද?. ඒ විතරක්යැ.තැනින් තැන මිනිස් පොකුරු. ගෑනු පිරිමි ළමයි බමයි, සාදුල, හිඟන්නො, පුලන්නො, වෙළෙන්දො, සිංහල, දෙමළ, මුස්ලිම් බෞද්ධ අබෞද්ධ හැමෝම මහ පරෙ තැන තැන පැන්සල්, පින්සල් අතේ තියාගෙන ඉන්නෙ සුදු පාට ගාපු තාප්ප ළඟ පොදි කකා. තීන්ත ලොරි ගණන් තැන් තැන්වල ගොඩ බානවා . පාර පුරා සාදුල බණ කියනව. පීකර් කටවල් වලින් පිරිත් වැක්කෙරෙනව. පන්සල්වලට නාග ලෝකෙන් ධාතු වඩම්මන සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ශාක්සාත් නොකර කෙළින් ම බුදු වුණ නෝනාවරු, මහත්තුරු බණ කියද්දි ඒ පස්සෙන් ඉඳන් හාමුදුරුවරු විජිනි පත් සලනවා. මේ ආත්මෙ නිසැක ධාතු වැඳල ඊළඟ ආත්මෙ නිවන් යන්න පෙරුම්පුරණ බාල, තරුණ මහලුගැහැනු පිරිමි හැමෝම පිළිවෙතින් පෙළ ගැහිල දෑත් බැඳගෙන පෝළිම් ගැහිල ඉන්න හැටි.. හැමෝම ඉන්නෙ සතුටින්. ඇයි මං විතරක් මෙහෙම දුකින් ඉන්නෙ?

විමුක්තිපාල දුටු සයාර්ධ සුපින..

‘ඉතින් තාත්තෙ අරගල කරපු අය..? ඒ අයට මොකක්ද උනේ..?’

අරගලයත් එක්ක ඉන්නවයි කියල ජනතාව ඉදිරියෙ දිව්රපු ප්‍රසිද්ධ පුද්ගලයො ඉක්මනින් ම තමන් හිටපු තැන්වලට ම ගිහින් ආපහු සීරුවෙන් හිටගත්තා. තවත් සමහරුන්ට හිරේ විලංගුවෙ වැටෙන්න උනා. ආගමික නායකයො ආපහු ශීල සමාධියෙන් එකත් පස් ව දේශනා කරන්න පටන් ගත්තා. පාක්ෂික අරගලකරුවන් පක්ෂ තීන්දු එක්ක කලින් වගේ ම පාරෙ අරගල කරද්දි නිර්පාක්ෂික අරගලකාරයො නිර්පාක්ෂික නම් තියෙන පක්ෂ අටවගෙන පාක්ෂිකයන් බවට පත් වෙලා ඡන්දවලට ආවා. රට කලින් තිබුණ විදිහට ම ආපහු බෙදුණා. පක්ෂවලට, ආගම්වලට, ගැහැනු පිරිමි විදිහට, පොහොසත් දුප්පත් විදිහට.. ඉතින් එච්චරයි..’

‘එතකොට තාත්තෙ අර කොමනා.. එයාට මොකද උනේ..?’
කොමනා…………….
කොමනා
කෙටිකතා සංග්‍රහය
පිටු 96
මිල රු. 450.00
ගොඩගේ ප්‍රකාශනයක්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...