ආර්ජන්ටිනාව ලෝකයේ මුදුනටම අරන් ගිය චේ සහ මැරඩෝනා අතරට මෙසී

Share post:

ආර්ජන්ටිනාව මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබා ගෙන ඉවරයි, කියා ගන්න බැරි මොකක්දෝ හැඟීමකින් මෙසී ඇතුළු ආර්ජන්ටිනාව ලෝක ශුරයන් වෙනවාට බොහෝ දෙනාගේ හිතේ කැමැත්තක් තියෙනවා. ආර්ජන්ටිනාව කියපු ගමන් මතක් වෙන්නෙ විප්ලවීය ඉතිහාසයේ සදා නොමැකෙන ආත්මීය සංකේතය වූ චේ ගුවේරා. චේ ඉපදුනේ, හැදී වැඩුනේ අධ්‍යාපනය ලැබුවේ ආර්ජන්ටිනාවෙදි. කියුබානු විප්ලවයෙන් පස්සෙ ලෝක ඉතිහාසයේ සදාතනික වීරයෙක් වෙච්ච චේ වගේ මනුස්සයෙක් ලෝකයට දායාද කරපු රටට ආදරයක්, කැමැත්තක් ඇති වන එක නවත්තන්නෙ කොහොමද. අනෙක් කෙනා තමයි ලෝකයක් වසඟ කල විසිවන සියවසේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වුණු මැරඩෝනා. 1986 දි ආජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය අරන් දීපු මැරඩෝනා කියන්නෙ පාපන්දු ඉතිහාසයේ පුරාවෘත්තයක්. ආර්ජන්ටිනාව ලෝකයේ මුදුනටම අරන් ගියපු මේ දෙන්නම අද ජීවතුන් අතර නැති වුනත් ලෝකයේ කොයි මුල්ලක හිටියත් මිනිස්සු ලෝකයට දීල ගියපු දේවල් එක්ක ඒ ජයග්‍රහණයේ ආශිර්වාදය ගැට ගැහෙන හැටි හරිම ලස්සනයි.

කැලුම් කළුහැන්නැදිගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...