රියා බුල්ලොස් (Rhea Bullos) බැන්ඩේජ් උඩ පෑනෙන් අඳිනව නයික් සමාගමේ සලකුණ

Share post:

රිහාට අවුරුදු එකොලහ ලැබුව විතරයි. පිලිපීනයේ මැනිලා නගරයෙන් ඔබ්බට වෙන්න තියෙන පාසැලක ඉගෙන ගන්න රිහාගෙ දෙමව්පියන් දුප්පත් අය.

මළල ක්‍රීඩාවට දක්‍ෂ වුනත් දුවන්න පලඳින සපත්තු දෙකක් ඒ කියන්නෙ ස්පයික්ස් දෙකක් අරගෙන දෙන්න එයාගෙ දෙම්ව්පියන්ට වත්කමක් නෑ. සපත්තු තියා එදා වේල හම්බ කරගන්නත් එයාගෙ දෙමව්පියන් කරන්නෙ සටනක්.
දුප්පත් වුනත් හිත හයිය රියා අන්තර් පාසැල් තරඟාවලියකට තමන්ගෙ ඉස්කෝලෙ නියෝජනය කරන්න සුදුසුකම් ලබන්නෙ එයාගෙ දක්‍ෂකම නිසාමයි.

නයික්..ඇඩිඩාස්… රීබොක්.. පූමා වගේ මිළ අධික සපත්තු දාගෙන අනිත් ක්‍රීඩිකාවන් ධාවන පතයට එද්දි මේ පොඩි කෙල්ල කීයටවත් පහු බහින්නෙ නෑ.
හේතුව එයාට තියනව එයාගෙම රහස් සැලැස්මක්.

අල්ලපු ගෙදර නර්ස් නෝනාගෙන් ඉල්ල ගත්ත බැන්ඩේජ් පටි තමන්ගෙ පතුල් දෙකේ සපත්තු දෙකක් හැඩේට අලව ගන්න මේ පොඩි කෙල්ල මේ බැන්ඩේජ් උඩ පෑනෙන් අඳිනව නයික් සමාගමේ සලකුණ.
තමන් හදාගත්ත සපත්තු දෙකේ දෙපැත්තෙන්ම ලියනව නයික් කියල.

“දැන් හරි… මටත් තියනව නයික් සපත්තු දෙකක්… දැං මම කාටවත්ම බය නෑ.. මම දැන් ඔට්ටුයි දුවන්න. “
මෙහෙම කියාගන්න පුංචි කෙල්ල ධාවන පතයට බහිද්දි බොහෝ දෙනෙක් හිනා වෙනව.
අවුරුදු පහළවෙන් පහල මීටර් 400, 800 සහ 1500 තරඟ තුනෙන්ම මේ පොඩි එකී දිනන්නෙ තරඟ කාරියන් විතරක් නෙවේ
බලන්න ආපු හැමෝමත් පුදුම කරමින්.
තරඟයකට සහභාගිවෙන්න මොහොතකට කලින් රිහාගෙ මිතුරියක් එයාගෙ ජංගම දුරකථනයෙන් ගන්න මේ පිංතූර දෙක ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙ දාන්නෙ විනෝදයට වගේ.

ඒ පිංතූරය දකින ප්‍රදේශයේ තවත් පාසැලක ක්‍රීඩා ගුරුවරියක් එයාගෙ ට්වීට් ගිණුමෙ මේ පිංතූර දෙක පල කරන්නෙ….
“දහිරිය ඇතිනම් දිනන එක මහ වැඩක් නෙවේ” යන පාඨයත් එක්ක.

මේක දකින පිලිපීනයේ මළල ක්‍රීඩිකාවක් ඒ පිංතූර දෙක රී-ට්වීට් කරන්නෙ “අනාගතය ගැන පිලිපීන මළල ක්‍රීඩාව බය විය යුතු නෑ” කියන වාක්‍ය යටින් ලියල.
මේ පිංතූර දෙක ලෝකෙ පුරාම යන්න ගත වෙන්නෙ පැය කීපයයි.

ඇමරිකානු ප්‍රසිද්ධ මළල ක්‍රීඩිකා දලයිලා මුහම්මද්ගෙ ඉඳල කැලිෆෝනියා ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂකගේ ට්වීටර් ගිණුමේ පවා මේ පිංතූර දෙක රී ට්වීට් වෙනව.

ඒ පිංතූර දෙක හරහා නිර්මාණය වෙන දාස් ගණන් උදෘත පාඨ.. දිරි ගැන්වීමේ වාක්‍ය.. ලෝකෙ පුරාම සංචරනය වෙන්නෙ පුදුමාකාර වේගෙකින්.

ලෝකෙ වටේම මිනිස්සු තමන්ගෙ ට්වීට් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වල මේ පිංතූර දෙක පල කරන්නෙ විවිධාකාර දිරි ගැන්වීමේ වාක්‍ය එක්ක.

මේ පිංතූර දකින නයික් සමාගම රිහාට අවශ්‍ය ක්‍රීඩා පාවහන් උපකරණ.. ක්‍රීඩා භාන්ඩ නොමිළේම ලබා දෙන්න ඉදිරිපත් වෙනව. ක්‍රීඩා පාසැල් රිහාට ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබා දෙන්න ඉදිරිපත් වෙනව.

ලෝකෙ වටෙන්ම එන සුභ පැතුම්.. දිරි ගැන්වීම්.. ලිපි වලින් මේ පොඩි කෙල්ලගෙ ලියුම් පෙට්ටිය පිරිල යනව.

බැන්ඩේජ් නයික් සපත්තු දෙකට හිනාවුණු කිසිම කෙනෙක් තව දුරටත් රිහාට හිනා වෙන්නෙ නෑ.
මේක බොහොම පුංචි සිද්ධියක් විතරයි….
ලංකාව පුරාම ඇති මේ වගේ දෛර්‍යවමත් ළමයි.

සමාජ මාධ්‍යයේ අඳුරු පැත්ත වගේම රියා වගේ දුප්පත් දෛර්‍යවන්ත දරුවන්ට ලෝකෙට දොර විවෘත්ත කිරීම වගේ ආලෝකමත් පැත්තකුත් සමාජ මාධ්‍යයේ තියනව.
රියාට සුභ පැතුම්.

Malcolm Sang

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...