මහසෝනා සාක්කි දෙයි….

Share post:

පාළුව හඩා වැලලෙන යම ගං දොලට..
වැරදී මොකෙක්වත් ආවද මගෙ ගුලට…
විලාප හඩ දෙසවන් කෑරුව කලට…
මහ මූකලම් අදුරේ ගෑටුව දොලට…

බලියක් නටනවද බැලුවා ගොස් ළගට…
දැරියක් හඬා මොර දෙනවා පණ බයට…
සී සී කඩ විසිරුණු කෙහෙරැල් තදට..
අල්ලා එකෙකු අඹරා පාගයි බරට…

අල්ලයි උගුරු දණ්ඩෙන් ඈ උඩුබැලිය…
උන් ඇස් තිබුනෙ ගිලගෙන ඇගෙ බද සුලිය…
නයි කන වියරු වැටුණා මගෙ ගත බලිය…
පලා හත් කඩට ගමි තෙපිගෙන් පලිය..

සුර සැප ගන්න තෙපි ආවද ඈ එක්ක..
මරු වැල් පටල පටලා දෙඅතෙත් එක්ක..
උන් වනසන්ට පෙර පතිවත ඈ රැක්ක..
පැන්නා බිමට පොඩිකර එකෙකුගෙ හක්ක..

දුටුවන සෝන කුමරිය වාගෙම පෙනුනා..
පැසවන හිතේ වෙෙරය එලියට ඇදුනා..
පැමිණුණ ලයේ දුක් ගිනි දෙකනින් හැලුනා..
මියගිය පෙමට යලි පණ දෙන්නට හිතුනා..

ගැහුවා එකෙකු අඹරා යටි බඩ රෑන…
දුන්නා පා පහර නෑ තව ඌ පේන…
පරලොව ගැසුමි අවජාතක කොලු රෑන..
දුවහන් දුවෙි මම රිටිගල ජයසේන…

Women’s මයින්ඩ්

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...