නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

Share post:

නොහිතනා මොහොතක දී හිත රිදුණ රිදවීම්
නොකියනා කුණුහරුප යට උනන පිනවීම්
නොදැනෙනා ලෙස හොරෙන් උහුලනා ඉහිලීම්
නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

ගැලරියට නෑසෙනා බැල්කනියෙ කෙඳිරීම්
බැල්කනිය නොදකිනා ගැලරියේ පිබිදීම්
ගැලරියේ වාඩිවී බැල්කනිය නැරඹීම්
ලැවරියා තලුමරන අශ්ලීල හැසිරීම්

පටු ඉඟට පුළුලුකුල මටසිලිටි තෙරපීම්
දෙටු කණිටු තිසර තන වටකුරුව ගැලපීම්
කොටු පනින කල රිදෙන ඇටමිඳුළු ඉවසීම්
හොටු පනින ප්‍රීතියකි සටකපට සැනසීම්

තර උදර බිකිනි මස බරසාර මිරිකීම්
හිර ඩෙනිම සුදු වටොර බඳ පටක නෙරපීම්
සුරලොවට සෙම ගලන පැණි කොමඩු තෙරපීම්
පරදාර අහඹුවක මනලෝල හැසිරීම්

දිවාචර නිශාචර කලාබර පැටලීම්
උපාසක බළල් පොර සරාගික වැටලීම්
සහේතුක සුලෝහිත පයෝධර මිරිකීම්
අරාජික සුරාවකි මනෝහර පිපිරීම්

සුකුමාල හාදුවකි සැඟවෙනා කැළැතීම්
මනමාල යාගයකි උතුරනා තෙරපීම්
මධුලෝල සාදයකි නොකියනා කැළැතීම්
සබකෝල ප්‍රීතියකි පුපුරණා හැසිරීම්

වවුලෙකුගෙ හකු දෙකට පුහුලමක ඇඟවීම්
මයිනෙකුගෙ කුහුලකින් අළු පුහුල් නැරඹීම්
සෙයිලමේ පෝලිමක කළු දොදොල් මිරිකීම්
කොයි තරම් සුන්දර ද අශෝබන හැසිරීම්

නොහිතනා මොහොතක දී හිත රිදුණ රිදවීම්
නොකියනා කුණුහරුප යට උනන පිනවීම්
නොදැනෙනා ලෙස හොරෙන් උහුලනා ඉහිලීම්
නොපෙනෙනා තරමට ම සුන්දරය විඳවීම්

කුමාර හෙට්ටිආරච්චි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...