මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ – දේශගුණ තත්වයන් නිසා මොනවා උනත් අවදිවෙන්නේ නැති පිරිසක් ඊයේ අවදිවෙනවා. කෑ ගහනවා. ලයිව් දෙනවා. බල්තසාර්ට බනිනවා. වැඩ ගොඩයි.
මේ ඊයේ කොළඹ. හැබැයි ලංකාවේ හැම ප්රදේශයකටම මේ වගේ අති දැවැන්ත වැහි මේ කාලවකවානුව ඇතුලේ ලැබුනා. ගංවතුර ආව. නායවල් ගියා. ගෙවල් යටවුනා. මිනිස් ජීවිත නැතිවුනා. වෙන්න ඕනි හැම විනාශයක් ම වුනා.
ඊයේ කොළඹ කැළඹුනා. සමහරු කිව්වේ කොළඹට සුනාමියක් ආව කියල….
ඔව්. ඒක සුනාමියක් වගේ තමයි. කවදාවත් කොළඹ යටවෙන්නේ නැති තැන් ඊයේ යටවුණා.
ඇත්ත කාණු පද්ධතිය සුද්ද නොකිරීමේ ප්‍රශ්නයක් පැහැදිලිව තියනවා ඇති. අකාර්යක්ෂම පාලනයක් තිබෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඇතිවෙමින් යන අති දැවැන්ත කාලගුණ දේශගුණ විපර්යාසය අපට අමතක කරන්න බැහැ. අපි නේපාලයේ ඒක හොඳින් දැක්ක. අපි අපේක්ෂා නොකරන දේවල් ස්වභාව ධර්මය විසින් අපිට අත්දකින්න ඇරලා තියනවා.
අපි කොළඹ කාණු සුද්ද කළාට විතරක් හරියන්නේ නැහැ. මේ දේශගුණික විපර්යාසය ජාතික රාජ්‍යය ඉක්මවල යන දෙයක්. ඉන්දියාවේ කාර්මික දුමාරය කොළඹ අහස කළු කරනවා. චීනයේ ක්‍රියාකාරකම් නිසා නේපාලේ නාය යනවා. චීනයේ කාර්මික දුමාරය ලස්සන ජපන් කියෝතෝවේ අහස යට වියන් බඳිනවා.
මේ විදියට අපි මුළු ලෝකයක් හැටියට මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන්න ඕනි. ගෝලීය උණුසුම, හදිසි කාලගුණ විපර්යාස, උණුසුම් වා රැළි සීතල වා රැළි, අස්වැන්න වෙනස් වීම, සතා සීපාවාගේ හැසිරීම වෙනස් වීම සහ තව බොහෝ දේ අපේ මුහුණ ඉස්සරහට ඇවිල්ල ඉවරයි.
ඒ සඳහා අති දැවැන්ත ජාතික රාජ්‍ය සීමා ඉක්මවා යන පාරිසරික දේශපාලනයක් අපිට කරන්න වෙලා තියනවා.
අපි මෙතෙක් අත්දැකපු, අපිට පුරුදු වැසි ජලය සඳහා සකස් කරපු කාණු වලට දරාගන්න බැරි එකවර වැස්සක් දැන් අපිට ලැබෙනවා. මෝය කටවල් උනත් එහෙමයි.
ඒ නිසා කාණු සුද්ද කරන වැඩෙන් ඔබ්බට ගිය දැවැන්ත වැඩක් අපි ඉස්සරහ තියනවා
