HIV ස්වයං පරීක්ෂණ කට්ටල නිවසටම

Share post:

වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු සහ නොවැම්බර් මාසය තුළ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය පවසයි.

HIV පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමත් සමග එලෙස ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පවසා සිටියාය.

මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අධිඅවදානම් ප්‍රදේශවල ද රෝග පාලනය සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද වෛද්‍යවරිය පැවසූවාය.

විශේෂයෙන්ම අනාරක්ෂිත ලිංගික හැසිරීම් අධිඅවදානම් කණ්ඩායම් සිටින ප්‍රදේශවලදී නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින් ස්වයං පරීක්ෂණ කට්ටල ලබා ගත හැකි අතර සායන සඳහා පැමිණිමට අකමැති පිරිස්වලට know4sure.lk වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීම මගින් මෙම ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...