පොලිසියෙන් පහර දුන් බව පවසා රෝහල්ගත වූ බලංගොඩ කස්සප හිමියන් පැයකට පසු වැඩිදුර ප්රතිකාර අනවශ්ය බව පවසා කොළඹ, ජාතික රෝහලෙන් පිටව ගොස් තිබේ.
පොලිසිය පහර දුන් බව පවසමින් දැඩි අසීරු තත්ත්වයකින් උන්වහන්සේ පෙළෙන බව අද (17) පස්වරුවේ මාධ්ය මගින් ප්රචාරය කෙරිණි. ඊට අදාළ දර්ශන ද ප්රචාරය විය.
බලංගොඩ කස්සප හිමියන් විසින් පහර දුන් බව කියූ සිද්ධියෙන් පසු රාත්රී 8.30ට පමණ රෝහල්ගත වී ඇත. ඒ, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ය. කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරන්නේ වැඩිදුර ප්රතිකාර අනවශ්ය බව පවසා උන්වහන්සේ රෝහලෙන් පිටව ගොස් ඇති බවයි. උන්වහන්සේ රෝහලට ඇතුළත් වූ විගස අවශ්ය රුධිර පරීක්ෂණ ඇතුළු සියලු පරීක්ෂාවන් ඊට අදාළ වෛද්යවරුන් විසින් සිදු කර ඇති බවත්, එම පරීක්ෂණවලින් උන්වහන්සේගේ කිසිදු වෙනස් තත්ත්වයක් නිරීක්ෂණය වී නැති බවත් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
තම හිසට පහර වැදුණු බව පැවසීම නිසා පූර්ණ පරීක්ෂාවකට හදිසි අනතුරු අංශයේ වාටුටවට ඇතුළත් වන ලෙස වෛද්යවරුන් පැවසීමෙන් පසු වැඩිදුර ප්රතිකාර අනවශ්ය බව පවසා රාත්රී 9.30ට පමණ උන්වහන්සේ රෝහලෙන් පිටව ගිය බව ද අධ්යක්ෂවරයා සඳහන් කරයි.
