වත්මන් පාලනයට එරෙහිව තුර්කියේ දහස් ගණනින් ජනතාව වීදි බසිති

Share post:

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර එරට වැසියන් දහස් ගණනක් විරෝධතාවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඉස්තාන්බුල් නගරාධිපති වන එක්රම් ඉමාමොග්ලු සිරගත කිරීමට එරෙහිවයි.

එරට ජනාධිපති රිසෙප් තායිප් එර්ඩර්ගොන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ, ඉස්තාන්බුල් නගරාධිපතිවරයාට අධිකරණයෙන් වසර 02යි මාස 07ක සිරදඩුවමක් ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබිණි.

මැතිවරණ නිලධාරීන්ට සිදුකළ අපහාසයක් මුල් කරගනිමින් අධිකරණය එම නියෝගය ලබා දී තිබුණු අතර විරෝධතාකරුවන් පාලක පක්ෂය සහ ජනාධිපතිවරයාව විවේචනය කරමින් විරෝධය පළ කරන බව සඳහන් ය.

විරෝධතාකරුවන් පවසන්නේ අධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කිරීමක් බවයි.

මේ අතර එළඹෙන වසරේ ජූනි මාසයේදී එරට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බවටද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...