2026 – සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය( Nobel Prize for Literature – 2026 ) කැනේඩියානු ජාතික ජේෂ්ඨ කිවිඳිය වන ඇනා කාසන් ( Anne Carson : 1950 ) වෙත පිරිනමන බව මීට විනාඩි කීපයකට පමණ පෙර දී නොබෙල් ත්‍යාගය කමිටුව ( Nobel Prize Commtte ) විසින් ස්විඩනයේ ස්ටොක්හෝම් නගරයේ දී ( Sweden 🇸🇪 / Stockholm ) නිවේදනය කරන ලදි.
ඇනා කාසන් විසින් එදාමෙදාතුර රචිත කාව්‍ය හා කාව්‍ය නොවන පොතපත සැලකිය යුතු සංඛ්‍යාමක් වේ. ඒවා අතර පහත සදහන් කාව්‍ය සංග්‍රහතන් හා වෙනත් රචනා පොතපත විශේෂ ස්ථානයක් හිමිකර ගනු. ඒවා මෙසේය.
Poetry books
Eros the Bittersweet (1986)
Plainwater: Essays and Poetry (1995)
Glass, Irony, and God (1995)
Autobiography of Red (1998)
Economy of the Unlost (1999)
Men in the Off Hours (2000)
The Beauty of the Husband (2001)
Decreation (2005)
Nox (2010)
Antigonick (2012)
Red Doc> (2013)
Float (2016)
Wrong Norma (2024)
•Notable Translations
& Classical Adaptations
If Not, Winter: Fragments of Sappho (2002)
Grief Lessons:
Four Plays by Euripides (2006)
Translations of classical
Greek tragedies. An Oresteia (2009)
Norma Jeane Baker of Troy (2019)
කැනේඩියානු ජාතිකයන් දෙදෙනකු මේවනවිට සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද අතර එම දෙදෙනාම කානාතාවන් වීම විශේෂත්වයකි. එනම් ඒ කැනේඩියානු ජාතික ජේෂ්ඨ කෙටිකතාකාරිණියක් වූ ඇලිස් මොන්රෝ ( Alice Mounro ) 2013 දී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය දිනාගත් අතර 2026 දී සාහිත්‍ය පිළිබඳව නොබෙල් ත්‍යාගය දිනාගැනීමට සමත්වූයේ වූයේ මැය ( ඇනා කාසන් ) විසිනි.
තමාට ගැලපෙන විවිධ විලාසිතාවන්ට බෙහෙවින් ප්‍රිය ඇනා ගහකොළ – සතා : සිව්පාවුන් අතිශයින්ම ඇල්මක් දක්වන බවද කියැවේ. මැය මේ පසුකරමින් සිටින්නේ තම ජීවිතයේ හැත්තෑහයවැනි ( 76 ) සැතපුම් කණුව යි.
ඇනා කාසන් විසින් රචිත කාව්‍ය කීපයක්ම මවිසින් කියා ඇත. එනමුදු මැය පිළිබඳව මට එතරම්ම ඉහළ කියවීමක් නොමැත.
ඒත් … මට දැන් මැය විසින් රචිත කාව්‍ය සංග්‍රහයන් පිටරටින් ගෙන්වාගෙන කියවීමට කාලය උදාවී ඇතැයි කියා මට සිතේ.
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

