ප්‍රගීත් රත්නායකගේ First Person චිත්‍ර ප්‍රදර්ශනයෙන් පිටතට එන විට මා තුළ ඉතිරිව තිබුණේ එක්තරා නොවිසඳුණු ප්‍රශ්නයකි.
මිනිසෙකුගේ පෙනුම නිරූපණය කිරීමෙන් ඔබ්බට ගොස්, ඔහුගේ හෝ ඇයගේ විඥානය නිරූපණය කළ හැකිද?
ප්‍රදර්ශනය නරඹන්නට මා සමඟ සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන සරත් පෙරේරාය. First Person තුළ අප දුටුවේ මුහුණ සම්පූර්ණ මුහුණක් ලෙස නොපෙනෙන, ශරීරය සම්පූර්ණ ශරීරයක් ලෙස නොපවතින, ඇස, අත, සත්ව රූප, ශාක, රේඛා, ලකුණු, අකුරු සහ මතක කොටස් එකිනෙකට ඇතුළු වන දෘශ්‍ය ලෝකයකි.
එහි මිනිසාගේ පිටත පෙනුම බිඳ දමා තිබුණේ, සමහරවිට ඇතුළත පවතින යමක් සොයා ගැනීමටය.
එම ප්‍රදර්ශනයෙන් පිටවී වැඩි වේලාවක් ගතවීමට පෙර නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ පුවත මට ලැබුණි.
එය හුදෙක් ප්‍රසිද්ධ ගායිකාවකගේ මරණය පිළිබඳ පුවතක් ලෙස මට ඇසුණේ නැත.
අපේ තරුණ වියේ—විශේෂයෙන් අසූව දශකයේ මැද භාගයේ සමාජය, දේශපාලනය, අසාධාරණය, ආදරය, පීඩනය සහ මනුෂ්‍ය ගෞරවය පිළිබඳ අපගේ දැක්ම හැඩගැස්වීමට දායක වූ හඬක් නිහඬ වූ බවක් ලෙස එය දැනුණි.
ඊට පසුව සරත් මට ඡායාරූපයක් එව්වේය.
නන්දා මාලිනී.
කළු සුදු ඡායාරූපයක්.
ඒ ඡායාරූපය දෙස ටික වේලාවක් බලා සිටින විට First Person තුළ මට ඇති වූ ප්‍රශ්නය නැවතත් මා ඉදිරියේ සිටියේය.
කැමරාවට මිනිසෙකුගේ පෙනුමෙන් ඔබ්බට යා හැකිද?
අපට නන්දා මාලිනීගේ මුහුණ අලුත් මුහුණක් නොවේ.
දශක ගණනාවක් පුරා ඇගේ මුහුණ අපට පුවත්පත්වලින්, ගී තැටි කවරවලින්, රූපවාහිනියෙන්, ප්‍රසංග වේදිකාවලින් සහ ඡායාරූපවලින් හමු වී තිබේ.
ඇගේ සුදු සාරිය පවා එක්තරා අවස්ථාවක ඇඳුමක් පමණක් නොව cultural sign එකක් බවට පත්විය.
එබැවින් නන්දා මාලිනී ඡායාරූපගත කිරීමේදී photographer කෙනෙකු ඉදිරියේ ඇති ප්‍රශ්නය “ඇගේ මුහුණ කෙසේ පෙන්වන්නේද?” යන්න පමණක් නොවේ.
ඊට වඩා අසීරු ප්‍රශ්නයක් තිබේ.
අප දැනටමත් දන්නා නන්දා මාලිනීගේ public image එකෙන් ඔබ්බට ගොස් ඇයව නැවත දැකිය හැක්කේ කෙසේද?
සරත් පෙරේරාගේ ඡායාරූපයේ වැදගත්කම මට පෙනෙන්නේ එතැනිනි.
මෙහි නන්දා මාලිනී කැමරාව ඉදිරියේ තමන්ගේ ප්‍රසිද්ධ ප්‍රතිරූපය රඟපාන්නේ නැත.
ඇය අප දෙස බලන්නේද නැත.
ඇගේ බැල්ම frame එකෙන් පිටතට ගොස් ඇත.
ඇගේ තොල් මඳක් විවෘතය.
එය සංවාදයක් අතරතුර මොහොතක් විය හැකිය. යමෙකුට පිළිතුරු දීමට පෙර මොහොතක් විය හැකිය. යමක් අසා සිටින මොහොතක් විය හැකිය.
අපි දන්නේ නැත.
ඒ “අපි දන්නේ නැත” යන්නම මේ ඡායාරූපයේ ශක්තියකි.
මෙම ඡායාරූපයේ දෙවන මුහුණ ඇගේ අත යැයි මට සිතේ.
දකුණු පස ඇති දැවමය ව්‍යුහය අසල ඇගේ අත නැවතී ඇත. ඇඟිලි සම්පූර්ණයෙන් දිගහැර නැත; තදින් වසාගෙනද නැත.
එය ඉතා සාමාන්‍ය gesture එකක් විය හැකිය.
එහෙත් photography හි සාමාන්‍ය gesture එකක්, shutter එක වැසුණු මොහොතේ, අසාමාන්‍ය වැදගත්කමක් ලබා ගනී.
ඇගේ ජීවිතය පුරා අප ඇයව ප්‍රධාන වශයෙන් දැනගත්තේ හඬෙන්ය.
මෙහි හඬ නැත.
Photograph එක ස්වභාවයෙන්ම නිහඬය.
එහෙත් ඒ නිහඬ අවකාශය තුළ ඇගේ අත කතා කරයි.
ඇගේ ඇස් කතා කරයි.
මඳක් විවෘත වූ තොල් කතා කරයි.
එබැවින් සරත්ගේ ඡායාරූපය තුළ සිදුවන අපූරු පරිවර්තනයක් ඇත:
හඬකින් අප දැන සිටි කාන්තාවක්, ශරීර භාෂාවක් බවට පත්වෙයි.
මෙම portrait එක සාම්ප්‍රදායික ආකාරයෙන් නිර්මාණය කළේ නම් photographer කෙනෙකුට ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් තිබුණි.
දකුණු පස ඇති විශාල architectural element එක ඉවත් කිරීම.
ඇයව frame එකේ මධ්‍යයට ගෙන ඒම.
මුහුණට වැඩි අවධානයක් ලබා දීම.
පසුබිම මෘදු කිරීම.
එවිට අපට ලැබෙන්නේ ඉතා “හොඳ” portrait එකක් විය හැකිය.
නමුත් මේ photograph එක එසේ නොකිරීම නිසාම වඩාත් වැදගත් වෙයි.
දකුණු පස ඇති දැවැන්ත ව්‍යුහය frame එකේ විශාල කොටසක් අල්ලාගෙන සිටී. නන්දා එය අසල සිටී. ඇගේ අත එයට ආසන්නය.
එය ඇයව පරිසරයෙන් වෙන් කරන්නේ නැත.
ඇයව පරිසරයක් තුළ තබයි.
මෙය මට තවත් විශාල metaphor එකක් වෙත යාමට ඉඩ දෙයි.
මිනිසා තනිව නොපවතී.
ඔහු හෝ ඇය ඉතිහාසයක් තුළ සිටී.
සමාජ ව්‍යුහයක් තුළ සිටී.
දේශපාලනයක් තුළ සිටී.
සංස්කෘතියක් තුළ සිටී.
නන්දා මාලිනියගේ හඬද එසේමය.
එය vacuum එකකින් බිහි වූ හඬක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සමාජ ඉතිහාසයේ ගැටුම්, අසාධාරණතා, ප්‍රේමයන්, බිඳවැටීම්, තරුණ කැරලි, බලාපොරොත්තු සහ පරාජයන් අතරින් ගමන් කළ හඬකි.
එබැවින් photograph එකේ architecture එකත් ඇයත් අතර සම්බන්ධය photographer විසින් එවැනි සංකේතයක් ලෙස සැලසුම් කළා යැයි අපට කිව නොහැකි වුවත්, viewer ලෙස එය එසේ කියවීමට photograph එක අපට ඉඩ දෙයි.
එය වැදගත් වෙනසකි.
කලා විචාරයේදී artistගේ intention එක සහ artwork එකෙන් උපදින meaning එක එකම දෙයක් නොවේ.
සරත් පෙරේරා ඇයව තරුණ කර නැත.
ඡායාරූපය ඇගේ වයස සමඟ සටන් කරන්නේ නැත.
මුහුණේ රේඛා තිබේ.
ඇස් වටා කාලය තිබේ.
සමේ texture එක තිබේ.
ඒවා retouch කර iconic perfection එකක් නිර්මාණය කිරීමට උත්සාහයක් නොපෙනේ.
එය මට මේ portrait එකේ ඉතාම මානුෂීය ගුණයක් ලෙස පෙනේ.
අපේ contemporary visual culture එක වයසට බියය.
Portraiture එකේදී විශේෂයෙන්ම කාන්තාවන්ගේ වයස මකා දැමීමට අපි උත්සාහ කරමු. Skin smoothing, digital retouching, artificial lighting සහ filters මගින් “කාලය” මුහුණෙන් ඉවත් කරමු.
නමුත් කාලය ඉවත් කළ විට biography එකේ කොටසක්ද ඉවත් වේ.
සරත්ගේ photograph එක එසේ නොකරයි.
මෙහි වයස දුර්වලතාවක් නොවේ.
එය evidence එකකි.
ජීවත්වීමේ සාක්ෂියකි.
Black and white මෙහි nostalgia සඳහා පමණක් භාවිත කළ aesthetic device එකක් ලෙස මට නොපෙනේ.
වර්ණය ඉවත් වූ විට අපේ අවධානය වෙනස් වෙයි.
සාරියේ සුදු පැහැය, මුහුණේ tonal gradation, කෙස්වල texture, architectural structure එකේ තද බව, පසුබිමේ අඳුරු අවකාශ—මේ සියල්ල colour information එකෙන් මිදී light සහ form බවට පත්වෙයි.
ඒ සමඟ photograph එකට කාලය පිළිබඳ ambiguity එකක්ද ලැබේ.
එය “අද” පමණක් නොවෙයි.
එය archive එකකින් පැමිණි රූපයක් විය හැකි බවට දෘශ්‍යමය හැඟීමක් ඇති කරයි.
ඒ නිසා photograph එක ගත් මොහොත සහ අප දැන් එය බලන මොහොත අතර දුර වැඩි වෙයි.
මෙතැනින් මෙම ඡායාරූපයේ අර්ථය තවත් ගැඹුරු තැනකට යයි.
නන්දා මාලිනී ජීවත්ව සිටියදී මේ photograph එක බැලුවා නම් අප දකින දේ එකකි.
ඇගේ වියෝව පිළිබඳ පුවතෙන් පසු එය බැලීම වෙනත් අත්දැකීමකි.
Photograph එක වෙනස් වී නැත.
එහි pixels වෙනස් වී නැත.
Composition එක වෙනස් වී නැත.
Light එක වෙනස් වී නැත.
වෙනස් වී ඇත්තේ අපය.
අප දැන් photograph එක තුළ presence එකක් පමණක් නොව absence එකක්ද දකිමු.
මේ photography හි අතිශය ගැඹුරු ontological ගුණයකි.
Painting එකක කෙනෙකුගේ රූපය artist කෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබේ.
නමුත් photograph එකේ subject එක, යම් මොහොතක, lens එක ඉදිරියේ සැබැවින්ම සිටියේය.
ඒ නිසා සෑම photograph එකකම සැඟවුණු වාක්‍යයක් තිබේ:
“මේ කෙනා මෙහි සිටියා.”
මරණයෙන් පසු ඒ වාක්‍යය තවත් බරපතළ වේ.
“මේ කෙනා මෙහි සිටියා. දැන් ඇය නැත.”
එතැනදී portrait එක memory object එකක් බවට පත්වෙයි.
එදා සිදුවූ අහඹු සිදුවීම් මාලාව නැවත සිතන විට මට එය අමතක කළ නොහැක.
ප්‍රගීත් රත්නායක මිනිස් රූපය බිඳ දමමින් විඥානය නිරූපණය කිරීමට උත්සාහ කරන First Person ඉදිරියේ අප සිටියෙමු.
මා සමඟ සිටියේ photographer සරත් පෙරේරාය.
අපි gallery එකෙන් පිටවෙමු.
නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ පුවත පැමිණෙයි.
පසුව සරත්ගේ archive එකෙන් මේ photograph එක මා වෙත පැමිණෙයි.
එය හුදෙක් coincidence එකක් විය හැකිය.
නමුත් art sometimes begins precisely there—when unrelated moments suddenly illuminate one another.
ප්‍රගීත් painting එකෙන් අසන ප්‍රශ්නය සරත් photography එකෙන් නැවත අසයි.
පෙනුමෙන් ඔබ්බට යා හැකිද?
Photography එකට විඥානය photograph කළ නොහැක.
Lens එකට මතකයක් දැකිය නොහැක.
Sensor එකට දුකක් මැනිය නොහැක.
Shutter එකට චරිතයක් සටහන් කළ නොහැක.
එය සටහන් කරන්නේ ආලෝකය පමණි.
නමුත් එම ආලෝකය මුහුණක් මත, අතක් මත, ඇසක් මත, වයසක රේඛාවක් මත, අහම්බෙන් ඇති වූ gesture එකක් මත වැටුණු විට—photographer එය නිවැරදි මොහොතක සටහන් කළහොත්—viewerගේ මතකය සහ ජීවිත අත්දැකීම එයට එක්වෙයි.
එතැනදී photograph එක optics වලින් consciousness වෙත ගමන් කිරීමට පටන් ගනී.
සරත් පෙරේරාගේ මේ photograph එක දෙස නැවත බලමි.
නන්දා මාලිනී ගී ගයන්නේ නැත.
Microphone එකක් නැත.
වේදිකාවක් නැත.
ප්‍රේක්ෂකාගාරයක් නැත.
ඇය අප දෙසවත් බලන්නේ නැත.
එහෙත් අපට ඇගේ හඬ මතක් වෙයි.
එය photograph එක තුළ නැත.
එය අප තුළ ඇත.
සමහරවිට great portrait එකක විශාලතම ජයග්‍රහණය එය විය හැකිය.
එය subject කෙනා පිළිබඳ සියල්ල අපට පෙන්වන්නේ නැත.
ඒ වෙනුවට, අප තුළ දැනටමත් තැන්පත් වී ඇති යමක් අවදි කරයි.
නන්දා මාලිනියගේ මුහුණ ඉදිරියේ අප දකින්නේ එක් කාන්තාවකගේ වයස පමණක් නොවේ.
අපේම කාලයත් දකිමු.
අපේ තරුණ විය.
අප විශ්වාස කළ දේ.
අප ප්‍රශ්න කළ දේ.
අප අහිමි කළ දේ.
සමහරවිට අප තවමත් සොයන දේ.
එවිට සරත් පෙරේරාගේ photograph එක නන්දා මාලිනියගේ portrait එකක් පමණක් නොවේ.
එය අපේම collective memory එකට තබා ඇති කැඩපතක් බවට පත්වෙයි.
හඬ නිහඬ වී ඇත.
නමුත් බැල්ම තවමත් frame එකෙන් පිටතට යමින් තිබේ.
ඒ බැල්ම යන්නේ කොතැනටදැයි photograph එක අපට කියන්නේ නැත.
සමහරවිට එය කියන්න අවශ්‍යද නැත.
ඡායාරූපයේ බලය ඇත්තේ පිළිතුර තුළ නොව—
ඇය නොමැති ලෝකයකත් තවමත් අපෙන් ප්‍රශ්නයක් අසන ඒ නිහඬ බැල්ම තුළය.
