මීටර් 400 ඉසව්වේ දක්ශතම ක්‍රීඩකයන් අටදෙනා අතරට සදෙව් රාජකරුණා

4

මීටර් 400 ඉසව්ව කියන්නෙ ලෝක ධාවනපතයේ ඉතාම තරඟකාරී වගේම ආකර්ශණීය ඉසව්වක්.
ඇමරිකානු හෝ අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයන් හැරෙන්නට වෙනත් කිසිදු ජාතියකට අයත් ක්‍රීඩකයන් අවධානයට ලක්වන්නේ පවා ඉතාම කලාතුරකින්. අවසන් තරඟවල ක්‍රීඩකයන් 8 දෙනාම කළු ජාතික ක්‍රීඩකයන් වීම සාමාන්‍ය පුරුද්දක්.

මෙවර අන්තර්ජාතික යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 400 ඉසව්වේ දක්ශතම ක්‍රීඩකයන් අටදෙනා අතරට සදෙව් රාජකරුණාගේ නම ඇතුලත්ව තිබෙනවා. දකුණු අප්‍රිකාවේ ලීන්ඩර්ට් කොඑකමර් හැරුණු විට කළු ජාතිකයෙක් නොවන එකම ක්‍රීඩකයා සදෙව්. මේ සතුටුවිය හැකි අවස්ථාවක්.
ඇමරිකානු ජාතික ක්වින්සි විල්සන් වැනි ඔලිම්පික් පදක්කම් ලාභී ක්‍රීඩකයන් මේ තරඟයට තරඟවදිනවා. ඒ වගේම ලින්ඩර් කොඑකමර් ලෝක සහාය දිවීමේ ශූරතාවලියේදී බොට්ස්වානා ක්‍රීඩකයන් අභිබවා ධාවනයේ යෙදුනු සුපිරි ක්‍රීඩකයෙක්. මේ තරඟයේ අවසන් තරඟයට ලඟාවීම පවා අසීරු අභියෝගයක්.
නමුත් තත්පර 45.53 ක දක්ශතාවයක් සහිතව ලොව දක්ශතම ක්‍රීඩකයන් අතර සදෙව් රාජකරුණා දක්නට ලැබීම බොහොම සතුටු වියහැකි කාරණයක්. අනෙත් අතින් ඔරෙගන් කියන්නෙ ලෝකයේ මලල ක්‍රීඩා අග නගරය වගේ.
හේවුඩ් ක්‍රීඩා සංකීර්ණය නවීන පහසුකම් සියල්ලකින්ම යුත් ආකර්ශණීය තැනක්.

ඔරෙගන් හේවුඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී අපිට දකින්නට පුළුවන් වේවි ලෝක ධාවන පිටියේ මීලඟ සුපිරි තරු වගේම.. ලෝක මට්ටමේ සුපිරි දක්ශතා.

Malcolm Sang