ධර්මසිරි නම් සුසමාදර්ශීය මිනිසා: වම් ඉවුරේ හංස විල (දෙසැ. 21 දා)

408

1974 ආචාර්‍ය ධර්මසේන පතිරාජ ‘අහස් ගව්ව’ මගින් ලාංකේය සිනමාවේ ලෙස්ටෝරියානු සුසමාදර්ශය පරිවර්තනය කරමින් නව අඩවියකට චිත්‍රපටය ගෙන යනවා. ඒ මාත්‍රාව මගින් අපේ සමාජයේ දේශපාලන ආර්තිකය සිනමානුරූපී ව පරීක්ෂා කෙරෙනවා. එතනින් එළඹෙන දනව්ව තුළ ධර්මසිරි බණඩාරනායක, වසන්ත ඔබේසේකර, එච්. ඩී. ප්‍රේමරත්න අතුරු සුසමාදර්ශ කිහිපයක් ගැඹුරු මුද්‍රා තබනවා. සිනමා අධ්‍යක්ෂණය, රංගනය, වේදිකා නාට්‍ය, වාර්තා චිත්‍රපටය, පසුබිම් කතනය වගේ ම සමාජ දේශපාලන ක්‍රියාව හා මැදිහත් වීම ආදී අඩවි රැසක ධර්මසිරිගේ සලකුණ බලගතු ලෙස සටහන් වෙනවා. ඊට අමතර ව ඔහු උතුර හා දමිළ හදවත් සමග ලේ නෑයෙකු සේ හිට ගන්නවා. වළක්වා ගත හැකි ව තිබූ අර්තුරෝ උයීලාගේ නැගීම් දුර සිට ම දැක යෝධයෙකු සේ මැදිහත් වෙනවා. ඒ තමයි ධර්මසිරි අයියා. දෙසැම්බර් 21 දා තරංගනී පරිශ්‍රයේ දී ඔබට දිගාසිරි පතා වැළඳ ගන්න
එන්න.

හිනිඳුම සුනිල් සෙනෙවි