ලෝක පාපන්දු ශූරතාවය අවසන් වන්නේ වඩාත් දක්ෂ ස්පාඤ්ඤයට ලෝක කුසලානය ලබාදෙමින්. මෙවර වඩාත්ම අවධානයට ලක්වන්නේ සමාජ මාධ්‍යයේ ප්‍රේක්ශක කන්ඩායම් අතර හටගන්නා සටන් සහ දරුණු ගැටුම් ආදියට වීම අවාසනාවක්.
මේ තරඟාවලිය අතර තුර වඩාත්ම ට්‍රෝල් වුනු, එහෙමත් නැත්තං අපහාසයට උපහාසයට ලක්වුනු පිංතූරවලින් එකක් අපි මේ දකින්නෙ.
කවුද මේ තුන්දෙනා.? කොටින්ම ලෙජන්ඩ්ලා තුන්දෙනෙක්. මේ තුන්දෙනාම අමතක නොවන මතක ලෝකයට ඉතුරු කරපු චරිත තුනක්.
රොනාල්ඩීනියෝ .. මැඩෝනා සහ රොනාල්ඩෝ.
බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනියෝට අකමැති කවුද? ලෝක කුසලාන, චැම්පියන් ලීග් , වසරේ දක්ශතම ක්‍රීඩකයා ආදී ශූරතා රාශියක් දිනාගන්නා රොනාල්ඩීනියෝ හැඳින්වුනේ මැජික් කාරයෙක් විදිහට. මේ තරම් ආකර්ශණීය පාපන්දු ක්‍රීඩකයෙක් ලෝක පාපන්දු පිටියේ මා දැක නැහැ.
හැම තිස්සෙම හිනාවෙන.. කිසිම විටෙක සටන අත් නොහරින රොනාල්ඩීනියෝ ක්‍රීඩා කරන ආකාරය බලාගෙන ඉන්න පුළුවන් පැය ගාණක්.
රොනාල්ඩෝ. බ්‍රසීලය බිහිකරපු දක්ශම ක්‍රීඩකයා පේලේද .. රොනාල්ඩෝද කියන ප්‍රශ්ණයට උත්තර දෙන්න පහසු නෑ. ඉදිරි පෙල ප්‍රහාරකයෙක් විදිහට ක්‍රීඩා කරන රොනාල්ඩෝ ඇත්තටම විශ්මයජනක ක්‍රීඩකයෙක්. 1994 සහ 2002 ලෝක ශූරතා දිනාගන්නා බ්‍රසීල ජාතික කන්ඩායමේ ක්‍රීඩකයෙක් වූ රොනාල්ඩෝ බ්‍රසීලය බිහිකල දක්ශතම ප්‍රහාරකයා බවට සැකයක් නැහැ.
ලෝක සංගීත ක්ශේස්ත්‍රයේ පොප් රැජිණ Queen of the pop විදිහට හඳුන්වන්නේ මැඩෝනාව. සංගීතය.. නර්තනය.. විලාසිතා.. ඉදිරිපත් කිරීමේ ශෛලිය වගේ හැම දෙයක්ම අතින් මැඩෝනා සම්පූර්ණයි.
කොටින්ම සංගීත සංදර්ශණවලට අළුත්ම ආකර්ශණීය ක්‍රමයක් හඳුන්වා දෙන්නෙ මැඩෝනා විසින්. ඒත් එක්කම “Like a Prayer.” ගීතය… ඉදිරිපත් කිරීමේ නර්තනය හා යොදාගන්නා සංඛේත නිසා මැඩෝනා වතිකානුවේ කෝපයට ලක්වෙනවා. මේ නිසා පෙප්සි වැනි සමාගම් සමග ඇතිකරගත් ඩොලර් මිලියන ගණනක ගිවිසුම් අහිමිවෙද්දිත් මැඩෝනා තමන්ගෙ ක්‍රමය වෙනස් කරන්නෙ නැහැ.
රොනාල්ඩෝට වයස අවුරුදු 50 ක් වෙද්දි රොනාල්ඩීනියෝ අවුරුදු 46 සීමාව පහුකරනවා. මැඩෝනා වයස අවුරුදු 68 ට ලඟාවෙනවා මේ අගෝස්තුවේ.
අපි හිතමු වර්ථමානයේ ලයනල් මෙසී.. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ටේලර් ස්විෆ්ට් එක්ව පිංතූරයකට පෙනී හිටියා කියලා. ඒත් මේ තුන්දෙනා තරම් ආකර්ශණයක් එතැනට ගන්න පුළුවන්ද සැක සහිතයි.
රොනාල්ඩෝ.. රොනාල්ඩීනියෝ .. මැඩෝනා… මේ තුන්දෙනාම අදින් වසර 20ට 30ට කලින් දේවත්වයෙන් සලකපු චරිත. ඒ වගේම අති දක්ශයන්. කාලයත් එක්කම හැමදේම වෙනස් වෙනවා.
එදා දේවත්වයෙන් සලකපු චරිත අද විහිළුකාරයන් විදිහට සමාජ මාධ්‍යයේ ට්‍රෝල් වෙනවා.
නමුත් මේ දක්ශයන් ගැන හැබෑවට දන්න ප්‍රේක්ශකයන් තවමත් අපි අතර ඉන්නවා නොවැරදීම.
