ජපන් ලේඛක හරුකි මුරකාමිගේ නවතම නවකතාව ප්‍රකාශයට පත්වේ

11

ලොවපුරා ඉමහත් ජනප්‍රියත්වයට හා සුවිසල් පාඨකාගාරයකට හිමිකම් කියන විශිෂ්ට ලේඛකයකු වන ජපන් ජාතික හරුකි මුරකාමි ( Haruki Murakami : 1949 ) විසින් රචිත නවතම නවකතාව වනුයේ The Tale of Kaho – 2026 යි. මෙම නවකතාවට පසුගියදා එනම්, 2026 ජූලි මස 03 වැනිදින ජපානයේ තෝකියෝ නගරයේ ( City of Tokyo ) දී නිල – වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදි.

පශ්චාත් නූතන නවකතාව ( A PostModern Novel ) හා එම ශෛලිය අනුගමනය කරන වර්තමාන ජාත්‍යන්තර ලේඛකයන් අතර හරුකි මුරකාමි ඉදිරියෙන්ම සිටින විශිෂ්ට නවකතාකරුවකු බව අවිවාදිත ය. ඔහු විසින් රචිත The Windup Bird Chronicle – 1994 / English T : 1996 නවකතාව ඉංග්‍රීසි භාෂාවට ඇතුළුව සෙසු ලොව ප්‍රධාන භාෂාවන්ට පරිවර්තන වීමෙන් අනතුරුව ගෝලීය පාඨකාගාරය තුළ හරුකි මුරකාමි යන නාමය අතිශයින්ම ප්‍රචලිත වූ බව පෙනේ. මෙගින් මොහු විචාරක ප්‍රාජාවගේ දැඩි අවධානයට ලක්වූයේ ය. ඊට මූලික අඩිතාලම මොහු විසින් රචිත Norwegian Wood – 1987 / English – T : 1989 නවකතාව බව කිවයුතුය. වර්තමානයේ වුවද ඔහුගේ අතිශයින්ම ජනප්‍රිය නවකතාව අතර Norwegian Wood ඉදිරියෙන්ම තිබෙන අතර මොහුගේ එතෙක් මෙතෙක් රචිත විශිෂ්ටතම නවකතාව After Dark – 2004 බව විචාරකයන්ගේ මතය යි.

මුරකාමි විසින් රචිත නවකතා :

Hear the Wind Sing (1979) / Pinball, 1973 (1980) / A Wild Sheep Chase (1982) / Hard-Boiled Wonderland and the End of the World (1985) / Norwegian Wood ( 1987 ) / Dance Dance Dance (1988) / South of the Border, West of the Sun (1992 ) / The Wind-Up Bird Chronicle (1994–1995) / Sputnik Sweetheart (1999) / Kafka on the Shore (2002) / After Dark (2004) / 1Q84 (2009–2010) / Colorless Tsukuru Tazaki and His Years of Pilgrimage (2013) / Killing Commendatore (2017) / The City and Its Uncertain Walls (2023).

The Tale of Kaho නවකතාව තවම ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසින්ට නිල- වශයෙන් පරිවර්තනය වී නොමැති බව කියැවේ. සාමාන්‍යයෙන් මුරකාමි ලේඛනකරණයේ නිරත වනුයේ තම මව් භාෂාව වන ජපන් භාෂාවෙනි. එහෙයින් මේ නිකුත් වී ඇත්තේ මුල්ම නවකතාව යි. ඉතා නුදුරේදීම මෙහි ඉංග්‍රීසි පරිවර්තනය ඇතුළුව ලොව සෙසු ප්‍රධාන භාෂාවන්හි පරිවර්තන ප්‍රකාශයට පත්වනු ඇත.

වර්තමාන ජාත්‍යන්තර සාහිත්‍ය තුළ මා අතිශයින්ම ප්‍රියකරන ලේඛකයන් හා ලේඛිකාවක් සිය ගණනාවක් අතර හරුකි මුරකාමි ඉදිරියෙන්ම සිටින ලේඛකයකු බව හදුන්වාදීමට පුලුවනි. මා ඔහුගේ සෑම නවකතාවක්ම කියා ඇති අතර මේවනවිට අඩක් පමණක් කියවා ඇත්තේ ඔහු විසින් අවසනට රචිත The City and Its Uncertain Walls – 2023 යි. මොහුගේ නවකතාවක් කියවීම යනු මා එතෙක් නොදුටු අලුත් මානයක් දෙස බැලීමට මට කරන එක්තරා බලවත් හෘදයාංගම උත්තේජනයක් වැනිය. ඉන් මට කිසිවිටෙක මිදෙනු බැරිය. මක්නිසාදයත් එම හෘදයාංගම උත්තේජනයට මා අතිශයින්ම ප්‍රියකරන බැවිනි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි