“සැදෑසමය ගෙවාදමන
මිතුරන් තිදෙනාගේ මානසිකත්වයේ
සැබෑ ඇතුළාන්තය කෙබඳුද ?
Book Tital : The Finkler Qestion
Author : Howard Jacobson
Publisher : Bloomsbury
Publishing Year 2009
Country : UK 🇬🇧
ISBN : 979 – 1 – 4088 – 0993 – 8
Winner of the Man Booker Prize – 2010
ජාත්‍යන්ත්රය විචාර :
“Serious and seriously funny”
– Daily Telegraph
“”Like Shakespeare only more so, The Finkler Question links tragedy and comedy. Story lines of bereavement and thwarted hopes of belonging modulate Jacobson ‘ s gags “
– Guardian
“The Finkler Qestion throds, and sobs, with
Iife in a story of grief, belief and memory.”
– Independent
“Full of wit , warmth, intelligence, human feeling and understanding.”
– Observer
“A richly satisfying read”- Sunday Times
“An Incompatible marvel” – West Australia
The Finkler Question – 2009 නවකතාව යනු 2010 වසරේ දී Man Booker Prize දිනාගත්, බ්‍රිතාන්‍ය ජාතික ජේෂ්ඨ හා සම්මානනීය ලේඛකයෙකු වන හාවඩ් ජේකොබ්සන් ( Howard Jacobson ) විසින් රචිත හාස්‍යජනක වුවද ගැඹුරුතම නවකතාවක්. එය ඔහුගේ විශිෂ්ට හා ගැඹුරුතම නවකතාව බව සාහිත්‍ය විචාරකයන්ගේ මතය යි.
නවකතාවේ අන්තර්ගතය කෙබඳුද?
The Finkler Question නවකතාව ප්‍රධාන චරිත තුනක් කේන්ද්‍රගතව රචනා වී ඇත්තේ ය. එනම් ඒ මුද්‍රිත මාධ්‍යවේදියෙකු හා දර්ශනවාදියකු වූ සෑම් ෆින්ක්ලර් ( Sam Finkler ) , ඔහුගේ මිතුරෙකු වන ජූලියන් ට්‍රෙස්ලෝව් ( Julian Treslove ) හා හිටපු විශ්ව විද්‍යාල මහාචාර්යවරයා වූ ලිබෝර් ස්විස්ක් ( Libor Sevcik ) යන මිතුරන් තිදෙනා ය.
නවකතාවේ කතා පුවත :
ජීවිතයේ සැදෑසමය ගෙවමින් සිටින මෙම මිතුරන් තිදෙනාටම පොදු සාධක දෙකක් තිබේ . එනම් ඒ තම බිරින්දෑවරුන් තමුන්ව හැරදා මියපරලොව ගොස් සිටීමත් තමුන් දරුවන්ගෙන් වෙන්ව ශෝකයෙන් හුදෙකලාවේ ජීවත් වීමත් ය.
මොවුන් තිදෙනාම සමාජයෙන් වෙන්ව ගත හුදෙකලාවේ ම ගතකිරීමට බෙහෙවින් උත්සුක වන අතර එම හුදෙකලාව තම තමන්ගේ සන්නිවේදන අවකාශය එකිනෙකා සමගින් විවිධ මාතෘකාවන් පිළිබඳව ගැඹුරින් හෝ පුලුල්ව කතාබහ කරමින් සපුරා ගනී.
මෙම මාතෘකාවන් අතර යුදෙව්වකුගේ අනන්‍යතාවය ( Jewish identity ) – යුදෙව් විරෝධය ( Anti-Semitism ) හා බ්‍රිතාන්‍ය සමාජ තුළ යුදෙව්වන්ට වූ සමාජ තත්ත්වය යනාදිය ප්‍රධාන වේ.
The Finkler Question නවකතාව මෙම.මනෝමය සංකීර්ණතාවයන් හා ඒවාගේ විවිධ හැඩතල ඔස්සේ ඉදිරියට ගලාගෙන යයි.
ලේඛකයා පිළිබඳව කෙටි කතාබහ :
බ්‍රිතාන්‍යය ජාතක හාවඩ් ජේකොබ්සන් 1942 අගෝස්තු මස 25 වැනිදින දී මැන්චෙස්ටර්.හි ද් මෙලොව එළිය දුටුවේ ය. මොහු රුසියානු – යුදෙව් ( Russian / Jewish ) සම්භවයක් සහිත පවුලකින් පැවත එන්නෙකු වූ අතර මොහු තම අධ්‍යාපනය නිසා එංගලන්තයට සංක්‍රමණය වූ අයකු බව කියැවේ.
අධ්‍යාපනය :
ජේකොබ් තම උසස් අධ්‍යාපනය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ( University of Cambridge ) හා ඩවුනින් විද්‍යාලයෙන් ( University of Downing / College ) ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරූ අතර, එහිදී ඔහු සුප්‍රකට විචාරක එෆ්. ආර්. ලීවිස් ( F. R. Leavis ) යටතේ අධ්‍යාපනය ලැබීය. අනතුරුව හෙතෙම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ( University of Sydney ) ආරාධිත කතිකාචාර්යවරයකු ලෙස වසර තුනක පමණ කාලවකවානුවක් සේවය කළේය.
සාහිත්‍ය දිවිය ( Literary Career ) කෙබඳුද?
යුදෙව් ජනතාව හා යුදෙව් සංස්කෘතිය ද එසේම යුදෙව් මානව සබඳතා පිළිබඳව මොහු නිරන්තරයෙන්ම තම නවකතා මගින් කතාබහ කරනු පෙනේ. ජේකොබ්සන් විසින් රචනා කරන ලද නවකතා Comedic novels or fiction ශානරයච අයත්වන අතර ඔහුගේ ජනප්‍රියතම හා ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ නවකතාව වනුයේ The Finkler Question – 2009 නවකතාව යි. මෙම නවකතාවට අරබය 2010 වසරේ බුකර් ත්‍යාගය ( Booker Prize) හිමිවිණි.
නවකතා :
Coming from Behind / Peeing Tom / Redback / The Very Model of a Man / No More Mister Nice Guy / The Mighty Walzer / Who’ s Sorry Now / The Marking of Henry / Kalooki Night / The Act of Love.
නවකතා නොවන කෘති :
Shakespeare ‘ s Magnanimity ( With Wilbur Sanders ) / In the Land of Oz / Roots Schmoots : Journeys Among Jews / Seriously Funny : From the Ridiculous to the Sublime .
සමාලෝචන:
හාවඩ් ජේකොබ්සන් වර්තමාන බ්‍රිතාන්‍යය සාහිත්‍යයේ සිටින ජේෂ්ඨ හා සම්මානනීය යුදෙව් ජාතික ලේඛකයකු වන්නේ ය. මොහු යුරෝපීය සාහිත්‍ය ( European Literature 🇪🇺 ) තුළ නිරන්තරයෙන්ම ඉමහත් සම්භාවනාවට හා කතාබහට ලක්වන ලේඛකයකු වුවද ශ්‍රීලාංකේය සාහිත්‍ය අරබයා මුලුමනින්ම ආගන්තුක ලේඛකයකු වන්නේ ය. ඒ මා දන්නා තරමින් මොහුගේ එකදු නවකතාවක් හෝ තවම සිංහල භාෂාවට පරිවර්තනය වී නොමැති බැවිනි.
The Finkler Qestion නවකතාව අනිවාර්යයෙන්ම සිංහල භාෂාවට පරිවර්තනය විය යුතුම විශිෂ්ට මනෝවිද්‍යාත්මක නවකතාවක් වන බවත් මෙම නවකතාව මෙරට සැබෑ පරිවර්තකයන්ගේ අවධානයට නොපමාව ලක්විය යුතු බවත් මම වරක් දෙවරක් නොව තෙවරක්ම අවධාරණය කරනු කැමැත්තෙමි.
