හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

Share post:

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර කරන මේ ශියා ඉස්ලාම් සටන්කාමීන් ඊශ්‍රායල සමග නිතරම යුද්ධ කරනවා. ඔවුන්ගේ යුද්ධය ඔවුන්ට සාධාරණවන්න පුළුවන්.

අපි හැමෝම දන්නවා ඇමරිකානු ඉරාන ගැටුම ගැන. මේ ගැටුම් නිසා ජාත්‍යන්තර මුහුදු කලාපයක් වූ හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවලට ඉරානය විසින් පහරදීම හෙවත් හෝමුස් සමුද්‍ර මාර්ගය වසාදැමීම පිලිබඳ පුවත් ලොවපුරා බොහොම ප්‍රසිද්ධයි. ඒ ගැටුම ඉරානය හා ඇමරිකානු පාලනය අතර ඇති සටනක් ගැටුමක් මිස.. ආසියාව හෝ යුරෝපය අනුමතකරන හෝ මැදිහත්වන ගැටුමක් නොවෙයි.
නමුත් ඊශ්‍රායල හා ඇමරිකානු හමුදා ඉරානයට පහරදීම දීම නිසා ඉරානයේ විප්ලවය සුරැකීමේ හමුදාව විසින් දඬුවම් කරන්නේ තමන්ගෙ අසල්වැසි රටවලට වගේම ආසියාවට. මේ බව අපි මීට පෙර විස්තර සහිතව කතාකලා.

මැදපෙරදිග ස්විට්සර්ලන්තය විදිහට හැඳින්වුනේ ලෙබනනය. පුරුෂ පක්ශයට වගේම කාන්තාවන්ට එකම ආකාරයට සලකපු.. සමාජයීය මෙන්ම ආර්ථික වශයෙන්ද ශක්තිමත් ලෙබනනය සංචාරකයන් අතරෙත් බොහොම ජනප්‍රියව තිබූ රටක්. අසූව දශකයේ ලෙබනයේ බොහෝ ශ්‍රීලාංකිකයන් රැකියා කරපු ආකාරය අපට මතකයි.
මේ සමාජයීය නිදහසට .. සංස්කෘතික විවිධත්වයට මූලික හේතුව ලෙබනනය ක්‍රිස්තියානි ආගම (ක්‍රිස්තියානි මරොනිට්) අදහන ජනයාගෙන් භහුල රාජ්‍යයක් වීම.
අපි දන්නවා පලමු හා දෙවන ලෝක යුධවලින් පසුව මැදපෙරදිග කලාපයේ භූමියෙන් 95% වෙන්වන්නේ අරාබි ඉස්ලාම් සංස්කෘතියේ පාලනයක් සහිත රටවලට බව.
ක්‍රිස්තියානි ජනයා වෙනුවෙන් ලෙබනනයත්.. යුදෙව් ජනයාගේ පදිංචිය සඳහා ඊශ්‍රායල් භූමියෙන් කොටසකුත් වෙන්වන බව කිසිවෙකුට රහසක් නොවෙයි. අරාබි ඉස්ලාම් රටවලට වෙන්වූ භූමි එකතුවෙන් 1% වැනි ඉතා කුඩා බිම් ප්‍රදේශයක් පමනයි ලෙබනය හා ඊශ්‍රායලය.( මෙහි සාධාරණ හෝ අසාධාරණත්වය විවාදාත්මකයි).

ලෙබනනයේ ක්‍රිස්තියානි ජනයාගේ ප්‍රමාණය අපි සලකා බලමු යම් යම් දශක තුල.

  1. 1894-ඕටමන් පාලනය යටත් කාලයේ ලෙබනන භූමියේ ජනගහනයෙන් 60-65% ත් අතර ප්‍රමාණයක් ක්‍රිස්තියානි ජනයා.
    2.1920 – පලමු ලෝක යුද්ධයේ ජයග්‍රාහී කන්ඩායම නියෝජනයකල ප්‍රංශය මේ භූමිය පාලනය කරනවිට ක්‍රිස්තියානි ජනයා 55% -60%. (French mandate Lebanon)
    3.1932 – ප්‍රංශ හා යුරෝපා ජන සංගණනය අනුව ක්‍රිස්තියානි ජනයාගේ ප්‍රථිශතය 58% (තවත් සංගණනයක 53% ලෙසත් සඳහන්)
  2. 1956 – ලෙබනනය ස්වාධීන රටක් බවට පත්වන්නේ 1943 වසරේ. ඉන්පසුව සිදුකරන පලමු ජන සංගනනය සිදුවන්නේ 1956 වසරේ. මේ වසරේදී ක්‍රිස්තියනි ජනයා 54% ( ඊට ප්‍රධාන හේතුවක් වන්නේ අසල්වැසි රටවල ක්‍රිස්තියානි ජනයාගෙන් කොටසක් ලෙබනනයට සංක්‍රමණය වීම)
  3. 1975- 43%
    6.1980 – 34%
  4. 2006 – 30% – 36% අතර.
    8 2018- ආසන්න වශයෙන් 30% – 35% අතර.

මෙන්න මේ ආකරයටයි ලෙබනනයේ ක්‍රිස්තියානි ජනගහනය අඩුවන්නෙත් ඉස්ලාම් ආගම අදහන සිරියා, පලස්තීන.. ඉරාක වැනි ජාතීන්ගේ ජනගහනය වැඩිවන්නෙත්. අරාබි පලස්තීන ජනගහනය ලෙබනනයේ වර්ධනයවීමට ප්‍රධාන හේතුවක් වන්නේ පලස්තීන සරණාගතයන් විශාල ප්‍රමාණයක් ලෙබනනය සංක්‍රමණය වීම. මේ ආකාරයට සංක්‍රමණයවන ජනයා අතර පලස්තීන විමුක්තිකාමීන් සංවිධානය වීමත්.. මේ සංවිධාන ඊශ්‍රායලය සමග සටන්වලට එලඹීමත් ලෙබනනයට ඉතාම අවාසි සහගතයි. කොටින්ම වෙනත් ජාතීන් දෙකක් අතර වූ සටනකට මැදිවන්න ලෙබනනයට සිදුවෙනවා. පලස්තීන සටන්කාමීන් ලෙබනනයේ සංවිධානය වන්නේ ලෙබනනය ඔවුන්ගේ අසල්වැසි රටක් නිසාද .. නැතහොත් ලෙබනනය ක්‍රිස්තියානි රාජ්‍යයක් නිසාද යන පැනය ආන්දෝලනාත්මකයි.

1979 ඉරාන විප්ලවය අන්ත ආගමික කන්ඩායම් විසින් පැහැරගැනීමත් සමග ඉරානයේ බිහිවන්නෙ අයතුල්ලාහ් විසින් පාලනය කෙරෙන ආගමික රජයක්. මේ ආගමික රජයේ ආධාර ඇතිව 1982- 1983 වසර කාලයේ ලෙබනනයේ බිහිවෙනවා හිස්බොල්ලාහ් නම් සංවිධානය.
අපිට අහන්න පුළුවන් ප්‍රශ්ණයක්. ඉරානය හා ලෙබනනය පිහිටන්නෙ එකිනෙකාට ඈතින්. ඉරාන ජනයා ලෙබනනයේ ජීවත්වන්නේත් නැහැ. එහෙමනම් ඉරානය ඇයි ලෙබනනයේ සටන්කාමී සංවිධාන පිහිටුවන්නේ?
ඊට ප්‍රධාන හේතුව ඉරානය ඊශ්‍රායලය සමග ඇති ආගමික මතවාදී හෙවත් අන්තවාදී ගැටුම.
ඉරානයේ ඉස්ලාමික් ජනරජයේ ප්‍රධාන පාඨයක් වනේ “Ma.rg bar Esra’il”. මෙයින් අදහස් වන්නේ ඊශ්‍රායලට මර.ණ.ය. රජයක් විදිහට තවත් රටක අවසානය මේ ආකාරයට ප්‍රසිද්ධියේම සඳහන් කරනවා නම් සාමයක් ඇතිවන්නේ කොහොමද? ප්‍රශ්ණ කරන්න වටිනවා. මේ පාඨය නිර්මාණය වන්නේ 1979 ආගමික විප්ලවය තුලදී මිස සාමකාමී ඉරාන ජන සමාජයේ නොවේ.

The most prominent Iranian phrase against Israel is Marg bar Esra’il (مرگ بر اسرائیل), which translates to “D.e.a.t.h to Israel”.
ඉරානය කිසිම විටක ඊශ්‍රායලය හෝ යුදෙව් ජනයාගේ අයිතිවාසිකම් පිලිගන්නෙ නැහැ.ඉරානය ශියා ඉස්ලාම් රටක්. ලෙබනනයේ වෙසෙනවා ශියා ඉස්ලාම් ජනයා යම් ප්‍රමාණයක්.

1950 වසරේදී මේ ශියා ඉස්ලාම් ජනකොටස ලෙබනනයේ සියළුම ජනයාගෙන් 20% වඩා අඩුයි.
1985 -86 වසර වනවිට මෙම ප්‍රමාණය 41% දක්වා වර්ධනය වෙනවා.
අද වනවිට මෙම ප්‍රමාණය නිශ්චිත වශයෙන්ම සටහන් කරන්න අපහසු වුනත් දල වශයෙන් 35% පමණ විය හැකියි.

මෙන්න මේ ජනකොටසෙන් කොටසක් මූලික කරගෙනයි ඉරානය විසින් හිස්බොල්ලා සංවිධානය මෙහෙයවන්නෙ. මුලින්ම සටන්කාමී සංවිධානයක් වූ හිස්බොල්ලා පසුව දේශපාලනයට ඇතුලත්වෙනවා.
හිස්බොල්ලා හමුදාව ලෙබනන හමුදාවට වඩා බලවත්. ඊට ප්‍රධාන හේතුව ඉරානය විසින් දෙනුලබන අති විශාල යුධ ආධාර ප්‍රමාණය.
මේ ප්‍රශ්ණයේ අභ්‍යන්තරය මීට වඩා සංකීර්ණයි. නමුත් පොදුවේ ගතහොත් මේ තමා ලෙබනනයේ බිඳවැටීමට මූලික හේතුව. දකුණු ලෙබනනයේ ස්ථානගතවුනු හිස්බොල්ලා සංවිධාන ඊශ්‍රායලය සමග නිතරම ගැටෙනවා. මේ ගැටුම්වල උච්ඡතම අවස්ථාවක් විදිහට අපිට සටහන් කරන්න පුළුවන් ඊශ්‍රායල හමුදා විසින් 1982 දී දකුණු ලෙබනනය ආක්‍රමණය කිරීම.

මේ ගැටුම්වලදී අපිට තීරණය කරන්න බැහැ කොයි පාර්ශවයද නිවැරදි.. කුමන පාර්ශවයද වැරදි ආකාරයට. මේ ගැටුම් ක්‍රිස්තු වර්ශ හයවෙනි හත්වෙනි ශතවර්ශවලදීත් අපිට දකින්න ලැබෙනවා.

නමුත් මෙතැනදි දකින්න පුළුවන් එකම කාරණය ඔවුන්ගේ ආගමික , සංස්කෘතික යුද්ධය නිසා ඊට කිසිම සම්භන්ධයක් නැති ආසියානු ජනයා දඬුවම් විඳිය යුතුවීම. ඒත් එක්කම ඊශ්‍රායල හෙස්බොල්ලාහ් ගැටුම් නිසා ලෙබනනය දඬුවම් විදීම ඉතාම අසාධාරණ හා අවාසනාවන්ත තත්වයක්.
යුද්ධ පවතින්නේ ඊශ්‍රායලය.. ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය අතර.නමුත් ඉරානය විසින් සීමාකරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අනෙකුත් ජාතීන්ට අයත් ඉන්ධන හා භාන්ඩ නෞකාවන්.
මෙහි අළුතම තත්වය තමයි ඊශ්‍රායලය විසින් හිස්බොල්ලාහ් සංවිධානයට පහරදෙන නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමනු ලැබේ කියන පණිවිඩය.

ඕනෙම අයෙකුට පුළුවන් යුද්ධ කරන පාර්ශව දෙකෙන් එකක් තෝරාගෙන වාද විවාද කරන්න. නමුත් ලේසි පහසු නැහැ හැබෑවටම සිදුවන දේ තේරුම් ගන්න සහ ඉතිහාසය හදාරන්න. ඉරානයට තිබිය හැකියි ඔවුන්ට අදාල සාධාරණ හේතූන්. නමුත් මේ හේතූන් අනෙකුත් ජනකොටස්වලට අදාලද යන්න විමසිය යුතුයි.

කදිමයි… බලාගාර ආරක්ශා කරන ඉරාන මව්වරුත් නෑ.. බලාගාරය ලඟ වීනා වයණ තරුණයාත් නැහැ.. කවි ගී ලියවෙන්නෙත් නැහැ ආසියානු ජනයාට ඉන්ධනත් නැහැ. ඒ විතරක් නෙවෙයි නිදහස ඉල්ලා සටන් කරපු ඉරාන ජනයාට නිදහසත් නෑ. නමුත් අඩුම තරමෙ දැන් අපි ඉතිහාසයෙන් කොටසක් හෝ දන්නවා.

එක දෙයක් හොඳාකාරව පැහැදිලියි. මිනිසා නම් සත්වයා තවමත් අහසින් යන දෙවියෙක් හෝ පියාඹන අශ්වයෙක් වෙනුවෙන් යුද්ධ කරනවා හැම දවසකම. හෝමෝ සේපියන්ස්ලා තවමත් පොළව හාරා ලබාගන්න කළු තෙල් හේතුවෙන් දවස පුරා රණ්ඩු සරුවල් කරනවා එදා වගේම.

Malcolm Sang

Related articles

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...

“අපි හැමෝටම කවුරුහරි අහිමි වෙලා තියෙනවා” – The Lost Daughter

අහිමි වීමි මැද්දේ ගෙවන ජීවිතයක් අපි හැමෝටම තියෙනවා. දුවෙක්ට තාත්තා කෙනෙක් අහිමි වෙලා තියෙනවා. තාත්තා කෙනෙක්ට දුවෙක් අහිමි...