අපි මෙතෙක් ජීවත්වෙලා තියෙන්නේ කොයි විදියේ රටකට කියන එකට හොඳ උදාහරණයක් ඊයේ පෙරේදා අතර අපිට දැනගන්න ලැබුණා.
ඒ තමයි ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් අත්අඩංගුවට පත්වෙලා ඉන්නකොට සාමාන්‍යයෙන් ලංකාවේ ආරක්ෂක අංශවල ප්‍රසිද්ධ ‘එළොව යැවීමේ ක්‍රමයක්’ වන ආයුද පෙන්නන්න එක්කරගෙන ගිහිල්ල පැනල යන්න උත්සාහ කරද්දී වෙඩි වැදී මියයාමේ සිද්ධියක් නොවෙන්න (සහ තවත් දේවල් සඳහා) වග බලාගන්න කියල ලංකාවේ ඉතාම ඉහල ස්ථරවල ඉන්න ප්‍රභූන් කියන ලුම්පන් කිහිපදෙනක් අදාල ජාවාරම්කරුගේ වටේ ඉන්න අයගෙන් කෝටි 12කට ආසන්න ප්‍රමාණයක් කප්පම් ගැනීම.
කෝටි 30ක් පස්සේ 12ක් වෙලා තියනවා. කේවල් කිරීමෙන් පස්සේ.
දැන් මේ සිද්ධියට ඈඳෙන විදියට ලංකාවේ කැබිනට් මට්ටමේ දේශපාලඥයින්, ඔවුන්ගේ මැදිහත්කරුවන්, පොලිස් නිලධාරීන් සහ ලංකාවේ අඳුරුම පාතාලය සම්බන්දයි. හුවමාරු මුදල් ගණන කියන්න බැහැ.
එක පැත්තකින් අපිට උදේ හවස ධර්මිෂ්ට රාජ්‍යය ගැන සුනඛ පශ්චාත් භාගයේ බණ දෙසනවා. අනික් පැත්තෙන් බල්ලොත් නොකරන වැඩ කරනවා. දැන් බලන්න මේ රැකට් එක දිගහැරෙන විදිය.
ඒ කියන්නේ දේශපාලනය, පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය යන කොටස් එක් විදියකින් හෝ වෙනත් විදියකින් වැරදි ලෙස මෙහෙයවීම උදෙසා සහ මරාදැමීමක් සිදුනොවීම උදෙසා තමයි මේ මුදල් එහෙ මෙහෙ ගිහිල්ල තියෙන්නේ. මේක අපිව තිගස්සන සුළු තත්වයක් සහ ලංකාවේ අපි ජීවත් වුණේ
මොනවගේ නරුම සහ තිරිසන් සමාජයකද කියන එකට අගනා උදාරහණයක්.
එක පැත්තකින් හිරේ ඉන්න එකා ආයුද පෙන්නන්න කියල අරන් ගිහින් මරනවා කියන එක මතයක් ලෙස පවත්වා ගන්නවා (ideology). ඒ මරණ බය අදාල මනුස්සයා තුල ඇතිකරනවා. ඒ බය ඔස්සේ තමයි සල්ලි උගුල්ලන්නේ. ඒක ත්‍රස්තවාදයේ නරකම වර්ෂන් එක.
අනික් පැත්තෙන් සල්ලි දුන්නොත් දේශපාලන බලය එක්ක ජීවිතේ බේරනවා සහ නඩු වලින් බේරාගන්නවා කියන එක පවත්වා ගන්නවා. දෙකෙන්ම සල්ලි උනනවා.
ඔවුන් අපරාධකරුවන් බව ඇත්ත. නීතියෙන් දඬුවම් දියයුතු බවත් ඇත්ත. හැබැයි නීතියට පිටින් ත්‍රාසය සහ මරණ බය ඇතිකරලා ඒ ඔස්සේ ඔවුන් ‘සූරාකනවා’ කියන්නේ ඔවුන් කරන ලද මත්ද්‍රව්‍ය සහ ඝාතන අපරාධවලටත් වඩා භයානක අපරාධයක් කියල කියන්න ඕනි. මෙහෙම දැනුවත්ව සහ සංවිධානාත්මකව දේවල් සැලසුම්කරන අය අපරාධකරුවන්ටත් වඩා භයානක අපරාධකරුවන්. මෙයාලට ‘උගත් නීතිඥයින්’ කියලත් කියනවා. මාර අප්පිරියාවක් මේ වගේ රටක අපි ජීවත්වෙනවා හෝ උණා කියන එක.
අපි ජීවත්වෙලා තියෙන්නේ හරක්කටාටත් වඩා ලොකු අපරාධකරුවන් එක්ක. ටයි කෝට් ඇඳපු.
මේවා මේ ධර්මිෂ්ඨ රාජ්‍යයේ හිටපු හැම පාලකයාම දැනගෙන හිටිය. මේ මිනිස්සු කැබිනට් අර නට් මේ නට් කියා කියා ලංකරගෙන හිටිය. රට හදන්න අපිට දෙන්න කියල චන්දෙ ඉල්ලුවා. අපිත් වචනයක් හරි උං වෙනුවෙන් ලියල තියනවා කියන එක වෙනුවෙන් ලැජ්ජයි.

