ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.
පුද්ගලයන් 60කට ආසන්න පිරිසක් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා කප්පම් ලබාගැනීම ඇතුළු බරපතළ අපරාධ රැසකට මෙම ස්ථානය යොදාගෙන ඇති බවට සිදුකෙරෙන දීර්ඝ විමර්ශනවල තවත් එක් තීරණාත්මක පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මෙම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා හෙට දිනයේදී ගමන් කිරීමට නියමිතව ඇත.
මේ වන විට අධිකරණයේ විභාග වන පත් වූ තරුණයන් 11 දෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අමතරව, තවත් පුද්ගලයින් ගණනාවක් මෙම රහසිගත කඳවුරේ රඳවාගෙන සිට ඇති බවට මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වෙමින් පවතී. ඒ අතර පහත පුද්ගලයින් ද වේ. ඒ අතර, කෑගල්ලේ ශාන්ත පිළිබද නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. කොළඹ තවත් දෙමළ තරුණයන් දෙදෙනෙකු පිළිබද විමර්ශන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ අංක තුනට වාර්තා කරමින් තිබේ. ඉබ්බාගමුවේ ප්‍රදීප් මෙන්ම ත්‍රිකුණාමලයේ තරුණ කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරිම පිළිබදවද කරුණු අධිකරණවලට වාර්තා කර තිබේ.
මෙම ස්ථානයේ රඳවා තබා සිටි පුද්ගලයින් මෙන්ම, ඊට අදාළව කටයුතු කළ පුද්ගලයින් ද මේ වන විට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශ ලබා දීමට ඉදිරිපත් වී සිටිති.
