එලෝන් මස්ක්ගේ අධිරාජ්‍ය බිඳ වැටෙයි!!

Share post:

Bloomberg Billionaires Index හී නවතම වාර්තාව අනුව Total Net Worth එක ඇ.ඩො. බිලියන 171ක වටිනාකමක් තබා ගනිමින් Bernard Arnault නම් ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයා ලෝකයේ ලොකුම සල්ලිකාරයා කියන නාමය තමන් සතු කරගන්නවා.

Louis Vuitton කියන ලෝකයේ විශාලතම Fashions සහ cosmetics නිෂ්පාදන සමාගමේ අයිතිකාරයා තමා මේ විදිහට ලෝකයේ ලොකුම සල්ලි කාරයා බවට පත්වන්නේ.

එතකොට දැනුමට දෙයක් දාලා තියාගන්න Bloomberg අනුව ලෝකයේ ලොකුම සල්ලි කාරයෝ 05දෙනා ගත්තොත් එතනින් 03 ක් Tech Industry එකේ. ඒ තුන්දෙනා තමා එලෝන් මස්ක් (02) සහ ජෙෆ් බේසොස් (04) කියන්නේ, ⁣බිල් ගේට්ස් (05).
එතකොට එක්කෙනෙක් යටිතල පහසුකම්, භාණ්ඩ කියන කාණ්ඩයේ ඉන්නේ ලෝකයේ තෙවන විශාලතම ධනවතා ගෞතම් අදානි..

ඒ වගේම Fashion and Retail කියන කාණ්ඩයෙන් ඉදිරියෙන් ඉන්න එකම කෙනා ඒ කිව්වේ අඩුම මුල් දසදෙනා අතර ඉන්න කෙනා Bernard Arnault විතරයි.
හැබැයි දැන් ඔහු ලෝකයේ ලොකුම සල්ලි කාරයා.

ඉතින් එලෝන් මස්ක්ගේ කවදාවත්ම ළඟා වෙන්න බැරි වෙයි කියලා ගොඩාක් අය හිතපු තැනට Fashion අලෙවි කරන්නෙකු ආවේ ඔය විදිහට.

ඉතින් Musk ට පුළුවන් වුණොත් Twitter එක උඩුයටිකුරු කරලා දැනට තියෙන පාඩුව නැති කරලා එතනින් ආදායම් උපයන විදිහේ දෙයක් කරන්න, මේ ලැයිස්තුව එදාට එක් ක්ෂණයකින් වෙනස් වෙයි..!!

Elon Musk

සංජේ රණවක

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...