ජෙයරාජ් ඝාතනයට සැක පිට අත්අඩංගුවේ සිටි පොලිස් අධිකාරි වහාම සේවයේ පිහිටුවන්න : පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියෙන් නියෝගයක්

187
Legal and law concept statue of Lady Justice on the table with book and scale

හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටි, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරන ලද ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්ෂ්මන් කුරේ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය නියෝග කර ඇත.

එහි සභාපති විශ්‍රාමලත් විනිශ්චයකාර කේ.ටී.චිත්‍රසිරි විසින් මේ තීන්දුව ලබාදී තිබේ. ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ඊට අදාළ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත ය.