මෙතන නැත්තේ කවුද?

Share post:

ඉස්සරහ පේළියේ ඉන්න මේ සෙට් එක පාස්කු ප්‍රහාරය නම් සිද්ධිය එක තැනකින් පස්සේ නවත්වනවා. ඒ තමයි සහරාන් හෂීම් කියන පුද්ගලයා මේ සියල්ල මෙහෙයවූවා කියන තැනින්. ඒ කියන්නේ අදහස සැලසුම සහ සැලසුම ක්‍රියාත්මක කිරීම කියන කරුණු තුනම මියගිය සහරාන්ගෙන් නවත්වල අපිටත් කියනවා එතැනින් පස්සේ සිතීම නතර කරන්න කියල. ඇත්තටම අපිට (මට) කරන්න බැරිම දේත් ඒක.

මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මගේ හිත කියනවා සහරාන් හෂීම්ගෙන් ඔබ්බට මේ සිද්දිය යන්න පුළුවන් කියල. එහෙම හිතෙන්නේ ඒ සියලු දේවල් වෙච්ච විදිය ගැන සිතාබලන කොට. ඒක හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඔප්පු වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

ඒක හරියට තජුඩීන් බීල එළවල හැප්පිලා ගිණිගෙන මැරුණා කියල හිතන්න හිත නොදෙනවා වගේ දෙයක්. නමුත් සමහරු කැමතියි එහෙම අපි හිතල ඉන් ඔබ්බට නොසිතා නිකම් ඉන්නවා නම්.

නමුත් එහෙම යම් සීමාවක් ඇතුලේ හිතන්න සහ ඉන් පස්සේ හිතීම නවත්වන්න කියල ඒ වෙනුවෙන් පොත් ලියන මේ සෙට් එක මේ මොළ ගෙඩි උඩ ඉඳගෙන ඉන්නේ පාස්කු මඟුලක් නිසා නෙවෙයි කියල සිතීම නතර කරන්න හිතෙන්නේ නැති මගේ හිතට හිතෙනවා.

මේ ඉස්සරහ පේලියේ ඔක්කොම වගේ එක දවසක් හරි මේ ලංකාවේ බලයේ හිටිය. හැබැයි මොන පාස්කුවක් ගැනවත් හෙව්වේ නැහැ. ඒ නිසා මම හිතන්නේ නැහැ මෙයාල බලයට ආවත් මින් පස්සේ ඒ ගැන හොයයි කියලත්.

මේ ඉන්නේ පාස්කු නිසා නෙවෙයි. මෙයාලට දැන් දැනිල තියනවා අනුරගේ මේ මෙලෝ රහක් නැති ආණ්ඩුව එළඹෙන යම් මොහොතක කුල්ල කුජීත වෙන්න නියමිතයි කියල. හැබැයි තනියම ගන්නත් බැහැ. ඒ නිසා පොදුවේ එකතුවෙමින් ඉන්නවා.

දැන් මෙතන නැත්තේ කවුද? ඉන්නම ඕනි කෙනෙක් නැහැ. ඒ තමයි අර උස හීන්දෑරි ජාතික ඇඳුම අඳින මහත්තයා. මේ දවස්වල විද්‍යාත්මක විදියට විදුලි – ගල්අඟුරු ප්‍රශ්නේ ගැන දේශනා තියනවා. ඒ නිසා මේවයේ කරක්ගහන්න වෙලාව නැහැ.

මේ නැති කෙනා එක වෙලාවක එළියට එයි. විපක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට. මේ එන්නේ එතැනට

මහේෂ් හපුගොඩ

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...