විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය Indian Sun

Share post:

බෙංගාලි ජාතික මහා සංගීතඥ පණ්ඩිත් රවී සංකර් ( Pandith Ravi Shanker 1920 – 2012 ) පිළිබඳව මෙරට ඉන්දියානු රාගධාරී සංගීතය හා ජාත්‍යන්තර සංගීතය පිළිබඳව දන්නා-කියන සමාජයට මා අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නැත. සිතාරය නම් රවී සංකර් ය : රවී සංකර් නම් සිතාරය ය. ඒ තරමටම සිතාරය හා රවී සංකර් අතර ඇත්තේ ආත්මීය බැඳීමකැයි මට සිතේ.

රවී සංකර් යනු සංගීතඥයකු යන්න අතික්‍රමණය කරන ලද එක්තරා සංගීත දර්ශනවාදියෙකි. ඉන්දියානු රාගධාරී සංගීතයේ ( Indian Classical Music ) ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය මහා සංගීතඳයා ඔහු ය. ඊට ඔහු විසින් ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපයේ පවත්වන ලද එක්පුද්ගල සංගීත ප්‍රසංග හා ලෝප්‍රකට බීට්ල්ස් සංගීත කණ්ඩායමේ ( Beatles Music Band ) ගිටාර්වාදකයා වූ බ්‍රිතාන්‍ය ජාතික සංගීතඥ ජෝර්ජ් හැරිසන් ( George Harrison 1943 – 2001 )
හමගින් පවතින ලද සංගීත ප්‍රසංගය කදිම උදාහරණයකැයි මට සිතේ.

ලෝකයේ පෙර – අපරදිග සිනමාව එක්-කළ අග්‍රගන්‍ය චිත්‍රපටය වූයේ බෙංගාලි ජාතික සත්‍යජිත් රායි ( Satyajit Ray 1921 – 1992 ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Pather Panchali – 1955 ය. එහි සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද රවී සංකර් ය. පසුකලෙක සම්මුඛ සාකච්ඡාවකදී මොහු කියා සිටියේ … තමාට Pather Panchali චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට ගතවූයේ “පැය තුනක්” වැනි ඉතා සුලු කාලසීමාවක් පමණක් බවයි. සෙසු ඕපු ත්‍රිත්වයේ චිත්‍රපටය යුගල වන Aparajito – 1956 හා Apu Sansar – 1959 ( ඕපු ත්‍රිත්වයේ විශිෂ්ටතම හා පරිපූර්ණ චිත්‍රපටය. ) හි සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද රවී සංකර් ය. ඕපු ත්‍රත්වයට පසුව මොහු කිසිදු දිනෙක සත්‍යජිත් රායිගේ චිත්‍රපටයකට සංගීතය සම්පාදනය නොකළේ ය. ඒ පිළිබදව විවිධ කතා කියැවේ.
රවී සංකර්ගේ එකම දියණිය නම් අනුෂ්කා සංකර් ( Anoushka Shanker: 1981 ) ය . මැය ද තම පියා අඩිපාරේ යමින් සිතාරය තම ආත්මය කරගත් සංගීතඥවරියකි.

අනුෂ්කා සංකර් ( Anoushka Shanker:1981 )(පියා හා දියණිය)

එදාමෙදාතුර රවී සංකර් පිළිබඳව ඉන්දියාවේ හා ඉන් පරිභාහිර ලෝකයේ පොත්පත් සංඛ්‍යාත්මකව සැලකිය යුතු සංඛ්‍යාවක් රචනා වී ඇත්තේ ය. එම නාමාවලියට එකතු වන අලුත්ම පොත කුමක්ද ?
Book Title
Indian Sun
The Life and Music of Ravi Shanker
Author : Oliver Craske
Publisher : Faber & Baber
Publishing Year – 2025
ISBN NO : 9780571- 350858

“Ravi Shanker is probably the person who ‘s influenced my life the most “
– George Harrison
“Definitive” – Observer
“Fascinating” – Guardian
“Superlative” – The Times
මගේ කියවීමට අනුව රවී සංකර් හා ඔහුගේ සංගීත දිවිය පිළිබඳව එතෙක් මෙතෙක් රචිත විශිෂ්ටතම හා විශාලතම චරිතාපදානය වනුයේ Indian Sun : The Life and Music of Ravi Shanker ය.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...