සැතපුම් 2300 යේ ගමනේ 106 වන දිනය

Share post:

2025 ඔක්තොම්බර් 26 අප්‍රසිද්ධියේ ඇරඹුණු මෙම දීර්ඝ චාරිකාවෙ ඊයේ හෙවත් පෙබරවාරි අටවෙනිදා වන විට 106 වන දිනයයි.
ඊයේ උෂ්ණත්වය -8C° බව තමයි google වාර්තාකළේ. සුළං හැමීමේ වේගය වැඩි බවත් සඳහන් වෙනවා.
සෘණ අට කියන්නෙ නිවසකින් එළියට බහින තත්වයක් නෙවෙයි. මෙතෙක් ගෙවුනු පා ගමනේ අත් වින්ද දරුණුම තත්වයන් මේ දිනවල හමුවන බව තමයි හැමෝම කියන්නෙ.

මේ දිනවල වර්ජිනියාව හරහා වුඩ්බ්‍රිජ් සිට ඇලෙක්සැන්ඩ්‍රියාව දක්වා යන මේ ගමන සිදුවන මාර්ගය US 1 අධිවේගීලෙස හැඳින්වෙනවා.
මේ සාම පාගමනෙ මුල් මාස කීපයෙ සිදුවෙන්නෙ කිසිවෙකුගෙ අවධානයට ලක් නොවී.
පසුව මේ ගමණ ඉදිරියට යන විට සිදුවන සමහර සිදුවීම් හා බාධාකිරීම් නිසා ප්‍රාන්ත රජයන්ට මෙම ගමනට ආරක්ෂාව සපයන්න සිදුවෙනවා.
2025 නොවැම්බර් 19 වන දින, ටෙක්සාස් හි ඩේටන් අසල, ට්‍රක් රථයක් කණ්ඩායමේ පරිවාර වාහනයට ගැටීමෙන්, භික්ෂූන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු වෙනවා . එහි ප්‍රතිඵලයක් විදිහට එක් භික්ෂුවකගේ කකුලක් අහිමි වුණත් මේ පා ගමන නතර වුණේ නෑ.

මෙම කාලය තුළම, ආලෝකා කකුලක සැත්කමක් සඳහා ගමනෙන් ඉවත් වී, පසුව ආපසු පැමිණ නිහඬව භික්ෂූන් වහන්සේලා අසල තම ස්ථානය නැවත ලබාගන්නවා.

මේ දීර්ඝ ගමනේ රාත්‍රි නවාතැන්වල සාකච්ඡාවල වීඩියෝ මම නැරඹුවත් ඔවුන් එය මාකට් කරන බව දුටුවෙ නෑ.
ගමනෙ දීර්ගකම, අසීරුකම වාගෙ දේවල් මාතෘකා කරගෙන ඔවුන් කයිවාරු ගහන්නෙ නෑ. ඔවුන්ගෙ නම් ගම් අනන්‍යතා සඳහන්වෙන්නෙ ඉතාම අඩුවෙන්. මේගැන උනන්දු අය ඒ ඕපා දූප හොයන බව පේන්නෙ නෑ.

කීර්ති ප්‍රශංසා හමුවෙ සමව පවතින්න මේ පස්චාත් ධනවාදී යුගයෙ කාටද පුළුවන් . ඉඩක් විවරවෙද්දි ධනයට,බලයට , ලිංගික ආකර්ෂණයකට ගොදුරු නොවී (ව්‍යාජ රහතෙක් නොවී) ඉන්න අසීරු බවට උදාහරණ එමටයි.

බොහෝ විට මේ රාත්‍රි සාකච්ඡාවල සිදුවන්නෙ ඒ මොහොතට අදාල සාකච්ඡා . එකම විශේෂත්වය ඔවුන් බෞද්ධ සම්ප්‍රදායට අනුව ඒ දේවල් සිදුකිරීමයි.
⁣බෞද්ධ සාහිත්‍යයේ එන යථාර්ථවාදී නොවන අතිශයොක්තීන්ගෙන් බැහැරව සරළ කතා බහ නිසා මේ ගමනත් සමඟ යම් බෞද්ධ ⁣ප්‍රබෝධයක් හටගෙන තිබෙන බව මා මේ peace walk fb පිටුවට දැමූ පෝස්ට්ටුකට ලැබුණු කොමෙන්ට් වලින් තේරුම් ගත්තා.
( ඒවාගෙම ඒ කොමෙන්ට් වලින් ශිෂ්ට සම්පන්නව ශෝෂල් මීඩියා බාවිතාකරන මිනිස්සු පිළිබඳව විශාල පැහැදීමක් ඇතිවුණා . ලංකාවෙ බෞද්ධ බහුතරයකට ඒ තත්වයට එන්න තව ලොකු දුරක් තියනවා. )
මම ඒ පෝස්ට් එක කොමෙන්ටුවක් විදිහට මේ සමඟ අමුනන්නවා.

2026 ජනවාරි මාසයේදී, ඔවුන් උතුරු කැරොලිනාව තරණය කරන විට හා මේ වෙද්දි වර්ජිනියාවට ඇතුළු වන විට ශීත ඍතුව ඇරඹී තිබු අතර හිම පතනය උග්‍රවී තිබූ බව තමයි කියවෙන්නෙ.

අධික උෂ්ණත්වය මෙන්ම ශීතලත් දරා ගනිමින් මැදිවියේ සිටින මෙන්ම මැදිවිය පසු කරමින් සිටින මෙම බික්ෂු කණ්ඩායම අපි හැමෝටම නිහඬ අභියෝගයක් කරන බවනම් සඳහන් නොකර බෑ.

ජයන්ත කහටපිටිය

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...