අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු ඝාතනය – සමාජය හා සාමයික කේන්ද්‍රයෙන් තොරතුරු කොමිසමට විශේෂ ඉල්ලීමක් !

Share post:

කොටහේන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනකු කාක දූපතේදී පොලිස් වෙඩිපහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ ව ශ්‍රී ලංකා පොලිසියෙන් කළ තොරතුරු ඉල්ලීමක අභියාචනා විභාගයේදී, එම සිද්ධියට අදාළව ම පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වගඋත්තකාර පොලිස් නිලධාරියා පොලිසිය වෙනුවෙන් පෙනී සිටින බව අඟවමින් පෞද්ගලික නීතිඥයකු සමග තොරතුරු කොමිසම ඉදිරියේ පෙනී සිට තොරතුර ලබාදීමට බාධා කිරීම ගැනත්, එම නිලධාරියාට පොලිස්පති වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට අවස්ථාව දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුටත් එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙස සමාජය හා සාමයික කේන්ද්‍රය (Center for soaity and Relegion) තොරතුරු කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු නිලධාරියා වන්නේ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් හා අධ්‍යක්ෂවරුන්ගෙන් ඉහළ නිලධාරීන් බවත්, තොරතුරු ලබාදීමේදී කිසිවකුගෙන් උපදෙස් නොගෙන තොරතුරු නිලධාරියා සිතා බලා තීන්දු ගත යුත බවට පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛ නිකුත් කර ඇති බවත්, එසේ තිබියදී එම චක්‍රලේඛ සහ තොරතුරු පනත ද උල්ලංඝනය කරමින් තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම සඳහා කොටහේන පොලිසිය අයත් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාට අවස්ථාව ලබා දී ඇති බවත් සමාජය හා සාමයික කේන්ද්‍රය විසින් තොරතුරු කොමිසමට දැනුම් දී ඇත.

එසේ දැනුම් දුන් කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා එම සිද්ධියයෙන් මරණයට පත්වූවකුගේ පියකු පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවකු බව ද, නීතිපතිවරයා පවා ඔහු වෙනුවෙන් පෙනී නොසිටින බවට දැනුම් දී ඇති බවද, සැකකරුවන් ඝාතන සිද්ධිය ගැන එම ස්ථානාධිපතිවරයා ඇතුළු 06 දෙනකුට එරෙහිව විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇති බව ද එම කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එසේ තිබියදී තොරතුරු කොමිසමේ අභියාචනා විභාගයට අදාළ ව තොරතුරු කොමිසම සමඟ සන්නිවේදනය කළ යුතු පොලිස්පතිවරයා සහ තොරතුරු නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙනුවට මෙම කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා අභියාචනයට අදාළ ව ලිඛිත දැනුම්දීම් කර ඇති බවත්, තොරතුරු ලබාදීම ප්‍රමාද කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් ලෙස පෞද්ගලික නීති උපදෙස් ලබාගැනීමක් සඳහන් කර ඇති බවත්, මූලික අයිතිවාසිකම් නඩුවේදී එම ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින පෞද්ගලික නීතිඥයකු අභියාචනා අවස්ථාවලදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටින බවට අත්සන් කරමින් කොමිසම ඉදිරියේ පෙනී සිට ඇති බවත්, මෙය බරපතළ නොමග යැවීමක් බවත් කේන්ද්‍රය තොරතුරු කොමිසමට දැනුම් දුන්නේය.

කොටහේන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහ කොටහේන පොලිසිය බාර කොට්ඨාස භාර නිලධාරියාගේ හැසිරීම පොලිස්පතිවරයාගේ චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක්, තොරතුරු පනත උල්ලංඝනය කිරීමක් මෙන්ම දූෂණ විරෝධී පනතේ දූෂණය නම් වරද සංස්ථාපනය වීමක් බව ද තොරතුරු කොමිසමට දැනුම් දුන් එම ආයතනය, මේ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව මෙම ළබැඳියාවන් පිළිබඳ ගැටුම ගැන ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළ තොරතුරු කොමිසම, ඉදිරි අභියාචනා විභායේදී කොමිසමේ නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද සඳහන් කළේය.

Related articles

ඉතාලිය පකිස්තානු පූජකයා පන්නා දැමුවේ ඇයි? ලෞකික නීතියට හරස් වන ආගමික නීති හා සම්ප්‍රදායන් ඉවසිය යුතුද?

දැන් දැන් ඉතා ප්‍රබලව දකින්නට පුළුවන් කාරණයක් තමයි ලෝකේ තියෙන සියලුම ආගම් විවේචනයට, සංවාදයට, විචාරයට ලක්වීම.ලෝකයේ පවතින සෑම...

කුමන තරාතිරමක පූජකයෙක් වූවත්..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

කුඩා දැරියක් අපහරණය කිරීමේ සිද්ධිය සම්භන්ධව මේ දිනවල චෝදනා එල්ලවෙනවා ප්‍රසිද්ධ භික්ශුවකට.මේ ආකාරයෙන් කුඩා දරු දැරියන් අපහරණය කිරීම...

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...