දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.. ඇමරිකා එක්සත් ජනපදය.. බ්‍රිතාන්‍ය.. ප්‍රංශය ප්‍රමුඛ රටවල් කන්ඩායම බව අපි හැමදෙනාම දන්නවා.
පරාජිත ජර්මනිය විසින් මේ රටවලට විශාල වන්දි මුදලක් ගෙවිය යුතු වෙනවා යුද්ධයේදී සිදුකල හානි වෙනුවෙන්.
මිත්‍ර පාර්ශවයේ බටහිර රටවල් විසින් ජර්මනියේ බටහිර කොටස පාලනය කරද්දි නැගෙනහිර කොටසේ පාලනය සෝවියට් රුසියාව විසිනුයි සිදු කෙරෙන්නෙ.
මෙම බෙදීම 1945 -1949 අතර කාල පරිච්ඡේදය තුල ක්‍රමිකව හා සෙමෙන් සිදුවන බෙදීමක්.
ජර්මනිය විසින් ගෙවිය යුතු වන්දිය මුදල් වශයෙන් මෙන්ම යන්ත්‍ර-සූත්‍ර .. වාහන.. .. කර්මාන්ත උපකණ වශයෙන්ද ලබාගන්න බටහිර රටවල් මෙන්ම සෝවියට් රුසියාවත් කටයුතු කරනවා.
නමුත් 1949 වර්ශය වනවිට බටහිර කන්ඩායම තීරණය කරනවා යන්ත්‍ර හා කර්මාන්තශාලා ගලවා ඉවත් කිරීම නතර කරන්න. ඔවුන් තේරුම් ගන්නවා ඒ හරහා ඇතිවන ආර්ථික පසුබෑමේ දරුණු බව.
නමුත් නැගෙනහිර ජර්මනියේ දිගින් දිගටම මේ යන්ත්‍ර සූත්‍ර ගලවා ඉවත් කිරීමත් බොහොමයක් කර්මාන්තශාලා සෝවියට් දේශයේ ස්ථාන ගතකිරීමත් සිදුවෙනවා.
ජර්මනියේ අග නගරය බර්ලින්. බර්ලින් පිහිටන්නේ සෝවියට් රුසියාව විසින් පාලනය කෙරෙන නැගෙනහිර ජර්මනියේ. ඒ අනුව බර්ලින් නගරයේ ඇමරිකානු කඳවුර ප්‍රමුඛ බටහිර විසින් පාලනයවන කොටසක් මෙන්ම සෝවියට් කඳවුර විසින් පාලනයවන කොටසක්ද දකින්න පුළුවන්.
බර්ලිනයේ බටහිර කොටස ආර්ථික වශයෙන් ශක්තිමත් වනවිට නැගෙනහිර බර්ලිනය ආර්ථික අපහසුකම් හේතුවෙන් පීඩා විඳිනවා.
එමෙන්ම මේ කොටස් දෙකේ දකින්න තියෙන්නෙ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් පාලන ක්‍රම දෙකක්.
විශේෂයෙන්ම නැගෙනහිර බර්ලිනයේ නිදහස අඩුයි.
ස්ටාසි පොලීසිය ( Stasi – Staatssicherheit) මගින් නැගෙනහිර ජනතාව දැඩි පාලනයකට යටත්වෙනවා.
විශේෂයෙන්ම බටහිර කලාව.. සංගීතය .. විලාසිතා හා ආහාර පාන ආදිය නැගෙනහිර බර්ලින් වැසියන්ට සීමා කෙරෙනවා හෝ තහණම් කෙරෙනවා.
බටහිර පොත පත ඉතාම තද පාලනයකට යටත්කෙරෙනවා.
බටහිර බර්ලිනයේ නිදහසත් විනෝදාශ්වාදයත් ආකර්ශණීයයි. ආර්ථික ප්‍රථිලාභ .. රැකියා අවස්ථා මෙන්ම නිදහස අපේක්ශාවෙන් නැගෙනහිර වැසියන් බටහිර බර්ලිනයට සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා ක්‍රමිකව. 1950 දශකයේ අග වන විට දගස් ගණන් වැසියන් බටහිරට ඇදෙනවා.
අපි හොඳින්ම දන්නවා නැගෙනහිර හා බටහිර කඳවුරු දෙක අතර ඇති විරසකය. මේ අයිඩියෝලොජි දෙකක් අතර විශාල ගැටුමක්.
ස්ටාලින්ගෙන් පසුව සෝවියට් දේශය පාලනය කරන්නෙ නිකිතා කෘශ්චෙව් විසින්. නිකිතා කෘශ්චෙව් ක්‍රමවත් දේශපාලන දැනුමක් හෝ අධ්‍යාපනයක් ලැබූ කෙනෙක් නොවෙයි. ඉතා ඉක්මනින් කිපෙන.. දැඩි තීරණ ගන්නා පාලකයෙක් ලෙසයි කෘශ්චෙව් ප්‍රසිද්ධ.
කෘශ්චෙව් පාලනයට විශාල මදිකමක් නැගෙනහිර වැසියන් බටහිරට ඇදීයාම.
නැගෙනහිර පාලකයන්ට ඇතිවන මෙම මානසික පීඩනය හෝ වියවුල හැඳින්වෙන්නෙ Brain Drain ලෙසයි.
සෝවියට් පාලකයන්ට අනුව නැගෙනහිර වැසියන් බටහිර වැසියන් හා ගණුදෙනු කිරීමෙන් ඔවුන්ගේ මනසට විකාරශීලී අදහස් ඇතුල්වෙනවා. ඒ එක්කම ඔවුන් ෆැසිස්ට් ක්‍රමයට හුරුකිරීම ඇමරිකානුවන්ගේ උගුලක්.
1961 වසරේ අගෝස්තු 13 වෙනිදා රාත්‍රියේ බර්ලින් නගරය දෙකට බෙදමින් හමුදා හා පොලිස් ආරක්ශාව මැද බර්ලින් තාප්පය ගොඩනගන්නෙ සෝවියට් රජයේ උපදෙස් මතයි.
14 වනදා උදෑසන වනවිට අසල්වැසියන් එකිනෙකා වෙන්කරමින් නගරය මැදින් විශාල කටුකම්බි වැටක් දකින්න ලැබෙනවා. මේ වැට ක්‍රමිකව තාප්පයක් ලෙස ඉදිවෙනවා.
අවසරයකින් තොරව නැගෙනහිර වැසියන්ට බටහිර බර්ලිනයට ගමන් කිරීම තහණම්.
මෙම බාධකය අනවසරයෙන් තරණය කිරීමට ගොස් ස්ටාසි පොලීසියේ වෙඩි පහරට ලක්ව ම.රණයට පත්වූ බර්ලින් වැසියන් සංඛාව දෙසීයකට ආසන්නයි.
මේ තාප්පය යටින් බටහිරට පලායාමට උමග හා රහසිගත දොරටු ඉදිකිරීමට බර්ලිනුවන් පෙළඹෙනවා.
අධික මුරකාවල් යෙදූ බර්ලින් තාප්පය නැගෙනහිර හා බටහිර දේශපාලන කඳවුරු දෙක වෙන්කරන මතවාදී පවුරක් ලෙසයි හැඳින්වෙන්නෙ.
කිලෝ මීටර් 155 ක් පමණ දිගට ඇදෙන බර්ලින් තාප්පය මීටර් 4කට ආසන්න උසින් යුක්තයි. වසර 28ක් පුරා බර්ලින් තාප්පය මගින් එකම නගරයක වැසියන්.. එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කරනවා අනුකම්පාවක් නැතිවම.
1989 නොවැම්බර් වනවිට නැගෙනහිර බර්ලිනයේ මෙන්ම නැගෙනහිර ජර්මනියේ උද්ඝෝෂණ ඇතිවෙනවා නිදහස හා පාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලමින්. මේ වනවිට සෝවියට් පාලන ක්‍රමය පවතින්නෙත් බිඳවැටීමේ අවදානමක් පෙන්නුම් කරමින්.
තාප්පයක් මගින් බෙදාවෙන්කරත්.. දේශපාලන මතවාද වෙනස්වූවත් බර්ලින් වැසියන් යනු එකම නගරයක එකම ජන කොට්ටාශයක්. නැගෙනහිර ඇතිවන උද්ඝෝෂණවලට සමගාමීව බටහිර බර්ලින් වැසියන් ඒක රාශී වනවා බර්ලින් තාප්පය අසලට.
නැගෙනහිර හා බටහිර බර්ලින් වැසියන් නැවත වරක් එකිනෙකා යා කරමින් බර්ලින් තාප්පය බිඳ වැටෙන්නේ 1989 නොවැම්බර් 9 දිනයේදීයි.
ඒ අනුව යමින් නැගෙනහිර හා බටහිර ජර්මනිය 1990 ඔක්තෝබර් 3 වනදා එක රටක් බවට නැවතත් පත්වෙනවා.
සීතල යුද්ධය .. ඇමරිකානු කුමන්ත්‍රණ .. දේශපාලන උගුල් ආදී වශයෙන් විවිධ හේතු දක්වන්න පුළුවන් නැගෙනහිර ජර්මනිය හා නැගෙනහිර බර්ලිනය බිඳවැටීමට. සමහරෙක් සමාජවාදී නැගෙනහිර කඳවුරට පක්ශ වෙද්දී තව කෙනෙක් බටහිර පාලන ක්‍රමය අගය කරනවා.
මේ කෙටි සටහනේ සඳහන් වන්නේ සරලව බර්ලින් තාප්පය ගොඩ නැගුන හා බිඳ වැටුනු ආකාරය පමණයි.
අදත් බර්ලින් තාප්පයේ කොටසක් අපිට දකින්න පුළුවන් කලාගාරයක කොටසක් ආකාරයට.
සංචාරක ආකර්ශණයක් වූ බර්ලින් තාප්පය නරඹන්න වටිනා ඓතිහාසික ස්ථානයක්.
පිංතූරය- 1961 අගෝස්තු 15 වනදින බර්ලින් තාප්පය ගොඩනැගෙන අතරතුර නැගෙනහිර ජර්මනියේ සොල්දාදුවෙක් වූ කොන් රාඩ් ස්ශූමන් නැගෙනහිර බර්ලිනයෙන් බටහිර කොටසට පලා එන මොහොත.

