කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

Share post:

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමූහ ඝාතනයකි, කොක්අඩිචෝලෙයි ඝාතනය.
මෙහිදී ඝාතනයට ලක් වූ 230කගේ නම් සඳහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී මෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පොංගු තමිල් ස්මාරකය අසලදී ද වාර්ෂිකව සැමරුම් පැවැත්වේ.

ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිනි තියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුල පිටිපස්සට ගන්නෙ නැහැ. ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වුණාට පස්සෙ, පොලිස් විශේෂ කාර්ය බලකායක් හදලා තමයි කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය සිදු කළේ. වසර 30ක් ගිහිල්ලත් මේ සමූහ ඝාතනයට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. කිසිදු අධිකරණයක් මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්න මැදිහත් වෙලා නැහැ. ඒ නිසා අපි තවදුරටත් රට තුළ අධිකරණය ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නෙ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකින් මෙවැනි ඝාතන සිදු කළ ඝාතකයන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටු කළ යුතුයි කියලා.
දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන පුෂ්පලිංගම් විකල්ප වෙබ්අඩවියට එසේ පවසා තිබිණි.

1987 ජනවාරි 28 සහ ඊට ආසන්න දින කිහිපය තුළ 200කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරන ලද අතර එම ඝාතනයට විශේෂ කාර්ය බලකාය සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකරනවා යැයි කියා බලයට පත් වූ ආණ්ඩු මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු දෙයක් කළේ නැහැ.‘ තමිල් අරසු කච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මලනාදන් පවසන්නේ එවැන්නකි.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...