කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

Share post:

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන සමූහ ඝාතනයකි, කොක්අඩිචෝලෙයි ඝාතනය.
මෙහිදී ඝාතනයට ලක් වූ 230කගේ නම් සඳහන් කරමින් මඩකලපුව කොක්කඩිචෝලේහි මයිලඩිතිව් හි ස්ථාපිත කර තිබෙන ස්මාරකය අභියසදී මෙන්ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පොංගු තමිල් ස්මාරකය අසලදී ද වාර්ෂිකව සැමරුම් පැවැත්වේ.

ශරීරවත් සොයාගන්න බැරි විදිහට අපේ ජනතාව ගිනි තියා මැරුවත් අපි ගත් තීරණ තවමත් නැති වෙලා නැහැ. අපි ඉදිරියට තැබූ කකුල පිටිපස්සට ගන්නෙ නැහැ. ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වුණාට පස්සෙ, පොලිස් විශේෂ කාර්ය බලකායක් හදලා තමයි කොක්කඩිචෝලෙයි සමූහ ඝාතනය සිදු කළේ. වසර 30ක් ගිහිල්ලත් මේ සමූහ ඝාතනයට තවමත් යුක්තිය ඉටුවෙලා නැහැ. කිසිදු අධිකරණයක් මේ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්න මැදිහත් වෙලා නැහැ. ඒ නිසා අපි තවදුරටත් රට තුළ අධිකරණය ගැන විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නෙ ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියකින් මෙවැනි ඝාතන සිදු කළ ඝාතකයන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉටු කළ යුතුයි කියලා.
දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන පුෂ්පලිංගම් විකල්ප වෙබ්අඩවියට එසේ පවසා තිබිණි.

1987 ජනවාරි 28 සහ ඊට ආසන්න දින කිහිපය තුළ 200කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කරන ලද අතර එම ඝාතනයට විශේෂ කාර්ය බලකාය සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකරනවා යැයි කියා බලයට පත් වූ ආණ්ඩු මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු දෙයක් කළේ නැහැ.‘ තමිල් අරසු කච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිර්මලනාදන් පවසන්නේ එවැන්නකි.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...