රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

Share post:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී තිබූ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර 05ක ඉඩමක් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති බවත්, බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම රජයට පවරා ගැනීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ. හෙක්ටයාර 2.0234ක මෙම ඉඩම 2023 මැයි 24දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසර 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී ඇත. අක්කරයක් රුපියල් 50,000ක මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොන්දේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසුවේ මීට පෙර සිටි සංගමයේ විධායක සභාව මගින් මේ ඉඩම ලබාගෙන ඇති බවයි. එහෙත් වර්තමාන විධායක සභාව පත්වීමෙන් පසු එම ඉඩම අනවශ්‍ය බව 2025 අගෝස්තු 28දා ලිඛිතව දැනුම් දී ඇති බව පැවසූ ලේකම්වරයා, 2025 සැප්තැම්බර් මාසය දක්වා අදාළ ඉඩමට නියමිත බදු මුදල් සියල්ල ගෙවා ඇති බව ද සඳහන් කළේය.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...