98 වැනි ඔස්කාර් සම්මාන උළෙල – 2026 නිර්දේශ නාම ප්‍රකාශයට පත්වේ

Share post:

ලෝක සිනමාවේ අග්‍රගන්‍ය තරු රාත්‍රිය වශයෙන් සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල ( 98 th Academy Awards – 2026 )
98 වැනි වතාවටත් එළැඹෙන 2026 මාර්තු මස 15 වැනිදින ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ Dolby Theatre හිදී අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වේ. එහි නිර්දේශ නාම ඊයේ රාත්‍රියේ දී ප්‍රකාශයට පත්කරන ලදි. එම නිර්දේශ මෙසේ ය.

Best picture
Bugonia
Frankenstein
F1
Hamnet
Marty Supreme
One Battle After Another
The Secret Agent
Sentimental Value
Sinners
Train Dreams

Best actor
Timothée Chalamet – Marty Supreme
Leonardo DiCaprio –
One Battle After Another
Ethan Hawke – Blue Moon
Michael B Jordan – Sinners
Wagner Moura – The Secret Agent

Best actress
Jessie Buckley – Hamnet
Rose Byrne – If I Had Legs I’d Kick You
Kate Hudson – Song Sung Blue
Renate Reinsve – Sentimental Value
Emma Stone – Bugonia

Best supporting actress
Elle Fanning – Sentimental Value
Inga Ibsdotter Lilleaas –
Sentimental Value
Amy Madigan – Weapons
Wunmi Mosaku – Sinners
Teyana Taylor – One Battle After Another

Best supporting actor
Benicio del Toro –
One Battle After Another
Jacob Elordi – Frankenstein
Delroy Lindo – Sinners
Sean Penn – One Battle After Another
Stellan Skarsgård – Sentimental Value

Best director
Paul Thomas Anderson –
One Battle After Another
Ryan Coogler – Sinners
Josh Safdie – Marty Supreme
Joachim Trier – Sentimental Value
Chloé Zhao – Hamnet

Best adapted screenplay
Bugonia
Frankenstein
Hamnet
One Battle After Another
Train Dreams

Best original screenplay
Blue Moon
It Was Just an Accident
Marty Supreme
Sentimental Value
Sinners

Best original song
Dear Me – Diane Warren: Relentless
Golden – KPop Demon Hunters
I Lied to You – Sinners
Sweet Dreams of Joy – Viva Verdi!
Train Dreams – Train Dreams

Best original score
Bugonia
Frankenstein
Hamnet
One Battle After Another
Sinners

Best international feature
It Was Just an Accident
Sentimental Value
Sirât
The Secret Agent
The Voice of Hind Rajab

Best animated feature
Arco
Elio
KPop Demon Hunters
Little Amélie or the Character of Rain
Zootopia 2

Best documentary feature
Come See Me in the Good Light
Cutting Through the Rocks
Mr. Nobody Against Putin
The Alabama Solution
The Perfect Neighbor

Best costume design
Avatar: Fire and Ash
Frankenstein
Hamnet
Marty Supreme
Sinners

Best make-up and hairstyling
Frankenstein
Kokuho
Sinners
The Smashing Machine
The Ugly Stepsister

Best production design
Frankenstein
Hamnet
Marty Supreme
One Battle After Another
Sinners

Best sound
Frankenstein
F1
One Battle After Another
Sinners
Sirât

Best film editing
F1
Marty Supreme
One Battle After Another
Sentimental Value
Sinners

Best cinematography
Frankenstein
Marty Supreme
One Battle After Another
Sinners
Train Dreams

Best visual effects
Avatar: Fire and Ash
F1
Jurassic World Rebirth
Sinners
The Lost Bus

Best live action short
A Friend of Dorothy
Butcher’s Stain
Jane Austen’s Period Drama
The Singers
Two People Exchanging Saliva

Best animated short
Butterfly
Forevergreen
Retirement Plan
The Girl Who Cried Pearls
The Three Sisters

Best documentary short
All the Empty Rooms
Armed Only with a Camera: The Life and Death of Brent Renaud
Children No More: Were and Are Gone
The Devil Is Busy
Perfectly a Strangeness

Best casting
Hamnet
Marty Supreme
One Battle After Another
Sinners
The Secret Agent

විචාර සටහන :
98 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශ නාම ලැයිස්තුව ඊයේ රාත්‍රියේ
ප්‍රකාශයට පත්කරන ලද්දේ ඔස්කාර් ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී වාර්තාවක් බිහි කරමිනි. එනම් ඒ රයන් කුග්ලර් ( Ryan Coogler ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Sinners චිත්‍රපටය ඔස්කා සම්මාන දාසයක් ( 16 ) සදහා නිර්දේශ වී තිබීමයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ චිත්‍රපටය ත්‍රිත්වයක් අපට ඔස්කාර් සම්මාන ඉතිහාසය තුළ හමුවේ. එනම් ඒ All About Eve – 1950 / Titanic -1997 හා La La Land – 2016 යන චිත්‍රපට ත්‍රිත්වය යි. මෙම චිත්‍රපට ත්‍රිත්වයම නිර්දේශ වී තිබුණේ ඔස්කාර් සම්මාන දාහතරක් (14 ) සදහා පමණි.

වසරේ හොදම චිත්‍රපටය ( Best Picture ) සදහා වූ ඔස්කාර් සම්මානය සදහා චිත්‍රපට දහයක් (10 ) මෙවර නිර්දේශ වී ඇත්තේ ය. ඒවා අතර 2025 / 2026 යන වසරවල විවිධ සම්මාන දිනාගත් වැදගත් චිත්‍රපටය කීපයක්ම එනම්, ඒ Frankenstein / Hamnet / Marty Supreme
/ One Battle After Another / The Secret Agent / Sentimental Value / Sinners යනාදී වැදගත් චිත්‍රපටයි. මෙහිලා 78 වැනි කාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ ( 78 th Cannes International Film Festival-2025 ) දී Grand Fix සම්මානය දිනාගත් ස්විඩන් චිත්‍රපටයක් Sentimental Value ඔස්කාර් සම්මාන අටක් ( 8 ) සදහා නිර්දේශ වී තිබීම ද සුවිශේෂී කාරණාවක් වන්නේ ය.

2025 වසරේ තවත් සම්මානනීය චිත්‍රපටයකි, One Battle After Another . මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන දොළහක් (12 ) සදහා නිර්දේශ වී ඇත්තේ ය.
2025 වසරේ තවත් සම්මානනීය චිත්‍රපටයකි, Marty Supreme. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන අටක් ( 8 ) සදහා නිර්දේශ වී ඇත්තේ ය.
2025 වසරේ තවත් සම්මානනීය ( TIFF / Best Movie : People’s Choice Award : 2025 ) චිත්‍රපටයකි, Hamnet . මෙම චිත්‍රපටය ඔසාකාර් සම්මාන අටක් ( 8 ) සදහා නිර්දේශ වී ඇත්තේ ය.

2025 වසරේ විචාරක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්වූ බ්‍රසීලියානු චිත්‍රපටයකි, The Secret Agent. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන හතරක් ( 4 ) සදහා නිර්දේශ වී තිබීම ද තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ ය.

Netflix ඩිජිඩල් පැලැට්ෆෝමය විසින් විකාශය කරන ලද 2025 වසරේ දී සම්මානනයට පාත්‍ර වූ තවත් චිත්‍රපටයකි, Frankenstein. මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන නමයක් ( 9 ) සදහා නිර්දේශ වී ඇත්තේ ය.

2025 වසරේ තවත් ඉහළම බොක්ස් ඔෆීස් ආදායම් ලැබූ චිත්‍රපටයකි, FI . මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන හතරක් ( 4 ) සදහා නිර්දේශ වී ඇත්තේ ය.
2025 වර්තමානයේ ලොව වැඩිම බොක්ස් ඔෆීස් වාර්තාවට හිමිකම් කියූ එනම්, ලෝක ප්‍රදර්ශනයෙන් ඩොලර් බිලියනයකට අධික ආදායමක් උපයන ලද Avatar : Fire and Ash චිත්‍රපටය ඔස්කාර් සම්මාන දෙකක් ( 2 ) සදහා නිර්දේශ වී ඇත්තේ ය. ඒ Best Costume Design හා Best Visual Effects යනාදී අංශ වෙනුවෙනි.

98 ඔස්කාර් සම්මාන උළෙලත මෙවර වැඩි තරගකාරීත්වය ඇත්තේ වසරේ හොදම චිත්‍රපටය සදහා වූ සම්මානය වෙනුවෙනි. 2025 වසරේ යුරෝපයේ පැවති ප්‍රධාන සිනමා සම්මානන උළෙලවල දී මෙහි චිත්‍රපටය කීපයක්ම
එනම් Hamnet / Marty Supreme / One Battle After Another / The Secret Agent / Sentimental Value විවිධ සම්මානවලින් පිදුම් ලද බව පෙනේ.
ගෝලීය ප්‍රේක්ෂකාගාරයේ හෝ විචාරක

ප්‍රජාවගේ කවරෙකුට වුවද සම්මාන දිනාගන්නේ කුමන චිත්‍රපටය ද එසේ නොමැති නම් කුමන නළුවා හා නිළිය ද සෙසු සම්මාන දිනාගන්නේ කුමන චිත්‍රපටය ද හෝ කුමන ශිල්පියාද යන අනාවැකි කියනු බැරිය. ඒ තරමටම මෙය සංකීර්ණ හා තරගගාරී වන්නේ ය.
එනමුත් මගේ පූර්ව නිගමනය අනුව Hamnet / One Battle After Another යන හොලිවුඩ් ‍චිත්‍රපට දෙක සෙසු චිත්‍රපටවලට වඩා වසරේ හොදම චිත්‍රපටයට හිමි සම්මානනය සදහා ඉදිරියෙන්ම තිබෙන බව කිවයුතුය .

ලෝක ප්‍රේක්ෂකාගාරයේ හා විචාරක ප්‍රජාවගේ කුතුහලය එළැඹෙන මාර්තු මස 15 වැනිදින නිසි පිළිතුරු ලැබෙනු ඇත. එතෙක් කොයි කාටත් ඉවසාගෙන සිටීමට සිදුවනු ඇත.

විශේෂ සටහන :
මේ ගෙවෙන්නේ ඔස්කාර් සම්මාන ඉතිහාසයේ අනූඅට වැනි වර්ෂය යි. මේසා වූ දිගු කාලවකවානුවක් පුරාවට හැත්තෑනව වසරක් සපිරි ශ්‍රීලාංකේය සිනමාව එහි අහළකටවත් එනම්, අඩුම තරමින් නිර්දේශ වීමක් සදහාවත් ඒමට නොහැකි විය. මතුයම් දිනෙක ඔබ – අප ජීවතුන් අතර නොසිටියත් ඔස්කාර් සම්මාන ඉතිහාසයේ එකසියපනස් වැනි ( 150 ) උළෙල සදහාවත් ශ්‍රීලාංකේය චිත්‍රපටයක් නිර්දේශ වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. එදාට අපට කුමන හෝ ලොවක හිඳ ඒ පිළිබදව හදවතින්ම සතුටු විය හැකියි.

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

දීපිකා රුවන්මලී කොඩිකාරගේ ”මද සිනා නගන විල් දිය’

දීපිකා රුවන්මලී කොඩිකාරගේ ''මද සිනා නගන විල් දිය' කාව්‍ය සංග්‍රහයෙන් කවි දෙකක් . රුවන්මලී කොඩිකාරමෙය 2025 වසරේදි ප්‍රකාශයට...

තිරංජනී චන්ද්‍රිකාගේ ‘පත්තම්මා’

2025 නොවැම්බර් 26 වෙනිදා තිරංජනී චන්ද්‍රිකාගෙ 'පත්තම්මා' කෘතිය දොරට වැඩියා. ඒක බොහොම චාම් උත්සවයක්. ඒත් එදා වේදිකාව මත...

ගාන්ධි සහ අම්බෙඩ්කාර් දෙදෙනා අතර පැවති විවාදය පිලිබඳව ලියවුණු අරුන්දතී රෝයිගේ කෘතිය

කේරළයට ගිය කෑරලා-2 කේරළ ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නොසැලී සිටිනා තිදෙනෙකි. මැදින් සිටින්නා හිඳගත්වනමය. හේ මහත්මා ගාන්ධි ය. ඔහුට...

කේරළයේ දැන් වසර දහයක් තිස්සේ ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය යටතේ ඇති ආණ්ඩුවකි

කේරළයට ගිය කෑරළා (01) කෙටි පිම්මකින් ඉන්දියන් සයුරින් එතෙරට පිනූ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බැස ආගමන නිලධාරීන්ගේ කවුළුව සහ...