කැනේඩියානු ජාතික සම්මානනීය තිර-රචක හා අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් ( James Cameron ) විසින් අධ්‍යක්ෂණය කරන ලද Avatar : Fire and Ash Avatar – 2025 චිත්‍රපටයේ ලෝක ප්‍රදර්ශනය ඊයේ දින ( එනම්, දෙසැම්බර් 18 වැනිදින ) ආරම්භ විය. මීට පෙර පැන්ඩෝරා චාරිකාවේ ( A Pandora Journey ) පළමු දිගහැරුම ලෙස Avatar – 2009 චිත්‍රපට ද එහි දෙවැනි දිගහැරුම වශයෙන්ද Avatar : The Way of Water – 2022 වශයෙන් ද ලෝක ප්‍රේක්ෂකාගාරයට එක්විණි. මෙහි තෙවැනි දිගහැරුම නම් Avatar : Fire and Ash චිත්‍රපටය යි. ඒ පිළිබදව තබන මගේ විචාර සටහන මෙතැන් සිට අරඹමි.
චිත්‍රපටයේ නාමාවලිය :
Movie Title : Avatar : Fire and Ash”
Directed by James Cameron
Screenplay by
James Cameron
Rick Jaffa
Amanda Silver
Story by
James Cameron
Rick Jaffa
Amanda Silver
Josh Friedman
Shane Salerno
Produced by
James Cameron / Jon Landau
Starring
Sam Worthington
Zoe Saldaña
Sigourney Weaver
Stephen Lang
Kate Winslet
Cinematography by Russell Carpenter
Edited by by
Stephen E. Rivkin
David Brenner
Nicolas de Toth
John Refoua
Jason Gaudio
James Cameron
Music by Simon Franglen
Production Company
Lightstorm Entertainment
Distributed by 20th Century Studios
Release Dates
December 1, 2025 (Dolby Theatre )
December 17, 2025
(Germany and Phillipines)
December 19, 2025 (United States)
Running Time : 197 minutes
Country : United States 🇺🇸
Language : English
Budget : $ 400+ million
චිත්‍රපටය න්‍යායාත්මක කියවීම:
වර්තමාන ලොව තියුණුම හා බලවත්ම ප්‍රකාශන මාධ්‍ය සිනමාව බවත් එහි කලාත්මක හෝ නව්‍යමය තාක්ෂණය සමගින් මුසුවූ නිර්මාණයක් වෙත්ද ඊට එක රැයකින් ලෝක ප්‍රේක්ෂකාගාරය තම වසඟයට ගැනීමට හැකි බවත් Avatar : Fire and Ash චිත්‍රපටය තුළන් කැමරන් විසින් යළිදු වරක් උදාහරණ සහිතව තහවුරු කොට පෙන්වා දී ඇතිබව පළමුව සදහන් කරනු වටී. මෙය තවත් ආකාරයකට විග්‍රහ කරන්නේ නම් හොලිවුඩ් සිනමාවේ නිර්මාණාත්මක සිනමා චින්තනය ට ( A Creative Cinama Thinking ) හා නවීන සිනමා තාක්ෂණය ට ( A Morden Cinama Technology ) ලොව අන් කිසිදු රටක සිනමාවකට අභියෝගය කිරීමට නොහැකිය යන නිල-මුද්‍රාව තවත් වරක් ගෝලීය ප්‍රේක්ෂකාගාරය මත තැබීමට මෙම සූර අධ්‍යක්ෂකවරයා වෙසෙසින්ම සමත්වී ඇත්තේ ය.


Avatar චිත්‍රපට මාලාව පාරසරික චිත්‍රපට ( Environmental Movies ) යන ශානරයට අයත් වන්නේ ය. එනම් ඒ අධ්‍යක්ෂකවරයා විසින් මනෝමය වශයෙන් නිර්මාණය කරන ලද පැන්ඩෝරා ( Pandora ) නැමති අසාමාන්‍ය ජනතාවක් දිවිගෙන ග්‍රහලෝකයක වූ අසිරිය යි. එමගින් සොබාදහමේ විචිත්‍රත්වය හා අසිරිය ද අහස – පොළව හා පියවි ඇසට නොපෙනෙන මානයක් කරා විහිද ගිය මුහුද හා අහසෙහි වූ ඉර – සඳ – තරු වළාකුළු ද පොළවෙහි වූ කදු හෙල් – ඝණ වනාන්තර – ඇළ – දොළ – ගංගා හා අපට කිසිවිටෙක අදහාගත නොහැකි ගුවනේ පාවෙන දැවැන්ත ගල්කුළු අතරින් ගලාහැලෙන සුන්දර දිය- ඇළි ද මුහුදෙහි වූ කරදිය,වළලු – සුන්දර ගල්කුළු එසේම ඩයිනෝසර යුගයේ දී පවා අපට දැකගන්නට නොලැබුණු දැවැන්ත හා විචිත්‍රවත් නානාවිධ පක්ෂීන් හා ඊට නොදෙවැනි අති-දැවැන්ත මුහුදු මත්ස්‍යයන් සිටින විශ්මිත ලොවක් පිළිබඳව කියැවෙන බැවිනි. එනම් ඒ පැන්ඩෝරාවන්ගේ ලොව ( A Pandora’s World ) යි.
මෙම පැන්ඩෝරා ලොව සොබාදහමේ අපූරු නිර්මාණයකි. එහි පැන්ඩෝරාවන් ඇතුළුව ජීවි / අජීවි සෑම කොටසක්ම සොබාදහමේ අපූරු නිර්මාණයන් ය.
පැන්ඩෝරාවන් මිහිතලය මත වෙසෙන මිනිස්සුන්ට වඩා සොබාදහම සමගින් වෙසෙසින්ම බැදී ඇත්තේ ය. එනම් ඒ උප්පත්තියේ සිට මරණමංචකය දක්වාම සොබාදහම සමගින් ඔවුන් කරන අපූරු ගණුදෙනුව නිසාය.


Avatar -1 චිත්‍රපටය තුළින් ගෝලීය ප්‍රේක්ෂකාගාරය දැන-හදුනා ගත් පැන්ඩෝරා ප්‍රජාව Avatar: Why of Water චිත්‍රපටය තුළින් තවත් මුහුද ආශ්‍රිතව දිවිගෙන පැන්ඩෝරා ප්‍රජාවකට එකතු වී තම පැවැත්ම හා ආරක්ෂාව පිණිස සහාසික වූයේ කිනම් ආකාරයකට ද ඊට වඩා වැඩි-ගුණයකින් ඔවුන් Avatar: Fire and Ash චිත්‍රපටය තුළන් සහාසික වී ඇතිවන පෙනේ. අපි බලන කොණයෙන් එසේ පෙනුනද ඔවුන්ගේ පැත්තෙන් ඔවුනට සහාසික වීමට අතිශයින්ම සාධාරණ හේතුකාරණා බොහොමයක්ම ඇත්තේ ය. එහි මුඛ්‍ය අරමුණ වනුයේ තම වර්ගයාගේ ආරක්ෂාව – පැවැත්ම යි.
පැන්ඩෝරාවන්ගේ ලෝකය සරලය . එසේම ( ඉතා ) සුන්දර ය. ඔවුනට තම පවුල , ගෝත්‍රය හා සොබාදහම පරිභාහිරව දිනාගැනීමට හෝ තවත් ලොවක් ආක්‍රමණය කොට රුධිර ගංගාවක් මතින් දිනාගැනීමට කිසිවක් නොමැත. මක්නිසාදයත් ඒ සොබාදහම විසින් ඔවුනට සෑම දෙයක්ම නොඅඩුව ලබාදී තිබෙන බැවිනි. එනමුත් ඔවුනට තම ලෝකය ද තම ප්‍රජාවගේ පැවැත්ම හා එහි ආරක්ෂාව ද අතිශයින්ම වැදගත් ය. ඒ වෙනුවෙන් ඔවුහු දෙවරක් නොසිතා කොන්දේසි විරහිතව ඉදිරිපත් වෙති. එසේම දිවිපරදුවට තබා සටන් වදිති.
පැන්ඩෝරාවන්ගේ පරම සතුරන් වනුයේ ඔවුන්ගේ භාෂාවෙන් හදුන්වන “අහස් මිනිසුන්” ( Sky People ) ය. ඔවුහු නානා වේශයෙන් හා නානාවිධ නවීන තාක්ෂණය යොදාගෙන තම පටු හා ලාභ ඵල-ප්‍රයෝජන තකා ඔවුන්ගේ ලෝකය ආක්‍රමණය කිරීමට නිරන්තරයෙන්ම උත්සුක වෙති. මෙම ආක්‍රමණය Avatar – 1 චිත්‍රපටයෙන් ආරම්භ වී Avatar : The Way of Water චිත්‍රපටයේ දක්වාම විත් Avatar: Fire and Ash චිත්‍රපටයෙන් උච්චතම අවස්ථාවට පැමිණ ඇත්තේ තම විරුද්ධවාදීන් ලෙස තමුන්ගේ වර්ගයාගේ තවත් ජන කොට්ඨාශයයක් අහස් මිනිසුන් සමගින් එක්වීම නිසා ය. මෙම ජන කොට්ඨාශය “ගින්දර” ( Fire ) තම දෙවියා හා ගැලවුම්කරුවා යැයි දිවිහිමියෙන් අඳහන අතිශයින්ම බිහිසුණු හා ප්‍රචණ්ඩකාරී පැන්ඩෝරා ගෝත්‍රයකි. ඔවුන් ගින්දර හා අළු ( Fire and Ash ) මතින් නිර්මිත පැන්ඩෝරා ලොවක් දකිනු රිසියෙන් ක්‍රියාත්මක වේ.
Avatar Fire and Ash චිත්‍රපටයෙන් කියැවෙන්නේ අහස් මිනිසුන් සමගින් එක්ව පැන්ඩෝරා ලෝකය ආක්‍රමණය කිරීමට සැරසෙන තවත් පැන්ඩෝරා ගෝත්‍රයක් පිළිබඳව ය. එසේ වී නම්, පැන්ඩෝරාවන් තම ජීවිත ආරක්ෂාව හා එහි පැවැත්ම පිණිස මෙම ආක්‍රමිකයන්ට මුහුණදෙන්නේ කෙසේ ද ?. එය හරියට දැනගැනීමට අවශ්‍ය නම් ඔබට නුදුරේ දිනෙක Avatar : Fire and Ash චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹීමට සිදුවන්නේ ය.
[ මතු බැඳේ ]
පූජ්‍ය ඇතිපොළ මංගල හිමි





