Kangaroo Cabs මගීන් සමග එක් වී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවයි !

Share post:

පසුගිය ඔක්තෝබර් මාසය හෙවත් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් Kangaroo Cabs විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබිණි. එම වැඩසටහන යටතේ මගී ආසනයේ ඉහළ කොටස විශේෂ QR කේතයකින් සමන්විත රෝස පැහැති රිබන් පටියකින් සරසා තිබිණි. එම කේතය හරහා Kangaroo Cabs නිල වෙබ් අඩවියට පිවිස පියයුරු පිළිකාවලට අදාළ වැදගත් කරුණු සහ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳ තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි. මෙරට වඩාත් විශ්වාසනීය කුලී රථ සේවා සමාගමක් වන Kangaroo Cabs දෛනිකව පාරිභෝගිකයන් දහස් ගණනකට සේවා සපයයි. එම සමාගම ගුවන්තොටුපොළ ගමන්වල සිට විදෙස් සංචාරකයන් සඳහා වන පෞද්ගලික චාරිකා දක්වා සියලු ප්‍රවාහන සේවා සපයයි. මෙම සුවිශේෂ වැඩසටහන තුළින් දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් අතරද පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමට හැකියාව ලැබිණි.

මෙම වැඩසටහන බොහෝ සේ අගය කළ මගීන් ඒ පිළිබඳව රියැදුරන් සමග අදහස් හුවමාරු කර ගත් අතර ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව රියැදුරෝ ප්‍රධාන කාර්යාලය දැනුවත් කළහ. ඒ තුළින් මෙම වැඩසටහනෙන් ඇති වූ ධනාත්මක බලපෑම පිළිබිඹු වේ. “එදිනෙදා කුලී රථ ගමනක් තුළින් ඉතා වැදගත් පණිවුඩයක් සමාජගත කිරීමට ලැබීම අපට විශාල ආඩම්බරයක්. රෝස පැහැති රිබන් පටියකින් සමාජයට ධනාත්මක බලපෑමක් කරන්නට අපට හැකි වුණා. කුඩා ක්‍රියාවකින් පවා අර්ථවත් යමක් කළ හැකි බව මේ තුළින් තහවුරු වෙනවා.” Kangaroo Cabs සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. Kangaroo Cabs දෛනිකව ගනුදෙනු කරන දහස් ගණනක් මගීන් හරහා මෙම පණිවුඩය ඉතා හොඳින් සමාජගත කිරීමට ඔවුන්ට හැකි විය.  පිළිකාවෙන් ජීවිත බේරා ගැනීමට වඩාත්ම ප්‍රතිපලදායක ක්‍රියා මාර්ගය කල් ඇතිව පිළිකාව හඳුනා ගැනීම බව ජනගත කිරීමෙන් ඉතා යහපත් ප්‍රතිපල ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.ප්‍රවාහන සේවා සැපැයීමට අමතරව සමාජ වගකීම අඩුවකින් තොරව ඉටු කිරීම Kangaroo Cabs සමාගමේ අපේක්ෂාවයි. ඉදිරියේදීත් ආරක්ෂාව සහ ප්‍රජා යහපත වෙනුවෙන් බොහෝ වැඩසටහන් දියත් කිරීමට ඔවුන් සැළැසුම් කර ඇත. මගීන්ගේ දායකත්වයද ලැබෙන ලෙස එම වැඩසටහන් සංවිධානය කිරීම සුවිශේෂ කරුණකි. www.kangaroocabs.com වෙතින් වැඩි දුර තොරතුරු ගත හැකිය.

Related articles

‘ණයානන්දය’ – සුරත් ද මෙල්

ජීවිතයේ සිව්වන දශකය යනු තාරුණ්‍යයේ උපරිමයත් මැදි වියේ එළිපත්තත් අතර සංක්‍රාන්ති සමයයි. ⁣මෙම අවධියේදී සමහරු විවාහ වී තෘප්තිමත්ව...

උසස් අධ්‍යාපන ආයතනවල හැංගිමුත්තන් සෙල්ලං බෑ – තොරතුරු අයිතිය තහවුරු කරමින් අභියාචනාධිකරණයෙන් තවත් තීන්දුවක් !

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ප්‍රවේශ විභාගයට පෙනී සිටි සිසුවියකට ඇගේ ලකුණු කළ පිළිතුරු පත්‍රය පරීක්ෂා කිරීමට ලබා...

ත්‍රිකුණාමලය මහ රෝහලේ බිලිඳු මරණය : වැඩවර්ජන නිසා සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කළ ත්‍රිකුණාමලය GMOA සභාපතිගේ වැඩ තහනම් !

රිකුණාමලය දිස්ත්‍රික් මහා රෝහලේ රාජකාරි වේලාව තුළ සේවය පැහැර හැර පෞද්ගලික රෝහලක සේවය කිරීම සහ රාජකාරියට වාර්තා කළ...

කපිල චන්ද්‍රසේන : මරණයේ හෙවනැලි සහ දූෂණයේ අවතාර !

කපිල චන්ද්‍රසේනගේ මරණය ආන්දෝලනාත්මක ය. එහිදී සිදු වූයේ කුමක්ද යන්න ඉදිරි විමර්ශනවලින් පසු තීරණය වනු ඇත. එතෙක් මරණ...