තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන්  වෙයි !

Share post:

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන් විය. සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයට පිවිසීමට උනන්දුවක් දක්වන සිසුන්, උපාධිධාරීන් සහ තරුණ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය.තෙවැනි වරට පැවැත්වුණු රැකියා පොළ තරුණ තරුණියන්ට සම්මුඛ පරීක්ෂණ, වෘත්තීය මාර්ගෝපදේශන සැසි සහ වැඩමුළු හරහා ප්‍රධාන සමාගම් සමග සම්බන්ධ වීමට අවස්ථාව සැළසීය.

රැකියා පොළ අමතමින් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේ මෙම සංකල්පය තුළින් බොහෝ හවුල්කාරිත්ව සහ අවස්ථා නිර්මාණය වන බවයි. “මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට විශාල සතුටක්. සියලු දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඒ අරමුණ අති සාර්ථකව ඉටු කර ගන්නට හැකියාව ලැබෙනවා. මේ රැකියා පොළ ඊට හොඳම උදාහරණයක්. අද වන විට බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඔවුන් ඉන්නේ කොහෙද සහ රැකියාවක් සොයා ගන්නේ කොහොමද කියලා. රජයක් වශයෙන් අපි සංචාරක ක්ෂේත්‍රය ඔසවා තබන්න බොහෝ දෑ සිදු කරනවා. වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. නමුත් ජනතාව ඔවුන්ට තිබෙන අවස්ථා පිළිබඳව දැනුවත් නැහැ. මෙවැනි වැඩසටහන් තුළින් ඔවුන්ට සියලු තොරතුරු ලැබෙනවා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට, උපාධිධාරීන්ට සහ තරුණ වෘත්තිකයන්ට ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට වගේම දැනටමත් ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයන්ට තවත් ඉහළට යන්නට අවස්ථාව ලැබෙනවා.”

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන ගෝලීය තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සංවිධානය කළ සැමරුම් වැඩසටහනේ කොටසක් ලෙස රැකියා පොළ පැවැත්විණි. මෙවර ලෝක සංචාරක දිනය වෙනුවෙන් පළාත් මට්ටමේ තරගාවලිවල පටන් අන්තර්ජාතික මට්ටමේ සම්මන්ත්‍රණ දක්වා පුළුල් පරාසයකින් යුතු වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබුණු අතර එය මෑත කාලයේ පැවැත්වුණු සංචාරක සැමරුම් අතර කැපී පෙනෙන එකක් විය.සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ අධ්‍යයන ආයතනය (SLITHM), ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL) සහ ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO) මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි. සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (AATEHM) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තිරසාර සංචාරක ඒකකයද ඊට සහයෝගය දැක්වීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...