වසීම් තාජුඩීන් යම් කිසි අසාධාරණයකට ලක්වී තිබේ නම්… ? – පා.ම. නාමල් රාජපක්ෂ

Share post:

වසීම් තාජුඩීන් යම් කිසි අසාධාරණයකට ලක්වී තිබේ නම් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එසේ නොකළහොත් එය ඔහුගේ ආත්මයට සිදුකරන අසාධාරණයක් බව නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියි.

අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති යහපාලන ආණ්ඩුව ද වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවත්, මෙම නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාව බලහත්කාරයෙන් බොරු සාක්ෂි ලබාගැනීමට එදා නිලධාරීන් කටයුතු කළ බවයි.

එසේ කටයුතු කළ එම නිලධාරීන් ම අද ආණ්ඩුවේ ඉහළ තනතුරුවල සිටින බව ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් බොරු සාක්ෂි නිර්මාණය කරමින් ආණ්ඩුව සතුටු කිරීමට උත්සාහ කරන බවයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...