වසීම් තාජුඩීන් යම් කිසි අසාධාරණයකට ලක්වී තිබේ නම්… ? – පා.ම. නාමල් රාජපක්ෂ

Share post:

වසීම් තාජුඩීන් යම් කිසි අසාධාරණයකට ලක්වී තිබේ නම් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

එසේ නොකළහොත් එය ඔහුගේ ආත්මයට සිදුකරන අසාධාරණයක් බව නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියි.

අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් ආණ්ඩුව මෙන්ම ඊට පෙර පැවති යහපාලන ආණ්ඩුව ද වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවත්, මෙම නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාව බලහත්කාරයෙන් බොරු සාක්ෂි ලබාගැනීමට එදා නිලධාරීන් කටයුතු කළ බවයි.

එසේ කටයුතු කළ එම නිලධාරීන් ම අද ආණ්ඩුවේ ඉහළ තනතුරුවල සිටින බව ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් බොරු සාක්ෂි නිර්මාණය කරමින් ආණ්ඩුව සතුටු කිරීමට උත්සාහ කරන බවයි.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...