තාජුඩීන්ගේ වාහනය පස්සෙන් පන්නපු පිරිස අතර කජ්ජා – බිරිඳ අංගලක්ෂණවලින් හඳුනාගනී !

Share post:

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහුගේ මෝටර් රථය පසුපසින් ගිය වාහනයේ විදානගමගේ අරුණශාන්ත හෙවත් මිද්දෙණියේ කජ්ජා නමැත්තා සිටි බව ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබේ.

එම වාහනයට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, කජ්ජා නමැත්තාගේ බිරිඳට එම දර්ශන පෙන්වා ඇත. පොලිසිය පවසන ආකාරයට ඇය එහිදී එම වාහනයට නගින පුද්ගලයකු පෙන්වා ඒ තම ස්වාමිපුරුෂයා බව අංග ලක්ෂණවලින් හඳුනාගෙන ඇත.

අද (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිසිය පැවසුවේ කජ්ජා විසින් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් ඔස්සේ විමර්ශන සිදුකොට ඔහුගේ බිරිඳගෙන් මේ හඳුනාගැනීම සිදු කළ බවයි.

කජ්ජා නමැත්තා මේ වසරේ මුලදී ඝාතනයට ලක් විය. ඊට පසුගිය දිනෙක අත්අඩංගවට ගැනීමෙන් පසු ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ බැකෝ සමන් නමැත්තා සෘජුව සම්බන්ධ බවට ද කජ්ජාගේ බිරිඳ විසින් තොරතුරු ලබාදී ඇත.

2012 වසරේ මැයි 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දැවී ගිය මෝටර්රථයක් තුළ වසීම් තාජුඩීන්ගේ දේහය තිබී හමු විය. මේ පිළිබඳ විමර්ශන 2015 වසරේදී එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගේ ඉල්ලීමකට අනුව එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නේය. විමර්ශන අතරතුරදී තාජුඩීන්ගේ මරණයට අදාළ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සැකසහිත බව අනාවරණය කරගත් අතර, ඉන්පසු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්ගේ අධීක්ෂණය මත සිරුර නැවත ගොඩගැනිණි. එහිදී අනාවරණය වූයේ වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් නොව ඝාතනයක් බවයි.

වසීම් තාජුඩීන් හැව්ලොක්හි පිහිටි සුපිරි වෙළෙඳසලකින් වතුර බෝතලයක් මිලදීගෙන, නාරාහේන්පිට දෙසට සිය මෝටර් රථය පදවා ඇත. ඒ පිටුපසින් තවත් වාහනයක් වසීම්ගේ වාහනය හඹාගොස් ඇති අතර, කජ්ජා නමැත්තා නැග ඇත්තේ එම වාහනයට ය. එම වාහනයට නැගීමට පෙර එම පුද්ගලයා ඉණට අත් දෙක තබාගෙන සිටින ආකාරය වැනි අංගලක්ෂණ රැසකින් කජ්ජාගේ බිරිඳ ඒ තම ස්වාමිපුරුෂයා බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...