තාජුඩීන්ගේ වාහනය පස්සෙන් පන්නපු පිරිස අතර කජ්ජා – බිරිඳ අංගලක්ෂණවලින් හඳුනාගනී !

Share post:

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වූ දිනයේ ඔහුගේ මෝටර් රථය පසුපසින් ගිය වාහනයේ විදානගමගේ අරුණශාන්ත හෙවත් මිද්දෙණියේ කජ්ජා නමැත්තා සිටි බව ඔහුගේ බිරිඳ විසින් හඳුනාගෙන තිබේ.

එම වාහනයට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු, කජ්ජා නමැත්තාගේ බිරිඳට එම දර්ශන පෙන්වා ඇත. පොලිසිය පවසන ආකාරයට ඇය එහිදී එම වාහනයට නගින පුද්ගලයකු පෙන්වා ඒ තම ස්වාමිපුරුෂයා බව අංග ලක්ෂණවලින් හඳුනාගෙන ඇත.

අද (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පොලිසිය පැවසුවේ කජ්ජා විසින් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් යූටියුබ් නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් ඔස්සේ විමර්ශන සිදුකොට ඔහුගේ බිරිඳගෙන් මේ හඳුනාගැනීම සිදු කළ බවයි.

කජ්ජා නමැත්තා මේ වසරේ මුලදී ඝාතනයට ලක් විය. ඊට පසුගිය දිනෙක අත්අඩංගවට ගැනීමෙන් පසු ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ බැකෝ සමන් නමැත්තා සෘජුව සම්බන්ධ බවට ද කජ්ජාගේ බිරිඳ විසින් තොරතුරු ලබාදී ඇත.

2012 වසරේ මැයි 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල දැවී ගිය මෝටර්රථයක් තුළ වසීම් තාජුඩීන්ගේ දේහය තිබී හමු විය. මේ පිළිබඳ විමර්ශන 2015 වසරේදී එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරටගේ ඉල්ලීමකට අනුව එවකට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන්නේය. විමර්ශන අතරතුරදී තාජුඩීන්ගේ මරණයට අදාළ ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය සැකසහිත බව අනාවරණය කරගත් අතර, ඉන්පසු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන්ගේ අධීක්ෂණය මත සිරුර නැවත ගොඩගැනිණි. එහිදී අනාවරණය වූයේ වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් නොව ඝාතනයක් බවයි.

වසීම් තාජුඩීන් හැව්ලොක්හි පිහිටි සුපිරි වෙළෙඳසලකින් වතුර බෝතලයක් මිලදීගෙන, නාරාහේන්පිට දෙසට සිය මෝටර් රථය පදවා ඇත. ඒ පිටුපසින් තවත් වාහනයක් වසීම්ගේ වාහනය හඹාගොස් ඇති අතර, කජ්ජා නමැත්තා නැග ඇත්තේ එම වාහනයට ය. එම වාහනයට නැගීමට පෙර එම පුද්ගලයා ඉණට අත් දෙක තබාගෙන සිටින ආකාරය වැනි අංගලක්ෂණ රැසකින් කජ්ජාගේ බිරිඳ ඒ තම ස්වාමිපුරුෂයා බව හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...